Home Health & WellnessMental Wellness & Psychology පිරිමි හැසිරීම් තේරුම් ගමුද ? -01

පිරිමි හැසිරීම් තේරුම් ගමුද ? -01

by LADY.LK

මෙහෙම කිව්වාම එකපාරට හිතෙන්නෙ හැමදේම හරියටම පුලුවන් වේවි කියල නේද ? ඒත් එහෙම නෑ. ලෝකෙ සමහර රට වල කැපවීමෙන් මිනිසුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරලා තීරණ වලට එළඹෙනව. ඒ කියන්නෙ විද්‍යාත්මකම. පරික්ෂණ, නිරීක්ෂණ, නිගමන අනුව.
ඉතින් එහෙම කරන එක්තරා විද්‍යාඥවරියක් තමයි වැනේසා වැන් එඩ්වඩ්ස් කියන්නෙ. එයා ඒ ගැන පර්යේෂණ කරලා ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා.
එතනදි මූලිකව එයා කියන දෙයක් තමයි පිරිමි සහ ගැහැණු කියන අය ප්‍රතිචාර දක්වන්නේ සහ හැසිරෙන්නෙ දෙවිදියකට කියන දේ. ඒවගේම හැසිරීම තේරුම් ගන්නට ( Body Language) පිරිමින්ට වඩා කාන්තා පාර්ශවය දක්ෂයි කියලත් එයා හොයාගෙන තියෙනව.

Vanessa Van Edwards | (Image: everyday-mba.com)

 

ගැහැණු අයගේ හැසිරීම් ලඑක්ෂණ විදියට ගත්තාම, කොණ්ඩය සැකසීම ( මේ වෙලාවෙ බෙල්ල පේන්නම කොණ්ඩය හදනව), පැත්තකට මුහුණ හැරවීම වගේ ලක්ෂණ ප්‍රමුඛව තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට පිරිමි අයට මේ කාරණා තේරුම් ගන්න අමාරු බවයි වැනේසා හොයාගෙන තියෙන්නෙ. වැනේසා කියන්නෙ මේ හැසිරීම් ලක්ෂණ 3ට වඩා අඩු තරමින් 4ක්වත් දැක්වුවොත් තමයි පිිරිමි අය ඒක තේරුම් ගන්නෙ කියල. ඉතින් පිරිමි අය කාන්තාවක් බෙල්ල හැරෙව්වා මූලිකව හිතන්නෙ ඇයගෙ බෙල්ලෙ අමාරුවක් තියෙනව කියලයි. ඒවගේ තේරුම් ගැනීමේ අපහසුකම් එයාලට තියෙනවා.
ඒවගේම එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රයකින් පිරිමි සහ ගැහැණු මොළයන් සංසන්දනාත්මකව බලද්දි පිරිමි අය දේවල් හයිලයිට් කරගන්නෙ 5ක් විතර. නමුත් කාන්තාවන් 15ක් විතර හයිලයිට් කරගන්නවා. තව දෙයක් බොරු කීම ගැන හිතද්දි ගැහැණු අයට වඩා 8 ගුණයක් වැඩියෙන් පිරිමි අය බොරු කියන බව හොයාගෙන තියෙනවා.

අපි ඊළග දවසක බලමු, ගැහැණු සහ පිරිමි බොරු කියන හේතු සහ විදි වගේ කාරණා ඉදන් කොහොමද කියල.

Related Articles