මේ දෙල් අවාරේ වුණත් රසට දෙල් කරියක් හදා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්න අපි හිතුවා..ඉතින් දෙල් වාරේ ආඅවම ඔයත් මේ විදිහට හදලා බලන්නකෝ
දෙල් ගෙඩියක් හෝ භාගයක්(තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න.මං ගත්තෙ භාගයක්.)
සිහින්ව කපාගත් ලූණු
පොඩියට කපාගත් අමුමිරිස්
සුදුලූණු
අබ ටිකක්
උලුහාල් ටිකක්
කුරුඳු පොතු කෑල්ලක්
සූදුරු කුඩු
මිරිස් කුඩු
කහ කුඩු
පොල්
මිටි කිරි සහ දිය කිරි
රම්පෙ කරපිංචා
දෙල් ගෙඩිය ගෙන පොත්ත ඉවත් කරගෙන හොඳින් සෝදා ගන්න.සෝදාගත් දෙල් කෑලි වලට කපාගෙන භාජනයකට දාගන්න.එයට කහ,මිරිස් කුඩු,තුනපහ,සූදුරු කුඩු,උලුහාල්,කුරුඳු ද,ලූණු අමුමිරිස්ද,දියකිරි ටිකද දමා ලුණු රස අනුව දමා හොඳින් අතින් කලවම් කර ගන්න.ලිප තබා දිය කිරෙන් තැම්බෙන්න හරින්න.
දැන් ගාගත් පොල් ටිකට සූදුරු කුඩු ටිකක්,අබ ටිකක්,සුදුලූණු දමා අඹරා ගන්න.උකු මිශ්‍රණයක් එන විදියට.දැන් ඒ මිශ්‍රණය මිටි කිරි එක්ක දිය කරල, දිය කිරෙන් තම්බාගත් දෙල් එකට දමා උයා ගන්න.ලිපෙන් බාගන්න ළං කරල මුරුංගා කොළ ටිකක් කලවම් කරගන්න.(මුරුංගා නැතිනම් නිවිති කොළ දාගන්න)දෙල් හොඳින් තැම්බුණු පසු ලිපෙන් බා ගන්න.මිරිස් කුඩු/තුනපහ/සූදුරුතේ හැදි කාලක් වගේ දාගන්න.මේ වගේ කරි වලට නොදැම්ම වගේ තමයි පහේ දාගන්න ඕන)