Home #BossladyWork Life Office අඳින්න blouse designs තෝරගන්නේ මෙහෙමයි

Office අඳින්න blouse designs තෝරගන්නේ මෙහෙමයි

by ladylk

අපි කවුරුත් ආසයිනේ ලස්සනට අඳින්න පළඳින්න. විශේෂයෙන් ම office යනකොට, එහෙමත් නැත්නම් වෙනත් formal event එකකට සහභාගි වෙනකොට ඒ අවස්ථාවට ගැළපෙන විදියට ලස්සනට ඇඳුම් පැළඳුම් කිරීම අත්‍යවශ්‍ය දෙයක් විදියට සැළකෙන්නේ, අපේ බාහිර පෙනුමත් ඒ කටයුත්තේ සාර්ථකත්වයට බලපාන්න හේතු වන හන්දයි. ඉතින් ඒ නිසා lady.lk අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ කාර්‍යාලයීය ගමනකට සුදුසු ආකාරයේ blouse විලාසිතාවක් තෝරාගන්නේ කොහොමද කියන කාරණාව ගැනයි.

පළමුවෙන්ම ඔබ රැකියාව කරන ආයතනයේ dress code එක ගැන හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව ඇඳුම් පැළඳුම් තෝරාගැනීමට කල්පනාකාරී විය යුතු වෙනවා. ඒ ඒ ආයතනවලට අනන්‍ය වුණු dress codes ගණනාවක්ම තිබුණත් මේ ලිපියෙන් කතා කරන්නේ වඩාත් professional ආකාරයට ඇඳුම් පැළඳුම් කිරීමට සිදු වන ආයතනයකට සුදුසු ආකාරයේ blouse designs තෝරාගන්නා ආකාරය සම්බන්ධවයි.

Blazers

උණුසුම් දේශගුණයක් සහිත රටක ජීවත්වෙන අපට blazers ඇඳීම අත්‍යවශ්‍ය නොවුනත් professional look එකක් ලබාගැනීම සඳහා blazer ඇඟලීම සිදුවෙනවා. ඉතින් මේ නිසා කළු, දුඹුරු, navy blue වැනි දීප්තිමත් නොවන වර්ණවලින් සහ උසස් නිමාවකින් යුතු blazers 1-2ක් මිලට ගන්නවා නම් අනෙකුත් ඇඳුම් පැළඳුම් සමඟ ගළපමින් එය අඳින්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම, Blazers මිලට ගැනීමේදී ශරීරයේ ප්‍රමාණයට සහ හැඩයට මනාව ගැළපෙන ආකාරයේ ඒවා තෝරාගන්නට අමතක කරන්න එපා. සිරුරට වඩා විශාල හෝ හිර blazer එකකින් ඔබගේ  ආකර්ෂණීය පෙනුමට හානි වන නිසා, මේ කාරණය ගැන ඔබ වැඩි අවධනයක් යොමු කළයුතු වෙනවා.

Shirts and blouses.

කාර්‍යාලයට ඇඳීමට සුදුසු blouse විලාසිතාවලින් Button- up shirts වලට හිමිවන්නේ ඉහළම ස්ථානයක්. Skirt, pant, blazer කියන ඕනෑම ඇඳුමක් සමඟින් ගළපා ඔබේ පෙනුමට වැදගත් සහ professional look එකක් ලබාදීමට මේ සරල ඇඳුමට හැකියාව තියෙනවා. ඒ වගේම සරලම විලාසිතාවල blouses තෝරා ගන්නවාට අමතරව විවිධ වර්ණවලින්, ruffles, buttons හෝ bows වැනි අමතර අංග සහිත විලාසිතා වුණත් තෝරා ගැනීමට ඔබට කිසිම බාධාවක් නැහැ. විවිධ ප්‍රමාණවල දිගින් යුතුව මසා ඇති අත් සහිත, collars රහිත හෝ සහිත, සහ විවිධ materials වලින් නිමවා ඇති විලාසිතා ඔබගේ රුචිය අනුව තෝරාගැනීමට අවස්ථාව තියෙනවා. ඒ විදියේ විලාසිතා කිහිපයක් තමයි පහතින් සඳහන් වෙලා තියෙන්නේ.

ඕනැම ආකාරයක සිරුරකට

Light Blue, Cotton, Full sleeve, Slim fit blouse + Black pants.

Blue striped, Polyester, Full sleeves, Regular longline fit blouse + Black pants.

Blue, Concealed buttons, Full sleeves, Cotton, Regular fit blouse + Beige/ Gray Pants or Pencil skirt.

පිරුණු සිරුරකට

Plain Pink, Cotton, Full sleeve, Regular fit blouse + Black pants.

සිහින් සිරුරකට

Pink & White checked, Modal material, Full sleeves, Regular fit blouse + Black pants.

White, Mandarin collar, Half sleeves, Polycotton material, Comfortable Boxy fit blouse + Black pant/ skirt.

Striped Black and White Shirt, Spread Collar, 3/4 Sleeves, Cotton, Regular fit blouse + Pencil Black skirt

Navy blue, puffed sleeves, Cotton, Slim fit blouse + Beige pant

Tee- shirts එපා

Office යනකොට හෝ වෙනත් Official event එකකට සහභාගි වෙනකොට tee- shirts අඳින එක නම් එතරම් සුදුසු දෙයක් නෙවෙයි. යම් විදියකින් එහෙම අඳින්නට සිදු වෙන අවස්ථාවක් ආවොත් විවිධාකාර රටා, logo, messages සහිත tee shirts වගේම ඇස් කඩාගෙන යන දීප්තිමත් වර්ණවලින් නිම කරපු tee shirts තෝරා නොගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වෙනුවට කලු, සුදු, නිල්, අලු වගේ තනි පාටකින් සහ සරල විලාසිතාවකින් යුතු ඒවා තෝරාගැනීම වඩාත් සුදුසු වෙනවා.

Baggie ගැළපෙන්නේ නෑ

ඇඟේ මිම්මට හොඳින් ගැළපෙන blouses සහ tops තෝරාගන්නවා හැර, සාමාන්‍ය ගමන් බිමන්වලට ගැළපෙන ආකාරයේ එල්ලා හැළෙන baggie ඇඳුම්වලින් ඔබට professional පෙනුමක් ගන්නට හැකිවන්නේ නැහැ.

සිරුර නිරාවරණය වන ඇඳුම් එපා

Transparent materials වලින් නිමවා ඇති blouses, උදරය නිරාවරණය වන crop tops, පිට හෝ පපු ප්‍රදේශය නිරාවරණ වන ආකාරයේ ඇඳුම් විලාසිතාවලින් ඔබව අපහසුතාවයට පත්වන්නට ඉඩ තියෙනවා වගේම එවැනි ඇඳුම් කාර්‍යාලයීය කටයුතුවලට ගැළපෙන්නෙත් නැහැ.

Materials ගැන දැනගන්න

Cotton, silk, linen වගේ රෙදිවලින් නිමවන ලද blouse designs ඔබේ සිරුරට වඩාත් සුව පහසුවක් ගෙන දෙන්නට සමත් වේවි. ඒ වගේම සුව පහසු ඇඳුමින් සැරසීම ඔබේ රාජකාරිය වඩාත්  සාර්ථකව ඉටුකරන්නට උපකාරී වේවි.

මෝස්තර රටා වෙනුවට stripes

විවිධාකාර මෝස්තර සහ රටා බහුල blouses වෙනුවට ඉහළ සිට පහළට stripes සහිත ඇඳුම් තෝරාගැනීම වඩාත් සුදුසුවන අතර එයින් ඔබේ සිරුරට සිහින් බවක් සහ උසැති බවක්ද ගෙන දෙනවා.

Sleeveless shirt tops

අත් රහිත shirts සහ tops ඇඟලීම වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය ගමන් බිමන් වලට වුණත් ප්‍රවේශමෙන් තෝරාගන්නා sleeveless blouse designs කාර්‍යාලයට වුණත් ඇඳීමට හැකියාව තියෙනවා. collars සහ buttons සහිත මේ විලාසිතාවේ shirts තරමක් ලිහිල් බවකින් යුතු වීම වඩා සුදුසු වෙනවා. හැබැයි සිහින් පටි සහිත skinnies, tank tops වගේම ශරීරය වැඩිපුර නිරාවරණය වන ආකාරයේ blouse විලාසිතා කාර්‍යාලයට ඇඳීම කිසිම විදියකින් ගැළපෙන්නේ නැති බවත් අමතක කරන්න එපා.

Related Articles