Home Health & WellnessMental Wellness & Psychology හිතනපතන හැමදේම ඔබට දෙන ආකර්ෂනයේ නීතිය

හිතනපතන හැමදේම ඔබට දෙන ආකර්ෂනයේ නීතිය

by LADY.LK

හැමදේම ලැබෙන්නේ තියෙන කෙනාටමයි, නැති කෙනොට මොනම දෙයක්වත්
නෑ. මේක මහා අසාධාරණ ලෝකයක්. අපේ හිත්වල තියෙන බලාපොරොත්තු,
හීන, අරමුණු සුන් වෙලා ගියාම ගොඩක් අය කියන කතාවක් තමයි මේක.
මේක මහා ප්‍රහෙළිකාවක් තවකෙනෙක්ට ලැබෙන කොට ඔබට නොලැබී යන්නේ
කෙහොමද? ඇත්තටම ඒක රහසක්.
ඔබ දන්නවද? බොහෝ දෙනාට නොතේරුණු මේ රහසට පිළිතුර “කෘතඥතාව”
නම් වූ එකම එක වචනය තුළ ගැබ්වී තිබෙන බව…? දැන් අපි තියෙන කෙනාට
හැම දේම ලැබිලා නැති කෙනාට මෙනවත්ම නොලැබෙන ප්‍රහේලිකාවේ කතාව
මෙන්න මේ විදිහට විසඳ ගමු. මං ඒක මෙහෙම කියන්නම්කෝ.
“කෘතඥතාව ඇති කෙනාට තව තවත් ලැබෙන අතර ඉන් ඔහු වඩාත් දියුණුවට
පත් වෙනවා. කෘතඥතාවය නැති කෙනාට කිසිවක් නොලැබෙන අතර, ඔහුට
තිබෙන දෙයත් විනාශ වෙනවා.”  දැන් ඔබට හිතෙයි මේ මොන විකාර කතාවක්ද
මේ කියලා.
ඔබ අදහන ආගම කුමක් වුවත් ඔබ ආගම් විශ්වාස කළත්, නැතත් අනෙකාට
කෘතවේදී වීමේ වචන තුළ සැඟවී තිබෙන‍්නෙ විද්‍යාවේත් විශ්වයේත් මූලික
නීතියයි. එනම් ආකර්ශනයේ නීතියයි.( law of attraction) එය විශ්වීය පොදු සමස්ත
නීතියයි. ඒ නීතිය තුළින් ක්‍රියාත්මක වන කෘතඥතාවය පිදීමේ අරුත ඔබගේ
මුලුමහත් ජීවිතය පුරාම සිය අණසක පතුරවමින් ඔබට ජයග්‍රහණ සහ යහපත
ගෙනෙන බව ස්ථිරයි.  
මොනවගේ අවස්ථාවලදීද අපි කෘතවේදී වෙන්න ඕන ? ඒක හරිම සරලයි. හැම
වෙලාවෙම හැම දෙනාටම ඔබ කෘතවේදී වන්න. නමුත් කිසිවකු ඔබට කෘතවේදී
වේයැයි බලාපොරොත්තු නොවන්න. හැම දෙනාටම ඔබ ආදරය කරන්න නමුත්
කිසිවකුගෙන් ඔබ ආදරය බලාපොරොත්තු නොවන්න. හැමදෙනා සමඟම ඔබ
සිනාවෙන්න. කිසිවකුගෙන් ඔබ සිනාහවක් බලාපොරොත්තු නොවන්න. 
හැමදෙනාටම ඔබ පිහිටවෙන්න.  කිසිවකුගෙන් ඔබ පිහිටක් බලාපොරොත්තු
නොවන්න. ඔබ හැමදෙනාගේම සැප දුක විමසන්න. කිසිවකු, ඔබගේ සැප දුක
විමසාවි යැයි බලාපොරොත්තු නොවන්න. මේක විද්‍යාවේත් විශ්වයේත් මූලික
නීතියක්.
 නමුත් අපි ගොඩක් වෙලාවට හිතන්න පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට..
දැන් නම් මට මේ රස්සාව එපා වෙලා, මේ හිඟන පඬියෙන් ඇති වැඩක්

තියෙනවද? කසාදේ කියන්නේ ප්‍රශ්න පත්තරයක්, මට සල්ලි නෑ, එයා මට කැමති
නෑ.. ඔන්න ඔය වගේ දේවල්. ඔබ නිතරම හිතන්නේ මේ විදිහට නම් දිගින්
දිගටම ඔබ වෙතට ආකර්ෂණය කර ගන්නෙ ඒ වගේ අසුබවාදී දේවල්මයි.  
එහෙම නැතුව ඔ‍බ ඉන්න තත්වය, වටපිටාව කොච්චර නරක් වුණත්
කෘතවේදීව ලද දෙයින් සතුටු වෙලා මෙන්න මේ විදිහට හිතුවොත් මේ රස්සවට
මම කැමතියි, මේ පඬිය මට ජීවත් වෙන්න ප්‍රමාණවත්, මොන අඩුපාඩ් තිබුණත්
කසාද ජීවිතේ හරි සුන්දරයි, මම උපයන මුදල ගැන මම සතුටු වෙනවා, මම
එයාට ආදරෙයි
මෙන්න මේ විදිහට හිතුවොත් අර අපි මුලින් කීව “ආකර්ෂණයේ න්‍යායයෙන්,
ඔබට ඔබගේ ජීවිතයට තව තවත් වැඩිපුරම එවැනි සුබවාදී දේවල්ම ලැබෙන්න
පටන් ගන්නවා. ඔබට හිතෙයි මේ මොන මැජික් එකක් ගැනද මේ කියන්නේ
කියලා. නමුත් ඒකට තමයි විශ්ව නීතිය කියන්නේ. ඔබගේ කෘතවේදී බව
හරියට ම කාන්දමක් වගේ. කෘතවේදිත්වය, ‘ස්තුති’ කිරීම වැඩිවෙන්න
වැඩිවෙන්න ඔබට ලැබෙන වරප්‍රසාදත් කාන්දමකින් වගේ ආකර්ෂණය වෙලා ඔබ
වටා එක් රැස් වෙනවා.
ඒක එහෙම වෙන්නේ කොහොම අ? කොහොම කෘතවේදී වෙන්නේ ? කාරණාව
හරිම සරලයි.
ඔබ උදෑසන නැගිටින විට, හිරු එළියට ස්තුති කරන්න, ඇදෙන් නැගිටින පෙර
අතපය සොලවා බලන්න.. ස්තුති කරන්න ඔබේ අතපය ක්‍රියාකාරී වීම ගැන,
ඔබේ ජීවිතයට සහ ඔබට ලබා දී ඇති ශක්තියට, දෑස් හැර බලන්න ස්තුති
කරන්න ඔබට වෙනදා තරම්ම පෙනීමේ ශක්තිය ලබා දුන්නට . ස්තුති කරන්න
ඔබට සපයා ඇති ආහාර වලට, ස්තුති කරන්න ජීවත් වෙන්න ලැබීමේ සතුට.
ස්තුති කරන්නට තරම් දෙයක් ඔබට නැතිනම්, මතක තබා ගන්න එය ඔබ තුළ
තිබෙන තක්සේරු ගත කළ නොහැකි අඩුපාඩුවක්. ඔබ ලද දෙයට කෘතවේදී
නොවනවා කියන්නේ ඔබට ආපස්සට දෙයක් නොලැබනවා කියන එකයි.

සතුට කියන්නේ නිධානයක්. ඒ නිධානයට උරුමකම් කියන්න නම් ඔබ කෘතවේදී
විය යුතුමයි. ඔබ කෘතවේදී නොවීම නිසා සතුට, ආදරය, මුදල්, මානසික නිදහස
ඔබෙන් ඈත්වී යන්නට පුළුවන්, යහපත් ආදර සබඳතාවයක් නොලෑබී යන්නට
පුළුවන්, මේ තළින් සතුට ආකර්ෂණය වීමට ඇති පාරවල් වසා ගෙන ඉන්නවා. ඒ

විතරක් නෙමෙයි ඔබේ ව්‍යාපාර දියුණුව, රැකියා දියුණුව ,කඩාකල්පල් වෙන්න
පුළුවන්.
ආකර්ෂනයේ නීතිය තුළින් ඔබේ ජීවිතය ලස්සන කර ගන්න නම් මුලින්ම ඔබ
“ඔබට ස්තුති” (Thank you) කියන මැජික් වචන දෙක භාවිතා කිරීමට පටන්
ගන්න.කෘතවේදී ව වීමටත්, එහි ඇති මැජික් බලය ඔබගේ ජීවිතය තුළ
අත්විඳින්නටත්, නිරන්තරයෙන් , ඔබ විසින් හිතාමතාම සන්නිවේදනය කළ යුතු,
විඳිය යුතු, අවධාරණය කළ යුතු වචනය වන්නේ “ස්තුතියි” යන්නයි.බේ අනාගත
සිහින ඔබ හා යාකරන පාලම කෘතවේදීතාවයේ මේ කියන අපූරු මැජික් බලයයි.
“ස්තුතියි” එහෙමත් නැත්නම් කෘතවේදීතාවය යන වචනය ඉන්ද්‍රජාලික බලයක්
සතු වචනයක්. එය වැඩි වැඩියෙන් පාවිච්චි කරන තරමට, ඔබට ම දැනේවි ඔබ
වඩ වඩාත් කෘතවේදී වෙන බව. ඔබ කෘතවේදී වෙන්න වෙන්න ඔබට දැනේවී
සියල් අහිමි වූ ඔබට, ඔබේ හීනවලට, ඔබේ බලාපොරොත්තුවලට නැවතත් හුස්ම
වැටෙන බව. ඔබට ලැබුණු දේවල්වලට අවංකවම කෘතවේදී වෙන්න.මෙම
කෘතවේදී බව ප්‍රගුණ කිරීම ඔබගේ දින චර්යාවට එක් කර ගැනීම කොතරම්
සරල පහසු ක්‍රමයක් ද කියලා ඔබ සොයාගත්තාට පස්සෙ සහ එහි ගුප්තව
තිබෙන පුදුම සහගත සාර්ථක ප්‍රතිඵල ඔබ අත්විඳින්න පටන් ගත්තාට පස්සෙ,
ඔබ දැනට මේ පුරුදු වෙලා ඉන්න මලානික වියලි ජීවිතයට අනිවාර්යයෙන් ම
සුබදායක පොද වැස්සක් වැටේවි.  
ඔබ දිනපතාම මෙම කෘතවේදය පුරුදු පුහුණු කළොත්, ඔබගේ ජීවිතය
අනපේක්ෂිත ලෙස, පුදුමාකාර ලෙස, විශ්වාස කළ නොහැකි ලෙස ඒ තරමටම
හුඟාක් වෙනස් වේවි. අවංකවම කෘතවේදී වෙන්න. එහි විශ්මිත බලය ඔබට
ස්ථිර වශයෙන්ම භුක්තිවිදීමට අවස්ථාව ලැබේවී. 
ඔබ කෘතවේදය ටිකක් පුහුණු කළොත් ඔබේ ජීවිතය ටිකක් වෙනස් වේවි. ඔබ
දිනපතාම එය හුඟක් පුහුණු කළොත්, ඔබගේ ජීවිතය අනපේක්ෂිත ලෙස,
පුදුමාකාර ලෙස, විශ්වාස කළ නොහැකි ලෙස ඒ තරමටම හුඟක් වෙනස් වේවි.  
නමුත් ස්තුතියි කියන වදනය නිකම්ම නිකන් උච්චාරණය කරන්න යන්න එපා .
ඔබ ඔබට අවංක වෙන්න ඔබ ඔබ කෙරේ ඔබේ වචනය කෙරේ පූර්ණ විශ්වාසය
තබන්න.

“අපි අප‍ගේ කෘතඥතා ප්‍රකාශ කරන විට අමතක නොකළ යුතුම දෙයක් ඇත.
එනම් ඉතාමත් ම උසස් අගය කිරීම වන්නේ නිකම්ම නිකන් වචන උච්චාරණය
කිරීම නොව, ඒ වචන කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමයි.”  
අවසාන අදියර සඳහා ආරම්භය‍  

  1. උදෑසන නැගිට්ට වහාම ඔබ කෘතඥතාව දැක්විය යුතු ඔබගේ ජීවිතයේ සිදු වූ
    සුබදායි දේවල් දහයක් (10) ලැයිස්තුගත කරන්න.  
  2. ඒ හැම එකටම ඉදිරියෙන්, ඔබ ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්නෙ ඇයි
    කියලත් ලියන්න.  
    මේක තමයි සාර්ථකත්වයේ , සතුට නැමැති නිධානයට උරුමකම් කීමේ එකම
    මැජික් වචනය. එය හදවතේ ගැඹුරම තැනනින් හෘදයාංගමව ඔබට ස්තුතියි කියා
    පවසන්න

Related Articles