Home Health & WellnessPhysical Wellbeing කොරෝනා වෛරසයේ ගෝලීය බලපෑම

කොරෝනා වෛරසයේ ගෝලීය බලපෑම

by LADY.LK

ලොව පුරා රටවල් සහ කලාප 196ක පැතිර යන කොරෝනා වයිරසයෙන් ආසාදිත වුවන්  439,654 (හාරලක්ෂ තිස්නවදහස් හයසිය පනස් හතරදෙනෙකු) දෙනෙකු හා එම වයිරස් ආසාදිත මරණ   19,744ක්  (දහනවදහස් හත්සිය හතලිස් හතර දෙනෙකු )  (25දා ) සවස  7.45 වන විට වාර්තා වී තිබිණි

මෙම වයිරසය ආසාදිත වූ  111,964 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත්  307,969 දෙනෙකු තවමත් ආසාදිත තත්ත්වයේ පසු වන බව වාර්තා වී තිබේ .තවමත් ලො  වැඩි  කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ චීනයෙන් වන අතර එම සංඛ්‍යාව 81,268 දෙනෙකි .ලොව වැඩිම කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව වාර්තා වනුයේ  ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 6820 දෙනෙකි.

මේ අතර ලොව වැඩිම කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව වාර්තා වී  තිබු චීනය තෙවැනි ස්ථානයට පත් කරමින් යුරෝපා රටක් වන  ස්පාඤ්ඤය කොරෝනා මරණ ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන් තිබේ,ස්පාඤ්ඤයෙන් අද සවස වන විට වාර්තා වී තිබු කොරෝනා වයිරස් ආසාදන මරණ සංඛ්‍යාව 3434 දෙනෙකු වි.

මේ අතර ලොව ජනගහනයෙන්  හතරෙන් එකක් මේ වන විට කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීම සඳහා  බොහෝ රටවල් ක්‍රියාත්මක කර ඇති රටවල් හා නගර වසා දැමීමේ වැඩපිළිවෙල යටතේ සිය නිවෙස්වලට සීමා කර ඇති බව  වාර්තා වී තිබේ .මෙහිදී නිවෙස්වලට සීමා කර ඇති වැඩිම ජනගහනය වන බිලියන 1.3 ක සංඛ්‍යාව වාසය කරනුයේ අසල්වැසි ඉන්දියාවේය.

Related Articles