Home Health & WellnessMental Wellness & Psychology ඔබත් හොඳ කෙනෙක්ද ?

ඔබත් හොඳ කෙනෙක්ද ?

by LADY.LK

අපි හැමෝම හිතන් ඉන්නවා අපි හොඳයි කියල. ඒක ඇත්ත. එක එක අංශ වලින් අපි හොඳ ඇති තමයි. නැතත් අපිට හිතෙන්නෙ අපි හොඳයි කියලනේ ඒක තමයි ඇත්ත. කොහොම උනත් ලෝකෙ හැමෝටම හැමෝම හොඳ නැහැ. ලෝකෙ හැමදේම හැමකෙනාටමත් හොඳ නැහැ. වෙලාවට අනුව, ඒකියන්නෙ කාලය අනුව, අවස්ථාව අනුව හොඳ නරක වෙනස් වෙනවා මාරු වෙනව. ඒක ලෝකේ හැටි.

Photo By: Abigail Keenan

සමහර අය කියනවා මම හොඳ නිසා මට වරදිනව කියල. හොඳ කෙනෙක් වෙන එක හොඳයි තමයි, ඒත් වරදිනවා නම් එතන වරදක් තියෙනවා. ඒ කියන්නෙ ඔබ, ඔබ ඔබ ගැනම දුකකින්, ඉච්ඡාභංගත්වයකින් ජිවත් වන බවකි. ඇත්තටම ඒක එහෙමද ? ඔබට ඔබ ගැන විශ්වාසයක් නැතිද ?
ඔබ හොඳ නම් ඔබට හරියන්න ඕනය. ඔබ එහෙම හිතන්න. ඒ අනුව වැඩ කරන්න උත්සහ ගන්න. ඔබට අවාසි වෙන දේවල් වලදි හොඳ – නරක ගැන නොව ඔබට යහපතක් වෙනවාද යන කාරණය සිතා එසේ නොවන්නේ නම් ඉවත් වෙන්න. තමන්ගේ ජිවිතය වෙනුවෙන් වැඩ කරන්න.
හොඳ වෙලා දියුණුව පිණිස නිකන් සිටියාට වැඩක් නැත. කේන්දරය හොඳ වුවද මහන්සි විය යුතුය.කේන්දරය හොඳ නරක කෙසේ වෙතත් අපල යනාදිය තිබේ නම්  අපල යනාදිය තිබේ නම් කරදර – බාධක මැද අනිවාර්ය මහන්සි විය යුතුමය.
ජයග්‍රහණය – යහපත ලැබෙන්නේ එවිට පමණි.
තේරුම් ගන්න !

 

Photo By: Guilherme Stecanella

Related Articles