නිවාඩු පාඩුවේ ඉන්න හැන්දැවක රසම රස තේ කෝප්පයක් එක්ක පව්ලේ කට්ටිය එක්ක එකට වාඩිවෙලා නැත්තන් ගෙදට්ට අපු අමුත්තො කට්ටියට උජාරුවෙන් පිලිගන්නවන්න පුළුවන් රසම රස කෑමක් ගැන තම අපි අද ඔයාලට කියල දෙන්න යන්නේ. පැන් කේක් කීවහම හැමොටම මතක් වෙන්නේ අපි හැමදාම කන පැනි පොල් දාපු පරණ තාලේ පැන් කේක් නේ.. හැබැයි මේකනම් එහෙම පැන කේක් එකක් නෙමෙයි.. එහෙනම් බලමු අද අපි හදන්න යන අලුත්ම තාලේ පැන කේක් එක මොකක්ද කියල.
චොකලට් බිස්කට් පැන් කේක් සමග චොකලට් ග්ලෙස් – (chocolate biscuit pancakes with chocolate glaze)
අවශ්‍ය ද්‍රව්‍ය –
- පාන් පිටි 250g (4 දෙනෙකු සදහා)
- චොකලට් මාරි බිස්කට් 10
- බිත්තර 2
- කොකෝ පව්ඩර් 20g
- ෆ්‍රෙෂ් මිලක් හෝ දිය කර ගත් කිරි පිටි අඩු කෝප්ප 2
- සිනි තේ හැදී 4
- අයිනිස් ෂුගර් 50g (ග්ලෙස් එක සදහා)
මේ බදු ටික තමා අද වැඩ්ට අපිට ඕනේ වෙන්නේ. එහෙනම් බලමු වැඩේ වෙන හැටි ඉස්සල්ලම බිස්කට් ටික කුඩු කර ගන්න මේකට බ්ලෙන්ඩර් නැත්තන් පොඩි වන්ගෙඩියේ දාල කොටා ගන්න උනත් පුළුවන්.. ඊට පස්සේ පාන් පිටි සිනි කොකෝ පව්ඩර් සහ බිත්තර දෙකත් දාලා අතින් අනා ගන්න ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිලක් ටිකත් ටිකෙන් ටික එකත් කරගන්න වැඩිය හොදට කලවන් කරගන්න ඔයාට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්නත් පුළුවන්..
හරි එනම් අපි දැන් මික්ස් එක හදාගෙන ඉවරයි හොදට මතක තියා ගන්න මේක ගොඩාක් දීයාරු කරගන්නනම් එපා මේකට පැන් එකක් පාවිච්චි කරනවානම් ඔයාට ගොඩක් ලේසි වෙයි එහෙම නැත්නම් රොටි හදන තාච්චියේ උනත් හදහා ගන්න පුළුවන්.. පෑන එක මද ගින්නේ ලිපේ තියාගෙන ඔලිව් ඔයිල් හෝ තෙල් ඉතාම ස්වල්පයක් පෑන එකේ ආලේප කරගන්න ඊට පස්සේ අපි හදා මික්ස් එක පැන එක හොදට රත් උනාට පස්සේ මැදට ටිකක් දාලා රව්මක් කරකවල උනාට පස්සේ ගන්න මේ විදිහට පැන් කේක් ටික ගන්න ඔයාට පුළුවන්
දැන් අපි බලමු චොකලට් ග්ලෙස් එක හදා ගන්නේ කොහොමද කියල
මේකට ඕනේ වෙනවා පොඩි ටිකක් ඉඩ තියෙන තාච්චියක්.. තාච්චිය මද ගින්නේ ලිපෙ තියාගෙන එක රත් වෙනකන් පොඩි භාජනෙකට අයිසින් ෂුගර් කොකෝ පව්ඩර් ටිකයි දිය කරගත් කිරි පිටි කෝප්ප කාලක් දාල හොදින් කලවන් කර ගන්න දියරයක් විදිහට තමයි මේක තියෙන්නේ ඊට පස්සේ මේක රත් උන බදුනට දාලා විනාඩි තුන හතරක් මද ගින්නේ උකු දියරක් වෙනකන් හැදී ගා ගන්න.. පදම ආවට පස්සේ ලිපෙන් බා ගන්න ඔන්න දැන් ඉතින් තියෙන්නේ පිළිගන්නවන වැඩේ තමයි ඉතුරු..
උණු පිටම පැන් කේක් එක උඩට අපි හදා ගත්ත චොකලට් ග්ලෙස් එක වක් කරලා ලස්සන සරසාගෙන පිළිගන්වන්න.. මට විශ්වාසයි හැමෝම ඔයාව අගේ කරයි. එහනම් ආයෙත් පාරක් අලුත්ම රසම රස කමක් එක්ක අපි එන්නම්.. අදට සමු ගන්නවා සුභ සති අන්තයක් වේවා කියන ප්‍රාර්තනාවත් එක්කම..
ස්තුති..