Home LifestyleFashion නැබුල් පොල්තෙල් හිසකෙස් සත්කාරය

නැබුල් පොල්තෙල් හිසකෙස් සත්කාරය

by LADY.LK

නැබුල් පොල්තෙල්

හිසකෙස් වලට නැබුල් පොල්තෙල් සත්කාර කිරීම ගැන ඔබ වැඩිදුර දන්නේ නැතුව ඇති. එහෙත් virgin coconut oil ‌නැබුල් පොල් තෙල් කියන්නේ හිස‌‌කෙස් වලට විශ්මිත ගුණ ‌දෙන අපූරු ඔසුවක්.

නිරෝගී කෙස් කළඹක් ඇත්තටම කාගෙත් හීනයක් ඔබේ හිස කෙස් බෙල්ල ලඟටද, ඉන ලඟටද, දණ හිස ලඟටද එහෙමත් නැත්තම් දෙපතුල ලගටම දිගද? කොණ්ඩේ කොච්චර දිගු වුනත් නිරෝගීකමක් නැත්තම් එහි ඵලක් නැහැ .

හිසකෙස් සම්බන්ධයෙන් බොහෝ ගැටළු තියෙනවා. අකලට හිස කෙස් වැටීම, අව පැහැ ගැනීම, වියලි බව, හිස් හොරි , උකුණන් ඔය වගේ බොහොමයක් හේතු නිසා අද අපේ හිසකෙස් නිරෝගී නැහැ. ඒ නිසා හිසකෙස් වලට ලස්සන ‌පෙනුමක් ලැබෙන්‌නෙත් නැහැ. අවලස්සන ‌කෙස් කළඹක් ඔබේ රුව යටපත් කරනවා.

Virgin coconut oil එහෙම නැත්තම් නැබුල් පොල්තෙල් වල ගුණ
පොල් තෙල් වල අඩංගු Lauric අම්ලය හිස කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙනවා. ඒ වගේම හිස කෙස් මුල් ආරක්ෂා කිරීමටත් සහ හිස කෙස් කැඩී යාම වැළැක්වීමටත් උපකාර කරනවා.
නැබුල් පොල් තෙල්වල ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඒවා හිසකෙස් වැවීම වර්ධනය කර ගැනීමට සහ සෞඛ්‍ය තත්වය ඉහල නංවනවා.
මේ නැබුල් පොල් තෙල් වල ප්‍රති-දිලීර හා ප්‍රති-බැක්ටීරියා අම්ල අඩංගුයි.එය හිසකෙස් හා හිස්කබලේ රෝග සුව කර, පෝෂණය කිරීම සඳහා උපකාරී වෙනවා.

නැබුල් පොල් තෙල් ස්වභාවික හිස කෙස් තෙත් කාරකයක් ද වෙනවා.

පිරිසිදු නැබුල් පොල්තෙල් හිස ගල්වා සම්බාහනය කරන්න.

මෙය නිතර කිරිමෙන් නිරෝගී ලස්සන හිසකෙස් කළඹක් ලබාගන්න පුළුවන්.

Related Articles