Home Health & WellnessPhysical Wellbeing ඇපල් කනවනම් මේ ලිපිය නොවරදවාම කියවන්න

ඇපල් කනවනම් මේ ලිපිය නොවරදවාම කියවන්න

by LADY.LK

ඇපල් කියන්නේ රසවත් වගේම බැලූ බැල්මට ලස්සන පළතුරක් කියලා ඔබ මෙච්චර
කල් හිතාගෙන හිටියා නේද? හැබැයි මේ ලිපිය කියෙව්වට පස්සේ ඔබට ඇපල් ගැන
එහෙම හිතෙන එකක් නම් නෑ. දරුවන් වෙනුවෙන් පළ තුරු මිලදී ගන්නවනම් ඔබ
ඇපල් ගෙඩියක් දෙකක් ගන්න අමතක කරන්නේ නම් නැහැ. ඒවගේම තමයි
ලෙඩෙක් බලන්න ගියත් පළතුරු ගන්නවනම් ඇපල් ගෙඩියක් දෙකක් ඔබ
නොවරදවාම අරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, රැව රැකගන්න පළතුරු අනුභව
කරන අයත් ඇපල් බහුල වශයෙන් ආහාරයට ගන්නවා.
දැන් අහන්නකෝ මේ කියන කතාව. ඇපල් පිටරට සිට ලංකාවට එන්න මාස හයක්
හතක් අවුරුද්දකට කිට්ටු කාලයක් ගත වෙනවා. ඉතිං නරක් නොවී ගේන්න
ඇපල්වලට කල් තබා ගැනීමේ රසායනික දේවල් ඉසින්න සිද් වෙනවා. මේවා ශරීරයට
හරිම විෂ බවයි වෛද්‍යවරු පවසන්නෙ. ඇපල්වලට DPA හෙවත් ඩයිපිනෙලමයින්
නැමැති සංයෝගය යොදනවා. මේ DPA මඟින් උග්‍ර පිළිකා කාරකයක් වන
නයිට්‍රොසමයින් යන සංයෝගය සැදෙන අතර එය හරිම භයානක තත්ත්වයක් බවයි
වැඩිදුරටත් වෛද්‍යවරු පවසන්නේ. ලංකාවේ ඇපල් කල් තබා ගන්න ෆෝමලින්
ද්‍රාවණවල ගිල්වා ගන්නවා. ෆෝමලින්වලින් ෆෝමැල්ඩිහියිඩ් නම් උග්‍ර පිළිකා කාරකය
ඇතිවනවා. ඇපල් මත විවිධ වැක්ස් ආලේප කරන්නේත් ස්ප්‍රේ කරන්නේත් කල් තබා
ගන්න. ඇත්තටම අපිට ඇපල් කනවාටත් වඩා අපේ රටේ හැදෙන පේර- වෙරළු-
නෙල්ලි-අලිගැටපේර වැනි පලතුරු කෑමට ගැනීම සෑම අතින්ම ගුණදායකයි. ඉතිං ඔබ
තවදුරටත් ඇපල් කනවනම් මේ ගැන නොවරදවාම දෙවරක් හිතන්න.

Related Articles