Home FoodRecipes පොල් සම්බෝල තෙම්පරාදුව

පොල් සම්බෝල තෙම්පරාදුව

by LADY.LK

පොල් සම්බෝල කියන්නෙ දුප්පත් පැලේ වගේම රජ මැදුරෙත් හැදෙන රසවත් ආහාරයක්. පොල් සම්බෝල වුණත් හදන විවිධ ක්‍රම තියෙනවා. පොල් සම්බෝල තෙම්පරාදුවක් හදා ගන්න විදිය ගැනයි මේ කියන්න යන්නේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය .

  •  පැහුනු පොල් හීන් වෙන්න ගාගන්න.
  • රතුලූනු හරි බීලූනු හරි හීනිවට කපාගන්න,
  • කරොල,හාල්මැස්සන් ,උම්බලකඩ කැමති දෙයක් ගන්න
  • ර්තුපාට වේලුනු මිරිස් කරල් කීපයක් ටිකක් පොඩිවට කපල ලුනුවතුරෙදාගන්න
  • හොද අලුත් කරපින්චා ටිකකුත් ඕන වෙනවා..

මුලින්ම කෑලි මිරිස් හරි වෙලුනු මිරිස් කරල් ටිකක් එක්ක හරි ලුනු ටිකක්දාල සම්බොලෙ අඹරගන්න.නැත්තම් කොටාගන්න.මේ වෙලාවෙ ළූනු දාන එපා.මිරිසුයි ලුනුයි විතරයිදැන් තෙල් ටිකක් රත්වෙන්න තියන්න රත් උන තෙල් එකට හාල්මැස්සන් හරි කරොල හරි දාන්න හොදට බැදගන්න.විනාඩි තුනක් වගේ ඇති.ඒක අයින් කරගන්නකරෝල බැදපු තෙල් එකටම ලුනු වතුරට දැම්ම කපාගත්ත මිරිස්කරල් ටික ලුනු වතුර අයින් කරල දාගන්න.වේලුනු මිරිස් කරල් වල ඇටත් දාන්න ඒව බැදුනම රසයි.හොදට බැදගන්න.කලු වෙන්න දෙන්න එපා.ඉක්මනින් අයින් කරගන්න.දැන් මේතෙල් එකටම හීනිවට කපාගත්ත ළූනු දාන්න හොදට බැදෙන්න දෙන්න.රන්වන් පාටට එද්දි කරපින්චා දාන්න.ඒකටම බැදගත්ත මිරිස් ,කරොල ටිකත් දාල කලවම් කරන්න.දැන් අඹරගත්ත සම්බෝලෙ දාන්න.කලවම් කරනගමන් විනාඩි හතරක් වගේ තෙම්පරාදු කරගන්න.කල් තියාගන්නවනම් හොදට නිවුනට පස්සෙ හුලන් වදින්නෙ නැති බාජනේකට හරි වීදුරු බෝතලේකට හරි දාගන්න.ඒකටම හැන්දකුත් දාලම තියන්න.
දැන් අපේ සම්බොලෙ හදල ඉවරයි….ඉඩක් තියෙන වෙලාවක පොල්ගෙඩියකින් වගේ මෙහෙම හදලා ෆ්‍රිජ් එකෙන් දාල තියාගන්න..හදිස්සියෙ ගෙදරින් පිට යන්න වෙනවනම් බත්මුලක් බැදගෙන යන්න පුලුවන් ඒ වගේම උයන්න කම්මැලි වෙලාවක න්ෂ්ත්තම් හදිස්සියෙ උයන්න වෙන වෙලාවක මේ සම්බොලෙත් එක්ක පරිප්පු ටිකක් කිරට හදාගත්තත් ඇති..ඕනම එලවලු වර්ගයක් එක්කත් ගලපගන්න පුලුවන් ..

Related Articles