Home Health & WellnessPhysical Wellbeing Zumba ගැන මේ දේවල් දැනගෙන ඉන්න එක වාසියක් වේවි

Zumba ගැන මේ දේවල් දැනගෙන ඉන්න එක වාසියක් වේවි

by LADY.LK

ගොඩක් දෙනෙක් ලේසියට සුම්බා කියල කිවුවට මේකෙ හරි නම Zumba. ඒ නිසා අපි හරි විදියටම කියන්නම්. Zumba ඩාන්සින් ගැන සමාජයේ තියෙන්නෙ තරමක් වැරදි මතයක්ද කියලත් හිතෙනවා. ඒ තමයි මේක බොරු පොෂ් වැඩක් කියන එක සහ මේක කාන්තාවන් පමණක් යොමු වෙන දෙයක් විදියට. ඒ මතයන් දෙකම වැරදියි කියන අදහස මුලින්ම කියලා අපි මේ සටහන අරඹන්න කැමතියි. ගොඩක් දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන වගේම, ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්න වගේම, ලංකාවෙ දැන් වැඩි වශයෙන් පන්තිත් පැවැත්වෙන නිසා මේ ගැන නම් අපේ කාන්තාවන් බොහොම උනන්දු ඇති. Zumba ගැන අතීත කතා වගේම වාසි ගැන කතා බොහොමයක් තියෙන නිසා මේ සටහන ඔබට ප්‍රයෝජනවත් සහ අවශ්‍ය තොරතුරු වෙනුවෙන් පමණක් වෙන් වෙනවා.

A to Z

A to Z කියන්නෙ හේතුවක් ඇතුව. ඒ තමයි Anybody can do Zumba කියන එක. අපි මුලින්ම කිවුවෙත් ඒකයි. මේක නගරයේ පොෂ් කට්ටියට හෝ කාන්තාවන්ට විතරක් සීමා වුණු එකක් නෙමෙයි. Zumba ඕනම කෙනෙකුට ගැලපෙනවා වගේම Zumbaවලට ගොඩක් දෙනෙක් එකතු වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි මේකෙන් ඇඟට දනවන සුවතාවය වගේම වෙලාව ගත වෙනවා නොදැනීම. අපි එළියේ හෝ ට්‍රෙඩ්මිල් එකක ඇවිද්දොත් අපිට පැයක් කියන්නෙ අතිශයින් දැණෙන කාලයක් වුණත් Zumba කරද්දි නම් පැයක් කියන්නෙ ඒ තරම් දැනෙන කාලයක් නෙමෙයි. ඉතිං අපි මේ කියපු ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියන සංකල්පය හැදෙන්නෙ Zumba වලට වයස් සීමාවක් නොමැති වීම සහ අඩු ශාරීරික යෝග්‍යතාවයක් පමණක් අවශ්‍ය වීම නිසායි. Aqua Zumba, Zumba Toning සහ Strong by Zumba වගේ බොහොමයක් ක්‍රම තියෙන නිසා ඔයාගෙ ශරීරයට ගැලපෙන දේ තෝරාගන්නත් පුළුවන්.

කැලරි දහනය

අපි උඩ කියපු ප්‍රකාශයෙන් Zumba ගැන වැරදි අදහසක් එන්නත් පුළුවන්. ඒ තමයි මේකෙන් කැලරි දහනය වෙන වේගය අඩුයි කියන එක. එහෙම වෙන්නෙ නෑ කියලා වගකීමෙන් කියන්න පුළුවන් වෙන්නෙ American Council of Exercise වෙතින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවට අනුව Zumba පන්තියක සාමාන්‍ය දිනයක් තුළ විනාඩියකට කැලරි 369ක් සාමාන්‍යයෙන් දහනය වෙන බව දක්වා තිබීමයි.

The American Journal of Health Behavior දක්වන විදියට සාමාන්‍යයෙන් සතියකට තුන්වරක් බැගින් සති දහසයක් Zumba පන්ති පැමිණි type 2 diabetes වෙතින් සහ තරබාරු කමෙන් පීඩා විඳින කාන්තාවන් ඇසුරෙන් ගත් නියැඳියකින් සාමාන්‍යයක් ලෙස 1%කින් සිරුරේ මේදය අඩු කරගෙන ඇති ​සේම දිනකට කිලෝ එකකට වඩා බර අඩු කරගෙන තිබෙනවා.

ඒ වගේම Zumba නිසා මානසික සැහැල්ලුව ඇති වී බොහෝ දෙනෙකුගේ එදිනෙදා ජීවිතයද ප්‍රීතිමත් වූ බවයි කියවෙන්නේ.

මේ දවස්වල​ට අදාල කාරණයක්

ඔයත් මේ දවස්වල Zumba ක්ලාස් එකක් හොයනවානම් මේ කියන කාරණය ඔයාට වැදගත්. ඒ තමයි මේ දවස්වල බොහෝදේවල් අන්තර්ජාලය හරහා වීඩියෝ කන්ෆරන්ස් මට්ටමෙන් සිද්ධ වෙන නිසා ඔයාගේ Zumba ඉන්ස්ට්‍රක්ටර්ව නිසි ලෙස හොයා බලලා තෝරාගන්න කියන පණිවුඩය. මේ කාලෙ බොහෝදෙනෙක් ව්‍යාජ ව්‍යාපාර පටන්ගෙන තිබෙනවා. ඒවා ටියුෂන් පන්ති වගේම නොයෙක් ලෙසින් ඇති නිසා අන්තර්ජාලයෙන් Zumba කියාදෙන මට්ටමටත් එන්නට බැරි නැහැ. එනිසා ඔබ අනිවාර්යයෙන්ම විමසිලිමත් වන්න.

අමතර වාසියක්

Zumba නිසා ලැබෙන අමතර වාසිය තමයි නැටුම් පුහුණුව. රිද්මයානුකූලව කෙරෙන ව්‍යායාමයක් නිසා මේකත් එක්ක අපේ ඇඟට නටන්නත් හොඳ හැකියාවක් එකතු වෙන බව Zumba පන්ති යන අය කියන ප්‍රධානම කාරණයක්. එනිසාම සංගීතයට ප්‍රිය අය Zumba වෙත තදින් බැඳීමත් වළක්වන්න බෑ.

Zumba කරනවානම්

Zumba කරනවානම් අත්‍යවශ්‍යම දේ තමයි ඔබට ගැලපෙන සපත්තු යුවලක්. සපත්තු යුවලක් පාවිච්චි කරන ඔබට ඊලඟට අවශ්‍යම දේ තමයි වතුර. Zumba කරන්නට පෙර, කරන අතරතුර සහ පසු වතුර පානය කිරීම වැදගත්. ඒ වගේම දාඩිය උරාගන්නා ඇඳුම් සහ තුවායක් ලඟ තබා ගැනීමත් වැදගත්. ඒ වගේම පෝෂ්‍යදායී ආහාර ලබාගන්න. ඒ වගේම Zumba කරන්නට පළමුව ඔබේ උපදේශවරයා සමග කතා කර ඔබේ රෝග හෝ ආබාධ ඇති නම් ඒ ගැනත් කතා කර ඔබට ගැලපෙන සහ වඩාත්ම පහසු ක්‍රමය තෝරාගන්න.

Related Articles