Home Health & WellnessPhysical Wellbeing සබන්දාලා අත්හේදුවත් වැඩක් නම් කන පිඟාන අපිරිසිදු නම්

සබන්දාලා අත්හේදුවත් වැඩක් නම් කන පිඟාන අපිරිසිදු නම්

by LADY.LK

ඌරන්ට මොන සෞඛ්‍යද? ගොඩක් අය කෑමක් කනකොට අත් හෝදන්න කම්මැලිකමට
කියන කතාවක් තමයි මේක. හැබැයි සබන් දාලා අත් හේදුවත් වැඩක් නැහැ ඔබ කන
බොන භාජනය අපිරිසිදු නම් ඔබට ලෙඩ හැදෙන්න පුළුවන්. සබන්දාලා අත් හේදුවම
ඔබ හිත්නනේ අත් පිරිසිදුයි විෂ බීජ ශරීරයට දැන් යන්නේ නෑ කියලා. හැබැයි ඔබ
ආහාර දමා ගන්නා පිඟන් කෝප්ප ඔබේ අත් මෙන් ම පිරිසිදු කර ඇත්ද කියන එක
ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. නැත්නම් ඔබ නොයක් ආකාරයේ ලෙඩ රෝගවලට
ගොදුරුවිය හැකියි. මුළුතැන්ගෙයි උපකරණවල හූනෝ – කැරපොත්තො – මීයො
නිතර ලෙව කනවා. මල – මූත්‍ර කරනවා. ඉතිං සේදුම් ද්‍රව්‍යයක් මඟින් කන බොන
පිඟන් ආදිය නොසේදුවොත් ඔබට රෝග රැසක් ඇතිවිය හැකිය. මේ නිසා කෑම
කන්න අත සෝදනවා වගේම කෑම බෙදාගන්නා පිඟානත් ඒ මොහොතේම සෝදා
ගන්න.

Related Articles