Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 07

පිනි වගේද ආදරේ – Episode 07

by LADY.LK

නිති හෙට්ටිආරච්චි ලියයි

දැන් හැමෝම හිතාගෙන ඉන්නෙ අශේනිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ බර්ත්ඩේ එකට කාවිංගට කියලා පෝට්‍රේට් එකක් ඇඳගන්න විත්තිය. කොටිම්ම ෂෙනාලි පවා හිතාගෙන ඉන්නෙ එහෙම. අන්තිමට ම කාවිංගගෙන් නම්බර් එක ඉල්ලගෙන අශේනි කාවිංගට ගනං ඉස්සුවා. කාවිංගට ඒක තේරුණේ නෑ. අඳින්න තියෙන්නෙ කාගේ චිත්‍රයක්ද කියලා කාවිංග අහද්දි අශේනි මොකුත් කිවුවෙ නෑ. මේක කාවිංගගෙ හිතේ ප්‍රශ්නයක් විදියට ඉතුරු වුණා. අශේනි හිතුවා හෙට ඔෆිස් එකේදි මුණගැහෙනකංම කාවිංග මේ ගැන හිත හිත ඇති කියලා. ඒ සිතුවිල්ල හරිත් නෑ වැරදිත් නෑ. පහුවදා උදේම අශේනි ඔෆිස් එකට ගියා. චිත්‍රෙ ගැන විස්තර කතා කරගන්නත් එක්ක. මොකද කාවිංග කලින් එන්නම් කියලා තිබුණා. ඒ එක්කම එදා උදේ ෂෙනාලිට ටිකක් නින්ද ගිය නිසා තරමක් පරක්කු වෙනවා කියලා තිබුණා. මේක අශේනිගෙ හිතට සතුටක්. අශේනිට ලැජ්ජා හිතුණා ෂෙනාලි ඉස්සරහා කාවිංගට කතා කරන්න. අශේනි ඔෆිස් එකට යද්දිත් කාවිංග සීට් එකේ හිටියා. අශේනි කාවිංග හිටපු තැනට ගියා.

හලෝ අක්කා… ගුඩ් මෝනිං

අක්කා?

අනේ සොරි අශේනි. ෂෙනාලි අක්කගෙ පුරුද්දටයි මේ

හ්ම්ම්ම් ඒකට කමක් නෑ

මොකද්ද අර කියන්න ලැජ්ජයි කිවුවෙ

ඔයා ඒ ගැනද මුළු රෑම හිත හිත හිටියෙ.

ඔව්…

ඒ කියන්නෙ ඔයාට වෙනිං වැඩක් තිබුණෙ නැද්ද මුළු රෑම මං ගැන හිත හිත ඉන්න

නෑ ඒක නෙමෙයි

එහෙමනං

මං හිතුවෙ ඇයි චිත්‍රයක් අඳින මනුස්සයෙකුට අඳින්න තියෙන්නෙ මොකද්ද කියන්න ලැජ්ජා හිතෙන්නෙ කියල

ආ… ඒක මිසක්

දැන් මොකද්ද අශේනි අඳින්න තියෙන්නෙ?

අපි කන ගමං කතා කරමුද?

ෂෙනාලි අක්කා එනකං ඉන්නැද්ද කන්න.

එයා අද පහු වෙනවලු. ඔයාට එයා නැතුව කන්න බැරිද?

අනේ එහෙම එකක් නෑ.

එහෙමත් නැත්තං මාත් එක්ක කන්න බයයිද?

අපෝ නෑ. යං.

අශේනි කෙලින්ම කෑම එකත් අරගෙන ලන්ච් රූම් එක පැත්තට ගියා. කාවිංග පිටිපස්සෙන් ආවා. දැන් අශේනි එයාට ඕන විදියට කාවිංගව පාලනය කරන්න පටන් අරගෙන කියලා ඒ දෙන්නා කතා කරන විදියෙන් ඔයාලටත් තේරෙන්න ඇති. අපි තාමත් දන්නෙ නෑ අශේනිගෙ හිතේ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියල. හැබැයි අපි පැහැදිලිවම දන්නවා අශේනි කාවිංගට කැමතියි කියලා. 

අදත් ඔයාද ඉවුවෙ කාවිංග?

නෑ අද නංගි ඉවුවෙ?

අද එයාට ලෙක්චර්ස් නැද්ද?

තියෙනවා. යන්නෙ නෑ කිවුවා

ආ අර මොකෝ?

දන්නෙ නැද්ද? ගෑනු ළමයින්ට කම්මැලි වෙනවනෙ හිටපු ගමං

ආ…

ෂහ් නංගිට රසට උයන්න පුළුවන්නෙ

ඔව්… අද සම්බෝල නෑ.. නැත්තං එයා රසටම හදන්නෙ සම්බෝල

ඔයාලගෙ පවුල ෂෝක්…

එච්චරම ෂෝක් එකක් නෑ අශේනි. දැන් තමයි ෂේප්.

ඇයි?

අපේ තාත්තා නැති වුණා මං ඕලෙවල්ස් කරද්දි.

අනේ සොරි කාවිංග.

අනේ ඒකට කමක් නෑ. ඉතිං එයා නැති වුණාම මං ටක් ගාලා ජොබ් එකකට ගියා.

කොහෙද මුලින්ම ජොබ් එක කළේ?

මෙතන. මෙතන බොස් මගෙ තාත්තගෙ යාළුවෙක්. තාත්තගෙ ගෝලයෙක් එයා. තාත්තා ටීචර් කෙනෙක්

හ්ම්ම්ම්… 

ඉතිං මේ අලුත් බිස්නස් එකට මාව ගත්තා.

හොඳයිනෙ… මොකෝ මං උයපුවා රස නැද්ද? කන්නෙ නැත්තෙ

අනේ නෑ කන්න… ඒක නෙමෙයි.

මොකද්ද?

මොකද්ද ඊයෙ කියන්න ලැජ්ජා වුණේ

ආ.. ඒකද?

ඔව්

මට ඔයාට කියලා ඇඳගන්න ඕන මාව

ආ… අච්චර ලැජ්ජා වෙද්දි මං හිතුවා ​බෝයිෆ්‍රෙන්ඩ්ව කියලා.

තාම නෑ. හම්බුණාම එයාගෙත් එකක් ඇඳගන්නංකො.

දෙන්නා දැන් කාලා ඉවර වෙලත් ගොඩක් වෙලා. දැන් අපි හැමෝම දන්නවා අශේනි මුළු ඔෆිස් එකටම බොරුවක් කරපු බව. එයා පෙන්නුවේ එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. දැන් වෙද්දි ෂෙනාලිත් මේ බොරුවට අහුවෙලා ඉන්නෙ. අශේනි කාවිංගට විතරයි ඇත්ත කිවුවෙ. එයාට ඕන වුණේ කාවිංග මොන වගේ කෙනෙක්ද කියලා බලන්න. මොකද අශේනි මොළේ තියෙන කෙල්ලෙක්. එයා හිතට වහල් වෙන්නෙ නෑ. අශේනි සීට් එකේ වාඩි වෙලා ඉද්දි පිටිපස්සෙන් උරිස්සට තට්ටුවක් වැදුනා. අශේනි හිතුවෙ කාවිංග කියලා වුණත්, ඒ හිටියෙ ෂෙනාලි කියලා දැක්කම අශේනි ගැස්සුනා. 

පරක්කු වෙනවා කිවුව නේද?

ඉක්මනට ඇඳගත්තා, ටුක් එකක ආවා. එන ගමං කෑම ගත්තා. කමුද?

ඔයා පරක්කු වෙනවා කියපු නිසා මං කෑව අනේ…

ඒකට කමක් නෑ යමු. මං ෂෝට්ඊට්ස් ගත්තෙ

හා

තනියමද කෑවෙ?

හ්ම්ම්ම්…

කාවිංගට කන්න කතා කරන්න තිබුණනෙ. අර ඇවිල්ල හිටියෙ

ආ එයත් ආව

එහෙමනං තනියම කෑවා කිවුවෙ

මං ඉතිං තනියම කෑවා…

හ්ම්ම්ම්…

අශේනි ෂෙනාලිගෙ මූන දිහා බැලුවා. අශේනිට හිතුනෙ ෂෙනාලි එයාව සැක කරනවද කියලා. මොකද දෙතුන් වතාවක් තනියම කාපු එක ගැන ඇහුවනෙ. කෝකටත් කියපු බොරුව අහු නොවෙන්න කියපු නිසා අශේනි හිටියෙ හිතේ ගින්දරක් නැතුව. ඒ එක්කම අශේනිටත් ආසා හිතුනා කාවිංග කරන බිස්නස් එකම පටන්ගන්න. ඒත් එකම ඔෆිස් එකේ දෙන්නෙක් මේ විදියට පෝට්‍රේට් අඳින එක හොඳ මදියි වගේ හිතුණු නිසා අශේනි ඒක හිතේ කොණකට තල්ලු කරලා දැම්මා. එතකොටම මෙසේජ් එකක් ආවා. ඒ කාවිංග.

අර පෝට්‍රේට් එකට කැමති විදියෙ ෆොටෝ ටිකක් මට දාලා තියනවද?

මෙසේජ් එක දැකපු ගමං අශේනිගෙ මූණට හිනාවක් ආවා. ඒ හිනාව ෂෙනාලි දැක්කා.

ආ කවුද? කාවිංගට කියලා ඇඳගන්න යන චිත්‍රෙද ඒ මෙසේජ් එක දැම්මෙ?

අශේනි ඒ කතාවට ගැස්සිලා ගියා.

ඊලඟ කොටසට…

Related Articles