Home FoodNutrition මතකය වඩන ගොටුකොළ

මතකය වඩන ගොටුකොළ

by LADY.LK

අද කාලයේ වැඩි දෙනකුට තියෙන ගැටලුවක් වන්නේ මේ දැන් කළ දේ මොහොතකින් අමතකව යාමයි. පාඩම් මතක නොසිටීම දරුවන් මුහුණ දෙන ගැටලුවකි. වයස් ගතවීමත් සමඟ වැඩි දෙනකුගේ මතක ශක්තිය අඩුවෙයි. මේ සියල්ලටම විසඳුම පුංචි ගොටුකොළ මිටියකින් ලබා ගත හැකිය. මෙය දකුණු ආසියාතික අපට කෙතරම් වටිනා පලා වර්ගයක් ද ඹෟෂධයක් ද කිවහොත් එය ඉන්දියානු ආයුර්වේදයේ හඳුන්වන්නේ බ්‍රාහ්මි යනුවෙනි.

මොළය හා ගොටුකොළ අතර පවතින සබඳතාව

* ආතතියට කාංසාවට බලපාන හෝර්මෝන අඩු කිරීමේ ගුණයක් මෙහි පවතියි.

* ඇල්ෂයිමර් රෝගීන්ට මෙය හිතකර වන්නේ ගොටුකොළවල රසායන මඟින් රෝග ලක්ෂණවලින් සහනයක් ලබා දෙන නිසයි. මෙහි අඩංගු බැකෝසයිඩ්ස් නම් රසායනය මොළයේ පටක යළි වැඩීමට උපකාරී වෙයි.

* චිත්ත ඒකාග්‍රතාව, බුද්ධිය සහ මතකය අවදි කරන මොළයේ කොටස ගොටුකොළවල අඩංගු රසායනවලින් උත්තේජනය වෙයි. පුදුමය නම් ගොටුකොළයේ හැඩය ද මොළයේ හැඩයට සමාන වීමයි. ගොටුකොළ මොළය සෛල ආරක්ෂා කර ඉගෙනුම සහ මතකය නංවාලන රසායන මට්ටම ඉහළ නංවයි.

වැඩිහිටියන්ගේ මතක ශක්තිය වඩන ගුණයක් ද මෙහි පවතියි. වයස අවුරුදු 6 -8 අතර දරුවන්ගේ මතකය වගේම අත් හා ඇස් අතර සබඳතාව වර්ධනය කරන ගුණයක් ද ි පවතින බව පර්යේෂණවලින් හෙළිවී තිබේ.

අධි ක්‍රියාකාරී දරුවන් තැන්පත් කළ හැකි ගුණයක් ද ඇත.

මෙහි ප්‍රතිඔක්සිකාරක අධික වශයෙන් අඩංගු අතර නීරෝගි දිවි පෙවෙතකට මේවා නැතිවම බැරිය. පිළිකා සෛල නාශක ගුණයක් පවතියි. දිගින් දිගටම ගොටුකොළ කෑමට ගැනීමෙන් ප්‍රතිශක්තිය ඉහළ යයි. ආතරයිටිස් වැනි විවිධ ප්‍රදාහයන් වැළැක්වීමේ ගුණයක් ද ඇත. ආමාශයික තුවාල ඇති අයටත් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පීඩා විඳින්නන්ටත් දිනපතා ගොටුකොළ කෑම හිතකරය. රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටු කොළ ප්‍රකටය.

Related Articles