වයස් ගත ප්‍රජාව අංශභාග රෝගී තත්වයට පත්වීම වර්ථමානය වනවිට බහුලවම දිකින්නට ලැබෙන කරුණක්. අංශභාග රෝගය වැළදීමට සෘජුවම බලපාන කාරණා කිහිපයක්ම පවතින බව වෛද්‍යවරුන් පවසනාවා. අපේ මුළු මහත් ශරීරයම පාලනයට නතු කරන්නේ මොළය මගින්. ඉතිං මොළයේ යම් කොටසක ඇතිවන අභාධයක් හේතුවෙන් අපේ ශරීරාංග අක්‍රිය වී යන්නට ඉඩ තිබෙනවා. එය කොටසක් හෝ පූර්ණ වශයෙන් අඩාල විය හැකියි. මොළයේ වම්පස ක්‍රියාකාරීත්වයෙන් ශරීරයේ දකුණුපස කොටස මෙහෙයවෙන අතර මොළයේ දකුණුපස කොටසින් ශරීරයේ වම්පස කොටස මෙහෙයවනු ලබනවා. . එබැවින් මොළයේ යම්කිසි තැනක ආබාධයක් සිදු වුවහොත් මොළයේ එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාකාරිත්වය අඩාල වී යැම හෝ මුළුමනින්ම නැත්තටම නැතිවී යා හැකිය. මෙය ශරීරයේ එක් පැත්තක අංශයක පණනැතිවීමක් ලෙස දක්නට ලැබෙයි. අංශ භාගය ලෙස වෛද්‍යවිද්‍යාවට අනුව හඳුන්වන්නේ මෙම රෝගී තත්වයයි.
මෙම රෝගය වැළඳීම කෙරේ බලපාන ප්‍රධාන හේතු කිහිපයකි. අධික රුධිර පීඩය, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවතීම, දියවැඩියා රෝගය පැවතීම ආදී හේතු කාරණා මෙම රෝග තත්වය ඇති වීම කෙරේ බලපාන ප්‍රධාන කරුණු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
අධික රුධිර පීඩනය
අධික රුධිර පීඩනය නිසා මොළයට රුධිරය ගෙන යන සියුම් නාලයන් පුපුරා යැම හේතුවෙන් අංශභාග තත්ත්වය හටගත හැකිය.
දියවැඩියාව
ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් හෝ ඔබේ පවුලේ ඥාතීන්ට, මවට හෝ පියාට දියවැඩියා රෝගය පැවතුනි නම් ඔබද රුධිරයේ සීනි පරීක්ෂාවට ලක්වීමෙන් ඔබ නොදැනුවත්වම හෝ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වී ඇත්නම් එය වහාම පාලනය කළ යුතුය. රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීමෙන් පහුසුවෙන්ම ඔබව මෙම රෝගී තතිවයට ගොදුරු විය හැකි බව වෛද්යවරුපවසයි.
කොලොස්ටරෝල්
රුධිරයේ අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් පැවතීමද, අංශභාගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි. තම පවුලේ වැඩිහිටියන්ට මවට හෝ පියාට රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවැතී ඇති නම් තමන් ද අවුරුදු 35 ට වැඩි පුද්ගලයකු නම් වසරකට තෙවරක්වත් කොලෙස්ටරෝල් පරීක්ෂාවට ලක්විය යුතුය. එහිදී තම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි නම් එය වහාම පාලනයට ප්‍රතිකාර කළ යුතුය. එහිදී වඩා වැදගත් වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රතිකාර කිරීමයි. එහිදී තම සිරුරට අත්වන වාසිසහගත තත්ත්වය නම් අනෙකුත් ඖෂධ වර්ග භාවිතයේදී මෙන් ආයුර්වේද ප්‍රතිකාර තුළින් අතුරු ආබාධ කිසිවක් ඇති නොවීමයි. අක්මාව, හෘදය සහ වකුගඩුවලට සිදුවන අතුරු ආබාධ කිසිවක් ආයුර්වේද ප්‍රතිකාර තුළ ඇතිවන්නේ නැත.
කොලෙස්ටරෝල් ප්රශස්ත මට්ටමක පවත්වා නොගතහොත් රුධිරයේ මේදය සියුම් රුධිර නාල තුළ තැන්පත් වීමෙන් රුධිර නාල අවරෝධ (අවහිර) වීමෙන් මෙම ආයුර්වේදයේ ඝ්රොaතස් අවරෝධය ලෙස හඳුන්වන අතර එසේ වීමෙන් මොළයට හා හෘදයට රුධිරය සපයන නාල අවහිරවීමෙන් රුධිර සැපයුම අඩාලවීමෙන් හෝ රුධිර කැටියක් ගැලවී පාවීගෙන විත් රුධිර නාලවල හිරවීමෙන් අංශභාග තත්ත්වය ඇතිවිය හැකිය.
මොළයට පිටතින් ඇතිවන තුවාලයක් නිසාත්, ගෙඩියක් අර්බුදයක් වැනි හේතුවක් නිසා මොළයට විෂබීජ ඇතුල්වීමෙන් ද අංශභාග රෝගයට ගොදුරු විය හැකිය.
අංශභාග රෝගීන්ගෙන් ඇතැමෙකුට මතුවන පූර්ව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇත. කථාව ගොතවී යැම කට පැත්තකට ඇදවීයැම, ඇඟට වැඩ කිරීමට නොහැකියාවක් ඇතිවීම, ඇස් පෙනීම තාවකාලිකව දුර්වලවීම, ශරීරයේ පැය කිහිපයකට පමණක් ඇති වෙන හිරිවැටෙන ගතිය. ඇසේ පැත්තක හිරිය, පණ නැති ගතිය ආදිය ඉන් සමහරකි. මෙම රෝග ලක්ෂණ ඔබ සතුව පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about preventing from parallelism . You can read the article and put your feedback on it.