Home LifestyleFashion කුරුළෑ ලප කැළැල්වලට සදහටම සමු දෙන වෙනිවැල්ගැට

කුරුළෑ ලප කැළැල්වලට සදහටම සමු දෙන වෙනිවැල්ගැට

by LADY.LK

කුරුළෑ ලප කැළැල්වලට සදහටම සමු දෙන්න

වෙනිවැල්ගැට කියන්නේ ඉතාමත් ගුණදායි ඖෂධයක්. ඔබේ ශරීර සෞඛ්‍යයට වගේම ඔබේ බාහිර පෙනුමටත් වෙනිවැල්ගැට වලින් බොහෝ වාසි අත්කර දෙනවා. මේ කියන්න යන්නේ මුහුණෙ තියෙන ඔබේ කුරුලෑ ලප කැලල් මැකෙන්න වෙනිවැල්ගැට වලින් කරන්න පුළුවන් ඖෂධීය සත්කාරයක් ගැන

ගොඩක් කාන්තාවන් වගේම තරුණයින්ද පිඩා විඳින ගැටළුවක් තමයි කුරුළෑ කරදරය. කුරුළෑ කරදරයෙන් පීඩා විඳින ගොඩක් දෙනෙක් විවිධ කෘතිම ක්‍රීම් වර්ග ආලේප කිරීම තුළින් තවත් අපහසුතාවට පත් වුණු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතිං දැන් ඔයාට මේ කරදරයෙන් අත් මිදෙන්න වෙනිවැල්ගැට සහ අමු කහ භාවිත කළ හැකියි. වෙනිවැල් ගැට සහ අමු කහ හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මුහුණේ කුරුළෑ සහ ලප කැළැල් තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 20 ක් විතර ගියාට පස්සේ සෝදා ඉවත් කරන්න. එයින් ඔයාගේ මුහුණේ කුරුළෑ ඇති වීම ටිකෙන් ටික අඩු වෙලා යාවී. ලප කැළැල් ඉක්මනින් අඩු වෙලා පැහැපත් බවෙන් පිරිපුන් සමක් පහසුවෙන්ම ලබා ගන්න හැකි වේවී.

Related Articles