කතාවට නම් කියන්නෙ 50 දශකයේ දරුණු මානසික රෝගියෙකුගේ මානසික මට්ටම වර්තමානයේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙකුගේ මානසික මට්ටමට සමාන වෙනවා කියලයි. ඒ තරමට මනෝ ව්‍යාධි කියන දේ අප සමාජය අතරේ දකින්නට පුළුවන්. අපි වගේම මෙම සටහන ලියන මම වගේම කියවන ඔබ අතරේත් මේ තත්ත්වයන් අඩු වැඩි වශයෙන් තියෙනවා වෙන්නටත් පුළුවන් වගේම අප අවට සිටින අයගේත් තත්ත්වය එයමයි. මේ ලියන්නෙ අප අවට සමාජයේ බහුලව දකින්නට හැකි මානසික රෝග ගැන. ඒ වගේම ඒවයේ මූලික ලක්ෂණ සහ ඒවයින් සිද්ධ වෙන හානිය ගැන. අපි හැමෝම මේ ගැන දැනගෙන ඉන්න එක වැදගත් කියලා Lady.LK අපි හිතුවා.
ඩිප්රෙෂන්
අපි හැමෝම දන්න වචනය නිසා ඩිප්රෙෂන් කියලම කිවුවට මේකට කියන හරි නම විෂාදය. අපි හැමෝම මානසික අවපාතයකට ලක් වුණාම පොදුවේ කියන දේ තමයි ඩිප්‍රෙස් වෙලා කියන එක. අපිට ජීවිතේ සතුටු හිතුණු දේවල් ගැන තව දුරටත් සතුටක් නැති වුණාම, හරිම පහළ වැටුණු ගතියක් දැණුනම මේ තත්ත්වය කියන්න පුළුවන්. අධික ශෝකය, ආහාර අරුචිය, මම දුර්වලයි කියා සිතීම, නින්ද අඩුවීම වගේ තත්ත්ව එක්ක පටන් ගන්න මේ තත්ත්වය පසු කාලීනව සිය දිවි නසා ගැනීම් වෙනුවෙන් පවා හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝග තත්ත්වය සමාජීව වශයෙනුත් තරමක් නරක අතට ගිහින් තියෙන්නෙ. ඒ තමයි බොහෝ දෙනෙක් මේ රෝගය ආභරණයක් කරගැනීම. ඒකත් එක්ක දකින දකින හැමෝම මටත් ඩිප්රෙෂන් කියා පැවසීම නිසා, සත්‍ය වශයෙන් මේ තත්ත්වයෙන් පෙළෙන්නන් යටපත් වී යාම සහ මෙය ඔවුන් තුළ සාමාන්යීකරණය වීම නිසාත් රෝගය සොයාගන්නට බැරිව යනවා.
පැනික් ඇටෑක්
මේකනං තරමක් අඳුරු තත්ත්වයක්. සිද්ධ වෙන්නෙ ඔබ නොසිතූ ලෙසින් වරින් වර පැනික් ඇටෑක්ස් එහෙමත් නැත්නම් හෘද ස්පන්ධනය ඉහළ යෑම් සිද්ද වීමයි. මේ තත්ත්වය ඇති වීම නොයෙක් හේතු නිසා සිදු වුණත්, බහුලව ඇති වන්නේ යමෙක් දුක් වන කාරණයකට නිතර නිතර මුහුණ දෙන්නට වන විට මෙය සිදු වීමයි. මේ විදියට දේවල් සිද්ධ වෙද්දි සිද්ධ වෙන්න පුළුවන් තවත් නරකක් තියෙනවා. ඒ තමයි අදාළ පුද්ගලයා මෙවැනි අවස්ථාවන්වල තමුන් අත්දකින පොදු කාරණාවලට තවතවත් බිය වී එය ෆෝබියාවක් බවට පත් වීම. ඉන්පසු එයින් ගොඩ ආ නොහැකි තරමටම ගිලී යාම. මේ තත්ත්වය ක්ෂණිකව මගහරවන්න පුළුවන් වෙන්නෙ ආදරණීයයෙකුට. ඒ නිසාම තනිව ජීවත් වන අයෙකු නම් සුරතල් සතෙකු හෝ ඇති කරන්නට පවසනවා. මේ වැනි තත්ත්වයන් සුරතල් සතුන්ට ක්ෂණයකින් දැනෙන නිසා ඔවුන් ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක වන වීඩියෝ පවා බොහෝ දැකිය හැකියි.
ADHD
කෙටියෙන් කියූ මාතෘකාවේ දිගු නම වෙන්නෙ Attention Deficit Hyperactive Disorder. මේකෙදි මූලිකවම සිද්ධ වෙන දේ අපිටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ තමයි අවධානය යොමු කරගැනීමට අපහසු වීම. එක් සිදුවීමකින් සිදුවීමට පැන පැන යන ස්වභාවයක් මනස තුළ වර්ධනය වීම නිසා වර්තමානයේ නියැලෙන ක්‍රියාවට පූර්ණ අවධානය දෙන්නට ඇති නොහැකියාව කියලත් එය දිගු කර දක්වන්නට පුළුවන්. මේ ලක්ෂන සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුගෙන් පවා අත්දකින්නට පුළුවන් තත්ත්වයන්. ඒ වගේම මේ තත්ත්වයන් වෛද්‍ය උපදෙස් මාර්ගයෙන් නිවැරදි කර ගත හැකි වීමත් භාග්‍යයක්.
Psychotic disorders
මේ කියන්නෙ බරපතල තත්ත්වයක් ගැන. එනම් මනෝව්‍යාධි තත්ත්වයන්. මනෝව්‍යාධියක් ඇති අයෙකුට යථා ලෝකය එක්ක තියෙන බැඳීඹ අඩුයි. එයාලාගෙ කය තියෙන්නෙ අපි ජීවත්වෙන ලෝකෙ වුණාට එයාලගෙ මනෝ ලෝකයේ සිද්ධ වෙන දේවල් වෙනස් සහ විකාර රූපී දේවල්. තමන් අවට අනෙක් අයට නොඇසෙන ශබ්ද ඇසීම හෝ නොයෙක් අය තමන්ට කතා කරන වග දැනීම පවා මේ ඝනයට අයත් වෙනවා. මේ තත්ත්වය තරමක් බරපතල තත්ත්වයක් නිසාම මේ ගැන වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
Anxiety Disorder
මේකට කාංසාව සහ සාංකාව යන දෙවිදියෙන්ම හැඳින්වුවත් අපි විශ්වාස කරන විදියට මේක කාංසාව වෙන්න ඕන. මේ තත්ත්වය තියෙන අයෙක් හඳුනාගන්නට පහසුයි. ඒ තමයි ඔවුන් සුළු දෙටත් කලබල වීම සහ බිය වීම. උදාහරණයකට තරමක් වේගයෙන් යන වාහනයකට, ඈතින් එන බල්ලෙකුට, නොදන්නා ආගන්තුක මිත්‍රශීලී බවක් නැති අයෙකුට වගේ අවස්ථාවලදී ඔවුන් කලබල වීම හෝ බිය වීම දැකිය හැකියි. මෙම තත්ත්වය මෙවැනි සුලබ අවස්ථාවල සිට ඉතා දැඩි අවස්ථා තෙක් ඇදී යන්නට හැකියි.
Dementia
මූලික ලක්ෂණය වෙන්නෙ සිහි මද බව. මේක මේ විදියට ගිහින් එදිනෙදා ජීවිතය ගෙවන්න අපහසු වෙන තරමටම වර්ධනය වෙන්නට පුළුවන්. යමක් ගැන සිතන්නට අපහසු වීමත් මෙයට සමාන්තර තත්ත්වයක්. උදාහරණයකට මේ තත්ත්වය තමුන්ගේ මවු භාෂාව හසුරවාගන්න අපහසු මට්ටම දක්වා යන්නට පුළුවන්. අපි මේ කියන්නෙ සිහි මද බවක් නෙමෙයි. මේ කියන්නෙ සිතීම පාවිච්චි කිරීම හෝ මතකය පාවිච්චි කිරීමේ ගැටළුවක්.
ඉතිං මෙවැනි තත්ත්ව අප අවට සමාජයේ බහුලව දකින්නට පුළුවන් නිසාම අපි මේ ගැන වැඩි අවධානයකින් සිටිය යුතුයි. අපේ මිතුරන් වගේම ආදරණීයයන් ඔවුන්ටත් නොදැනීම මේ වගේ වියවුලක පැටලිලානම් අපිට ඔවුන් ගලවාගන්නට තියෙන අවසන් අවස්ථාව මුල් කාලයේදීම මේ තත්ත්වයන් ගැන දැණුවත්ව සිටීම වෙන්න පුළුවන්. ඉතිං මේ ගැන අනිත් අයත් දැණුවත් කරන්න මේ ළිපිය ෂෙයා කරන්න.