Home LifestyleFashion සැලෝන් නොයා ගෙදර ඉදන්ම හිස කෙස් හැඩ කර කරගන්න සරල ක්‍රම තුනක්

සැලෝන් නොයා ගෙදර ඉදන්ම හිස කෙස් හැඩ කර කරගන්න සරල ක්‍රම තුනක්

by LADY.LK

මේ විශේෂාංගය අරන් ආවේ හිස කෙස්  ගැන හිතන ඔයාටමයි. කොහොමද සැලෝන් නොගිනින්,කොන්ඩේ ක්‍රේල් එක සෙට් කර ගන්න , රසායනික දේවල් භාවිතා නොකර  කොන්ඩෙ පාට ගන්ව ගන්න තියෙනවනම්, එතකොට කොන්ඩෙ තෙල් ගතිය නිසා ගෙදරින් එලියට බැස්ස ගමන් ඔයාගේ කොන්ඩේ ෆ්‍රෙෂ් ගතිය නැති වෙන එකත් ලොකුම කරදරයක් නේ. එහෙනම් ඔන්න අද ඉදන් ඒ කරදර වලට තිත තියන්න පුළුවන් ක්‍රම එහෙමත් නැත්නම් tricks වගයක් අරන් ආවා

 

රැලි සහිත කොණ්ඩයට

ලෙමන් කැබලි දෙකක් ගෙන වතුර කෝප්ප දෙකකට මිශ්‍ර කර එහි හරි අඩක් වන සේ උණු කර ගන්න.ඉන්පසු එය ස්ප්‍රේ බෝතලයක් මගින් කොණ්ඩයට ස්ප්‍රේ කර ගන්න. එමගින් ස්ථීර ලෙස තබා ගත හැකි දිදුලන කෙස් කලබක් හිමි වේ.

 

ස්වභාවික හිසකෙස් වර්ණයකට 

ඔබට හිමි දුබුරු පැහැ කෙස් කලබක් නම් රෝස්මේරි අතු කැබිලි දෙකක් ගෙන වතුර කෝප්ප දෙකකට දමා තේ කොළ තේ හැදී 2ක් සමග මිශ්‍ර කර එහි හරි අඩක් වෙන සේ උණු කර ගන්න. ඉන්පසු එය ෂැම්පු කෝප්ප 1\2 ක් සමග මිශ්‍ර කර ස්නානය කරන විට භාවිත කරන්න එම ෂැම්පු මිශ්‍රණය මිනිත්තු 15ක් පමණ හිස කෙස් මත ගලවා තබන්න.

 

ඉක්මනින් හිස කෙස් සත්කාරය

අම්ලා පුයර හෝ වෙනත් පුයර වර්ගයක් ඔබේ හිස පිරන බුරුසුව මත ගලවා හිස කෙස් පිරන්න. මෙයින් ඔබට තෙල් රහිත පිරිපුන් කෙස් කලබක් ලබා ගත හැක.

 

Related Articles