Home Health & WellnessPhysical Wellbeing දියවැඩියාව පාලනය කර ගන්න මේ දේවල් අනුගමනය කරන්න

දියවැඩියාව පාලනය කර ගන්න මේ දේවල් අනුගමනය කරන්න

by LADY.LK

දියවැඩියාව කියන්නේ අද කාලේ බොහෝ දෙනෙක්ට  තිබෙනව බෝ නොවන ගනයේ රෝගයක්.  ලේවල පවතින සීනී මට්ටම දීර්ඝ කාලීනව ඉහළයාම, අධික තරබාරුකම, අලස ජීවන රටාව, අසමතුලිත ආහාර රටාව, වැනි හේතු සාධක නිසා ඔබ මෙම රෝගී තත්වයට පහසුවෙන්ම ගොදුරු විය හැකියි..

දියවැඩියා රෝගය නිසා ඔබේ හෘදය, පාද, වකුගඩු, ඇස් හා ස්නායු පද්ධතිය ආශ්‍රිත විවිධ සංකූලතාවයන් ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව නිට්ටාවටම සුව කළ නොහැකි රෝගයක් වූවත්  එය පාලන කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා.

ඒ වෙනුවෙන් ක්‍රියාශීලී  ජීවන රටාවකට හුරු වීම, සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරුවීම හා වෛද්‍යවරුන්ගේ නිසි ප්‍රතිකාර ලබා ගත යුතු වනවා.

 

සෞඛ්‍යදායි ආහාර රටාවක් කියන්නේ ගුණාත්මක බවින් වැඩි ආහාර නියමිත ප්‍රමාණයකට නියමිත වේලාවකට ලබා ගැනීමයි.

එමෙන්ම එම ආහාර අධික පිෂ්ඨය සහිත ග්ලූකෝස් මට්ටම වැඩි පැණි රස ආහාර නොවිය යුතුය.

ඒ වෙනුවෙන් නිවුඩු සහිත තැම්බූ සහල් වඩා සුදුසුය. පාන් පිටි ආහාර වෙනුවට ආටා පිටි, සහල් පිටි තෝරා ඔබට වඩාත් සුදු වෙවි.

අල, බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල් වැනි ආහාරවල පිෂ්ඨය අධික හෙයින් ඒවා සුළු වශයෙන් ආහාරයට ගැනීම වඩිත් සුදුසු වෙනවා.

 

එළවළු සහ පලතුරු

ප්‍රධාන වේල් අතරතුරට පලතුරක් ගන්න.
මඳක් ඉදුණු පලතුරුද අමු එළවළු ද වඩා සුදුසුය.
පලතුරු යුෂ වෙනුවට පලතුරුම ආහාරයට ගන්න.
වියළි පලතුරු වර්ග අඩුකරන්න. ටින් කළ, රස කළ පලතුරුද සුදුසු නැත.
එක් වේලකටවත් පලා වර්ගයක් ආහාරයට ගන්න.

 

පියලි ආහාර

මස්, මාළු, කිරි, බිත්තර මෙන්ම පියලි ආහාර ද ආහාර වේලෙහි අඩංගු විය යුතුය.
සම සහ තෙල් ඉවත් කළ සුදු පැහැ මස් වර්ග වඩා සුදුසුය.
ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් වැනි ආහාර සීමා කරන්න.
මස්, මාංශ වෙනුවට මුං ඇට, කඩල, කවුපි, සෝයා හා පරිප්පු වැනි ආහාර වඩා සුදුසුය.
මේද රහිත කිරි සහ කිරි ආහාර ද ආහාර වේලට එක් කරගන්න.

පැණි රසැති ආහාර නොසුදුසුය.
ප්‍රධාන ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල් දෙකක් දවසේ සුපුරුදු වෙලාවක් තුළ ගන්න.

අමතර ආහාර වේල් සඳහා කුඩා පලතුරක් ගන්න.

කොතරම් ගුණ වුවද පමණ ඉක්මවා ආහාර නොගන්න.

ව්‍යායාම

දවස මුළුල්ලේම ක්‍රියාශීලී වන්න. හිඳගෙන සිටින සෑම පැයකටම වරක් මදක් නැගිට ඒකාකාරී බවෙන් මිදෙන්න.

 

හැකිනම් මදක් ඇවිදින්න.
නිවස පිරිසුදු කිරීම, ගෙවතු වැඩ හා කය වෙහෙසා අතු ගෑම් ආදි වැඩක යෙදෙන්න.
සතියකට දින තුනක්වත් දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් ව්‍යායාමයක යෙදෙන්න.
ඇවිදීම, පිහිනීම හා බයිසිකල් පැදීම වැනි ව්‍යායාම මඟින් තරබාරු බව පාලනය කරන අතර ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය ද වැඩි කරයි.

 

වෛද්‍ය උපදෙස් අනුව නිසි කලට නියමිත ඖෂධ මාත්‍රාව ලබාගන්න. කලට වෙලාවට වෛද්‍ය උපදෙස් පරිදි අදාළ වෛද්‍ය පරීක්ෂණ කරවා ගන්න. වෛද්‍ය උපදෙස්වලින් තොරව බෙහෙත් බීම නතර කිරීම හෝ අඩු වැඩි කිරීමෙන් වළකින්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about preventing from diabetics . You can read the article and put your feedback on it.

Related Articles