Home LifestyleFashion බය නොවී wax කරමු

බය නොවී wax කරමු

by LADY.LK

භාවිතා කරන්න හුරුවෙලා තියනවා. ටිකක් වේදනාකාරී ක්‍රමයක් වුනත් මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානතම වාසිය වෙන්නේ ඔබට සති දෙක තුනකටත් වඩා වැඩි කාලයක් අනවශ්‍ය රෝම නොමැතිව කාලය ගතකරන්න පුළුවන්වීමයි. සාමාන්‍යයෙන් සැලුන් එකකින් හරි නැත්නම් ඔබටම හරි මේ ක්‍රමය මගින් රෝම ඉවත් කරගන්න පුළුවන්. මෙතනදි වෙන්නේ වැක්ස් ආලේපනය රෝම ඉවත් කරන්න අවශ්‍ය තැන්වල ආලේප කරලා ටික වෙලාවක් තියලා ඒ ආලේපනය ඝනවුණාට පස්සේ එක් කොණකින් අල්ලලා එක්වරම ඇදලා ඉවත් කරන එකයි (හරියටම ප්ලාස්ටරයක් ගලවලා ඉවත් කරනවා වගේ, හැබැයි ඊට වඩා ඉක්මණින්) මෙතනදි ඒ ඝනීභවනය වුණු ආලේපනයේ තට්ටුව එක්කම රෝම සම ඇතුලතින්ම ගැලවිලා ඉවත් වෙනවා. මේ ක්‍රමයේ තියන අවාසිය තමයි මේ විදිහට රෝම ඉවත් කරන්න නම් රෝම හොඳින් වැවෙනකල් ඉන්න වෙනවා, මොකද නැත්නම් මේ වැක්ස් ආලේපනයට රෝම අහුවෙන්නේ නෑ. ඒත් මේ ක්‍රමයෙන් රෝම පවතින ප්‍රදේශවල සම මෘදුවීමක් සහ සිල්ක් වගේ දිලිසෙන ස්වභාවයකට පත්විම නිසා ගොඩක් කාන්තාවන් මේ ක්‍රමයට වඩා කැමති .

Related Articles