තොසේ කියන්නේ බොහොම රසවත් ආහාරයක්. රාත්‍රී ආහාර වේලකට නම් තොසේ පන්කාදු පහයි. නමුත් වෙනත්ම රසයකින් එළවළු තොසේ හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය..
අවශ්‍ය ද්‍රව්‍ය
උඳු පිටි අඬු කෝප්ප 2
පාන්පිටි අඬු කෝප්ප 1
බිත්තරයක්
කැරට්, ගෝවා, රතුලූනු අඬු කෝප්ප 1
අමුමිරිස්
බටර් ටිකක්
ලුණු රසට අනුව
සාදන ආකාරය
කැරට්, ගෝවා, රතුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව ලියා ගන්න. දැන් පාන්පිටි, උඳුපිටි බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න. දැන් එයට බිත්තරය, ලුණු දමා නැවත කලවම් කරගන්න. වතුර එකතු කරමින් උකු තෝසේ පදම ලබාගන්න. දැන් රත්වූ තැටියක බටර් ආලේප කරමින් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. මේ ආකාරයටම තෝසේ පිටි මිශ්‍රණය තරමක් දියාරුව සාදාගෙන ඉන් තෝසේ සාදා ලියාගත් එළවළු වර්ග යන්තම් බටර් ටිකක තෙම්පරාදු කරගෙන මැදට දමා තෝසේ රෝල් කර වුවද පිළිගැන්විය හැක.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article we are talking about how to make a vigitable dhosa .You can read the article and put your feedback on it.