Home LifestyleFashion ලස්සනයි පෞරුෂයයි දෙකම කැපිලා පේන විදිහට ඇඳුම් තෝර ගන්න විදිහ

ලස්සනයි පෞරුෂයයි දෙකම කැපිලා පේන විදිහට ඇඳුම් තෝර ගන්න විදිහ

by LADY.LK

කොල්ලෝ කෙල්ලෝ හරිම ආසයි ලස්සනට අදින්න. හැබැයි ඒ ලස්සනෙන් ඔබේ
පෞරුෂීය ගුණාංග කැපැලා පෙනෙනවනම් ඔබව තවතවත් සුන්දර වේවී. ඒකට
ගොඩක්ම බලපාන්නේ ඔබ අඳින ඇඳුම්. ඉතිං ඇඳුම් තෝරා ගනිද්දී ලස්සන
ගැනවගේම ඔබේ පෞරුෂීය ලක්ෂණත් කැපිලා පේන විදහෙ ඇඳුම් තොර ගන්න
ඕන.
ඔබේ පෙරුෂත්වය පිළිබඳව බැලීමේදී මුලින්ම ඇහැ යන්නේ ඔබේ බාහිර පෙනුමට.
ඒ ඔස්සේ ඔබ ගැන සිතන අය විවිධ සිතා ගැනීම්වලට එළඹෙන්න පුළුවන්.
කෙනෙකු ඔබව මුල් වතාවට දකින විට ඔබ ගැන ඇතිවන හැඟීම ඉතාමත් ප්‍රබලයි.
ඉතිං ඔබ ගැන යහපත් ප්‍රතිරූපයක් ඒ අයගේ සිත් තුළ ඇති කරන්න ඔබ සිත්
ඇඳගන්නා සුළු පෙනුමකින් යුක්ත විය යුතුයි. සුදු කියන්නේ ලස්සන නෙමෙයි. ඔබ
කොතරම් පැහැපත් වුණත් වැඩක් නැහැ ඔබේ ඇඳුම් විලාසිතා ඔබට ගැලපෙන්නේ
නැත්නම්.
ඇඳුම් තෝරාගන්න හරි විදිහ තමා අඳින පලඳින විදිහෙන් තමන්ගේ වයස, සමාජ තත්ත්වය,
පවුල් පසුබිම, රැකියාව විතරක් නෙවෙයි ආර්ථික තත්ත්වය පවා බාහිර සමාජයට පේන බව
හුඟක් අය හිතන්නෙ නැහැ. ඒ හින්දා ඇඳුම් පැලඳුම් තෝරාගනිද්දි කරුණු කිහිපයක්
ගැනම සැලකිලිමත් විය යුතුයි.
විලාසිතා කරන්න විශේෂ වයසක් නැහැ. හැබැයි විලාසිතා තෝරා ගිනිද්දී තමන්ගේ
වයස ගැනත් හිතන්නම වෙනවා. මොකද ඔබ බිරියක්, මවක් නම් විලාසිතා කරන
විට තමන්ගේ සැමියාගේ, දරුවන්ගේ ගෞරවය ගැනත් හිතලා බල්න්නම වෙනවා.
ගොඩක් අය විශේෂ උත්සවයකට නම් හොඳට ඇඳලා අනිත් දවස්වලට ඔහේ
මොකක් හරි අඳිනවා. ඒත් නියම පර්සනලිටි එකක් තියෙන කෙනෙක්ට තමන්ගේ
ජීවිතේ හැම දවසක්ම වැදගත්. එම නිසා ඕනෑම අවස්ථාවකටගැළපෙන විදිහට
පිළිවෙළට ලස්සනට අඳින්න පළදින්න පුරුදු වීම ඉතා වැදගත්.ඒ වගේම යන උත්සව
අවස්ථාව හෝ ස්ථානය අනුව ඇඳුම් පැලඳුම් තෝරාගත යුතුයි.
සමහර අය හිතන්නේ ලස්සනට අඳින්න මුදල් ගොඩක් අවශ්‍යයි කියලා. එහෙත්
පිළිවෙළයි පිරිසුදුකමයි තියෙනවා නම් අඳින ඕනෑම ඇඳුමක් ලස්සනයි. තිබෙන ඇඳුම්
කිහිපය පිරිසුදුව පිළිවෙළට අඳින්න කාටත් පුළුවන්.
ඒ වගේම තමයි හැම විලාසිතාවක්ම ඔබට ගැලපෙන්නේ නැති බව ඔබ මතක තබා
ගන්න. ඒ කියන්නේ විලාසිතා කොපමණ තිබුණත් තමන්ගේ සිරුරේ ස්වාභාවයට
ගැළපෙන විලාසිතාව තෝර ගැනීමත් වැදගත්කියන එකයි. අපි ඇ ඳම් අදිනකොට

අපේ ශරීර ස්වභාවයේ තියෙන අඩුපාඩු මැකෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝරා ගත
යුතුයි.
ගොඩාක් මහත කෙනකු හරස් අතට ඉරි වැටුණු, විශාල ප්‍රමාණයේ ඇඳුමක් ඇන්දොත්
මහත පෙනුම ඉස්මතු වෙනවා.. ඒ වගේම ඇඳුම් තෝරා ගැනීමේදී තමන්ගේ සමේ
පාට ගැනත් සිතිය යුතුයි. අඳුරු සමක් තිබෙන කෙනෙකුට ඉතා තද පාට ඇඳුම්
ගැළපෙන්නෙ නැහැ.
ඔබ අඳින ඇඳුම් සමඟ ඔබ පාවිච්චි කරන හෑන්ඩ් බෑග් එකේ, සපත්තු දෙකේ පාටත්
ගැළපෙනවා නම් ඔබේ විලාසිතාවට එයින් වැඩි ලස්සනක් එකතු වෙනවා. හැම
ඇඳුමකම පාටට ගැලපෙන්න හෑන්ඩ් බෑග්, සපත්තු ගන්න අපහසු නම් කළු, දුඹුරු
සහ සුදු පාට තුනෙන් සපත්තු ජෝඩු තුනක්, හෑන්ඩ් බෑග් තුනක් අරගෙන තියාගන්න.
එවිට ඔබට අඳින ඇඳුමේ පාටට ගළපා භාවිත කළ හැකයි.
ලස්සනට ඇඳුම් අඳිනවා වගේම ඒ අඳින ඇඳුම් අපේ සිරුරට පහසුව සැලසිය යුතුයි.
ඇඳුමක් ඇඳගෙන කෙනෙක් ඉදිරියට යන්න ආත්ම විශ්වාසයක් නැත්නම් ඒ ඇඳුම
නොඇඳ සිටීම වඩාත් සුදුසුයි. ඒ වගේම ඇතැම් අය තමන්ගේ සමාජ තත්ත්වය
පෙන්වීමටත් විලාසිතා කරනවා. නමුත් එය නම් හොඳ පෞරුෂත්වයක් තිබෙන
අයකුගේ ලක්ෂණයක් නොවෙයි. විලාසිතා කළ යුත්තේ තමන්ගේ ආදායම සහ
ආර්ථික තත්ත්වයට ගැළපෙන විදිහටයි. විලාසිතා කියන්නේ දිනෙන් දින අලුත් වන
කලාවක්. ඒ අතරින් තමන්ට ගැළපෙන විලාසිතා තෝරාගත යුත්තේ අවබෝධයෙන්
යුතුවයි. එන එන විලාසිතාව කරන්න ගියොත් විලාසිතා අතර ඔබ අතරමං වෙන්නත්
ඉඩ තිබෙනවා විතරක් නොවෙයි ඔබ අනෙක් අයගේ සමච්චලයටත් ලක් විය
හැකියි.

Related Articles