Home FoodRecipes කොස් ඩෙවල්

කොස් ඩෙවල්

by LADY.LK

කොස් කියන්නේ ඉතාමත් පෝෂදායි ආහාරයක්. ‍කොස්වල රස නොබලපු කෙනෙක් නම් නැති තරම් ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ කොස් ඩෙවල් එකක් හදා ගන්න විදිහ ගැනයි. හම් සඳහා අවශ්‍ය වන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

හොඳින් පැසුණු කොස් මදුළු 10, ලොකු ලූනු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2, කෑලි මිරිස් මේස හැඳි 1, අඹ චට්නි මේස හැඳි 1, කරපිංචා කිනිත්තක්, ලුණු රසට අනුව, ගම්මිරිස් ස්වල්පයක්, තෙල් අවශ්‍ය තරමට, පාන්පිටි ග්‍රෑම් 100, බිත්තරයක්, උකු ‍පොල් කිරි අඬු කෝප්ප 1/4
 
සාදන ආකාරය  –
කොස් මදුළු සෝදා ඇට ඉවත් කර හතරට පලා ගන්න. පාන්පිටි, බිත්තරය, ‍පොල්කිරි, ලුණු දමා අනා උකු බැටරයක් සාදා ගන්න. දැන් කොස් කැබැලි බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. 
 

Related Articles