Home LifestyleLove & Relationships ආදරේ කියන්නෙම අනෙකාගේ සතුට වෙනුවෙන් කැපවෙන එකට

ආදරේ කියන්නෙම අනෙකාගේ සතුට වෙනුවෙන් කැපවෙන එකට

by LADY.LK

| ජීවිතේ අහිමි වීම් කියන්නේ
කාටත් පොදු දෙයක් වුනත්
සමහර වෙලාවට සමහර අහිමි වීම් සිද්ද වෙන්නේ අපි නොහිතන වෙලාවක

කාලයක් තිස්සේ හිතේ දැඩි කැමැත්තකින්
එහෙමත් නැත්නම් හිතේ විශේශ තැනක් හදාගෙන යම් කිසි කෙනෙක්ව විශේශ කර ගන්නේ ඒ හිත කවදා හරි තමාගෙම කර ගන්නවා කියන කාරනාව පැල්පදියම් කරගෙන

හුගක් වෙලාවට ඒ බැදීම ගලවාගෙන යන්න දගලනවනම් එහෙමත් නැත්නම් ඒ බැදීමම ඒ කෙනාම අත් හරින්න උත්සහ කරනවනම් ඒ වගේ තැනක රැදී සිටින්න උත්සහ කරනවනම් ඒක නිකන් හිස් වැඩක්…

“කාවවත් බලෙන් තියා ගන්න බෑ

මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න කොච්චර උත්සහ කලත් ඒ වටිනාකම මිනිස්සු ගන්නේ නැත්නම්,දීපු වටිනාකමට ඒ මිනිස්සු ගෞරව කරන්නේ නැත්නම් ඇයි කිසිම කෙනෙක් බලෙන් තියා ගන්නේ..

“නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපනකම් ඉන්න නරකයි

ජීවිතේ කිසියම් කාලෙකදී මොනයම් දෙයක් නැතුව ගත කරලා ටික ටික ජීවිතේ ස්තාවර තත්වෙට එනකොට අර ඇති කට ගත්තු බැදීම නිසා මානසික නිදහසක් නැත්නම් අවසානයෙව් වෙන්නේ අමාරුවෙන් හදා ගත්තු හැමදේම ඇස් පනාපිට අහිමි වෙනවා දකින්න
මිනිස්සු කට කහනවට නෙවෙයි කීවේ

“ආදරේකට මිනිස්සු මරවන්නත් පුලුවන්
මිනිස්සු ජීවත් කරවන්නත් පුලුවන්

ඒ හැගීම හිතට තදින්ම ඇතුල් උනාම හුගක් අය කරන්නේ මොනයම් හරි දේකට ඇබ්බැහි වෙලා ජීවිතේ නන්නත්තාර කර ගන්න එක
ඒ වගේම ඒ අය හුදෙක්ම නිදහසට කාරනා කියන්නේ අර බැදීම හේතු සාධකයක් කරගෙන

ඇත්තටම ආදරේ කරපු මිනිස්සු
කවදාවත් ජීවිතේ නන්නත්තාර කර ගත්තේ නෑ

ඒ බැදීමෙන් ලබා ගත්තු පන්නරයෙන් තව තව මුවහත් වෙලා ජීවිතේ සාර්ථකත්වයට ලගා වුනේ ඒ අහිමි වීම ජීවිතේ හැරවුම් ලක්ශය කරගෙන..

මතක් වෙද්දී ඇස් වල කදුළු පිරුනට
පපු අස්සේ මතක පිරී ඉතිරිලා තිබුනට
කන් අගිස්සේ හඩවල් දෝන් කාර දුන්නට

තව කෙනෙක්ගේ මූණේ හිනාව දැකලා
සතුටු වෙන තැනටම් හිත ශක්තිමත් කර ගන්න පුලුවන්නම්
කොටින්ම කීවොත් හිමි වෙලා අහිමි වෙච්ච කෙනෙක් තව කෙනෙක්ගේ වෙලා ඒ ඇස් දෙක සතුටින් ඉන්නවනම්

හදවතින් ආදරේ කරපු මනුස්සයෙක්ට
හොදටෝම ප්‍රමාණවත්
සංසාරයේ පුරාවටම සැනසෙන්න..

මොකද

ආදරේ කියන්නෙම
අනෙකාගේ සතුට වෙනුවෙන් කැප වෙන එකට…

Related Articles