Home LifestyleFashion කුරුලෑ නැති කරගන්න

කුරුලෑ නැති කරගන්න

by LADY.LK

කුණු දූවිලි රැඳීම මුහුණේ කුරුලෑ ඇතිවෙන්න ලොකුම හේතුවක්. නිතරම මුහුණ සෝදලා පිරිසුදුව තියාගැනීමෙන් කුරුලෑ ඇතිවෙන එක වළක්වගන්න පුළුවන්. ඒ වගේම මුහුණ පිරිසුදු කිරීම සඳහා සුදුසු ෆේෂ් වොෂ් එකක් පාවිච්චි කරන්නත් ඔබට පුළුවන්. හැබැයි මිනරල් ඔයිල් අඩංගු ඒවා නම් සුදුසු නැහැ. කුරුලෑ ගෙදරදීම හොඳ කරගන්න පුළුවන් ස්වාභාවික ආලේපනයක් පාවිච්චි කරන්න ඔයාලත් කැමැති ඇති. බලන්න පහසුවෙන්ම සාදාගන්න පුළුවන් මේ ආලේපනය මඟින් ඔබේ කුරුලෑ ගැටලුවට ඉක්මන් සහනයක් ලැබෙනවා නේද කියලා.

මී පැණි මේස හැන්දකට දෙහි ගෙඩි 1/2 ක පමණ යුෂ මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි. 20 කින් පමණ සෝදා හරින්න. මෙය සතියකට වරක්වත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

වැදගත්ම කරුණ තමයි මේ මොන දේ කළත් වැඩක් නැහැ ඔබ නිතර මානසික ආතතියකින් ඉන්න කෙනෙක්නම්. මොකද කුරුලෑ ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි මානසික ආතතිය. අපේ රටේ තිබෙන කෑමවලින් කුරුලෑවලට ලොකු බලපෑමක් නොවුණත් චොක්ලට් අඩංගු කෑම නම් එතරම් ගුණදායක නැහැ. කැරට්, නිවිති, ගෝවා, පිපිඤ්ඤා, බිත්තර, හතු, මුහුදු ආහාර ඔබේ කෑම වේලට එක්කර ගැනීමෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම නිතරම සතුටින් ඉන්න පුළුවන් නම් මේ ගැටලුවෙන් මිදෙන්න ඔබට කිසිම අපහසුතාවක් නැහැ.

Related Articles