Home Health & WellnessBeauty Care ශරීරයේ පවතින අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී රේසර් භාවිතා කරන්නේ බලාගෙනයි

ශරීරයේ පවතින අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී රේසර් භාවිතා කරන්නේ බලාගෙනයි

by LADY.LK

කාන්තාවන්ට තියෙන ප්‍රබලතම ගැටළුවක් තමයි ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම. ඒ සඳහා ඔවුන විවිධ උපක්‍රමයන් භාවිතා කරනවා. ඒ අතර බොහෝ දෙනා භාවිතා කරන්නේ රේසර්. නමුත් මෙම ක්‍රියාව සඳහා රේසරයක් භාවිතා කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වියයුතුයි. මක් නිසාදයත් ඉන් ඔබට අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. එමෙන්ම විශබීජ ශරීරගතවීමටත් ඉඩකඩපවතිනවා. ඉතිං  ඔබත් අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා රේසර් භාවිතා කරන කෙනෙක් නම් මේ දේවල් ගැන අනිවාර්‍යෙන්ම සැලකිලිමත් වෙන්න මතක තියා ගන්න.

 

1) භාවිතා කරන ස්ථානය

 

රේසරයෙන් රෝම ඉවත් කිරීමේදී  එම රෝම ඉවත් කරන්නේ ශරීරයේ කුමන ස්ථානයේද යන්න පිළිබඳව ඉතාමත් සැලිකිලිමත් විය යුතුයි. එහිදී දෙපා, දෙඅත් සහ කිහිලි ආශ්‍රිත ප්‍රාදේශවල රෝම ඉවත් කර ගැනීම සඳහා රේසර් භාවිතා කිරීම ගැටලු කාරී වන්නේ නැහැ.

නමුත් කාන්තාවන්ගේ  මුහුණේ පවතින අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා රේසර් භාවිතා කිරීම එතරම්ම සුබදායි නැහැ. ඇහි බැම සහ මුහුණ වෙනුවෙන් වැක්ස්, ත්රේඩින්, ලේසර් වගේ ක්‍රම භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි.

 

2) රේසරය සමග ශේවින් වලට තිබෙන විශේෂ ක්‍රීම් එකක් ගාන්න ඕනේ

 

වියළි සම මත රේසරය කෙලින්ම ඇදීමෙන් සම තුවාල වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. ක්‍රීම් ඕනෙම වෙළඳසැලකින් මිලට ගන්න පුළුවන්. සබන් වැනි ආදේශක වලට වඩා කොතරම් සුසිනිදු බවක් ලැබෙනවද කියල එක වරක් පාවිච්චි කරහම ඔබට වැටහේවි.

 

3) අලුත්ම රේසරයක්

 

ඔබේ නිවසේ ඉන්න තාත්තා, අයියා, නැතිනම් සැමියා  පරිහරණය කළ පපරණ රේසරයක් භාවිතා කරන්නේ නම් එය වහාම නතර කළ යුතුයි. සතියකට වඩා එක රේසරයක් භාවිතා කරන්නත් එපා.. රේසරය පරණ වෙද්දී තලය මත විෂබීජ වැඩෙන අවස්ථා වැඩි වෙනවා..

 

 

4) කටු කටු අයින් වෙන්න හොඳට ස්ක්‍රබ් කරන්න

 

රේසර් කරලා ඉවර වුණ ගමන්ම හොඳ බොඩි ස්ක්‍රබ් එකකින් ස්ක්‍රබ් කරන්න. එතකොට කටු කටු ගතිය එන්නේ නැහැ.

 

 

5) Moisturizer ක්‍රීම් ගාන්න

 

රේසර් කරලා සෝදලා තෙත මාත්තු කර ගන්න. ඉන්පස්සේ සමේ තෙතමනය රැකදෙන Moisturizer ක්‍රීම් එකක් අරන් හොඳින් සම්බාහනය කරන්න. ටිකක් වෙලා යන තුරු කෘතීම කිසිම ආලේපනයක් ගලවන්න එපා.

 

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about removing un wanted hair .You can read the article and put your feedback on it. 

Related Articles