Home Health & WellnessPhysical Wellbeing කාන්තා ඔබ​ට බර අඩු කරගන්නට රස උදව්වක්

කාන්තා ඔබ​ට බර අඩු කරගන්නට රස උදව්වක්

by LADY.LK

වර්තමානය වෙනකොට ශරීරයේ බර වැඩිවීම කියන කාරණය බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන්නේ බර වැඩිවීමත් එක්කම නොයෙකුත් සෞඛ්‍යමය ගැටලුවලට මුහුණපාන්න සිදුවීම නිසයි. විශේෂයෙන් ම අපේ කාන්තා පාර්ශවය තමන්ගේ ශරීරයේ බර වැඩිවීම ගැන වැඩි වශයෙන් හිත කරදර කරගන්නේ බර වැඩිවීමත් එක්කම ශරීරයේ හැඩය, සහ පෙනුම අවලස්සන වෙනවා යනුවෙන් මතයක් ගොඩනැඟී තියෙන නිසා කියලා කියන්න පුලුවන්. වැරදි ආහාර රටාව සහ සිරුරට ව්‍යායාම අවම වීම ශරීරයේ බර වැඩිවීමට ප්‍රධාන වශයෙන් ම බලපානවා. ඒ වැරදි ආහාර රටා මඟහරවා ගන්නට උත්සහ දරන සුන්දර කාන්තාවන්ට සහයෝගයක් වශයෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ. 

ශරීරයේ බර පාලනය කරන විවිධාකාර බීම වර්ග, විශේෂයෙන්ම පළතුරු බීම හරහා ඇතැම් විට ඔබ නොදැනුවත්වම නැවතත් ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් එක් කරගන්නවා විය හැකියි. අපි මේ ගෙන එන බීම වර්ග දිනපතා ආහාර වේල් අතරට එක් කරගන්නවා නම් ඉහත කී ගැටළුවට මුහුණ නොදී සාර්ථකව සිරුරේ ස්ථූල බව පාලනය කරගැනීමට ඔබට අවස්ථාව උදාවේවි. 

සැල්දරි බීම 

වැඩි ජල ප්‍රමාණයක්, අඩු කැලරි සහ සීනි ප්‍රමාණයක් සහිත සැල්දරි යුෂ පානය මේ වනවිට ඉතාමත් ජනප්‍රිය පානයක් බවට පත්වෙලා තියෙනවා. ප්‍රතිඔක්සීකාරක ගුණය අඩංගු මෙමඟින් ප්‍රදාහය තත්ත්වය පාලනය වන බව පැවසෙනවා. 

පිරිසිදු කරගත් සැල්දරි දඬු 3-4ක් බ්ලෙන්ඩරයට දමා පල්පයක් සාදාගෙන එයට ජලය එක් කරන්න. ඉන්පසු මේ පානය පෙරාගෙන ඉඟුරු, දෙහි යොදා රසවත් කරගන්න.  

බීට් රූට් බීම

මාංශපේෂීන් වල කාර්‍යෂමතාවය වර්ධනය කරන, රුධිර පීඩන මට්ටම අඩු කරන, පිළිකා අවධානම අඩු කරන මේ පානයේ අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා කුස පිරුණු බවක් දැනවීමෙන් ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු කරනු ලබයි. නමුත් යුෂ සැදීමේ ක්‍රියාවලියේදී පෝෂණ ගුණයත් යම් පමණකට අඩුවෙන බවක් පැවසේ.

පොතු ඇර කැබලිවලට කපාගත් තරමක් විශාල බීට් රූට් අලයක්, ඇපල් ගෙඩියක් සහ වතුර කෝප්ප බාගයක් බ්ලෙන්ඩරයට දමා මිශ්‍ර කර පෙරාගෙන එයට දෙහි යුශ එක් කරගන්න.

දෙළුම් බීම

පෝෂ්‍ය පදාර්ථ බහුල, හදවත් රෝග/ දියවැඩියාව/ පිළිකා/ ඇල්සයිමර් යන රෝග අවධානම, රුධිර පීඩනය, සන්ධි රුදාව අවම කරන මෙම පළතුර තවත් සඳහන් නොකළ යහපත් ප්‍රතිලාභ දෙන පළතුරකි. 

ප්‍රවේශමෙන් ගලවාගත් දෙළුම් බීජ පිරිසිදු කපු රෙදි කැබැල්ලකට දමා යුෂ ඉවත් කරගන්න. අවශ්‍ය නම් පමණක් ජලය ස්වල්පයක් එක් කරගන්න.

Green smoothie

තන්තු බහුල, සීනි අවම සහ ප්‍රති ඔක්සීකාරක ගුණයෙන් යුතු මෙම පානය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය පානයකි. ආහාර පහසුවෙන් දිරවන, ප්‍රතිශක්තිකරණ වර්ධනය, හදවත් රෝග අවම කරන සහ මානසික සහනය වඩවන මෙම පානය විටමින් සහ ඛනිජ ලවන වලින් අනූන ය. 

නිවිති, කොළ ඇපල්, පිපිඤ්ඤා, දෙහි, කිවි, දොඩම් වැනි ඕනෑම වර්ගයක් එක් කර ජලය ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කර ගන්න.

කොමඩු බීම

සිරුරේ සජලනීය බව රැකදෙන, තන්තු/ විටමින් සහ ඛනිජ ලවණ බහුල පළතුරකි. පිළිකා සෛල නසන අතර හදවත් රෝග අවම කරයි. සමට සහ හිස්කෙස්වලට ඉතා ගුණදායක වේ. ආහාර ජීර්ණය පහසු කරන පළතුරකි.

පොතු ඉවත් කර කෑලි කපාගත් කොමඩු ජලය ස්වල්පයක් එක් කර blend කර පෙරාගන්න. අවශ්‍ය නම් දෙහි එක් කරන්න.

ලෙමන් සහ ඉඟුරු බීම

විටමින් සහ තන්තු බහුල, හදවත් රෝග අවම කරන ලෙමන්, වකුගඩු රෝගවලට සහ නිරක්තියට ගුණදායක, පිළිකා සෛල නසන සහ රුධිරයේ සීනි මට්ටම අවම කරණ පළතුරකි. සිරුරේ ප්‍රතිශක්තිකරණ වඩවන, බඩේ අජීර්ණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ට ගුණදායක ඉඟුරු මාසික ඔසප්වීමේදී ඇතිවන අපහසුතාවයන්ට ද කදිම ඖෂධයකි. සිරුරේ කොලස්ට්‍රෝල් මට්ටම අඩු කරවන ඉඟුරු යම් යම් අසාත්මිකතාවලදීද ඔසුවක් ලෙස යොදා ගනී.

කුඩා ඉඟුරු කැබැල්ලක් ජලය හා මුසු කර blend කර එයට දෙහි යුෂ එක් කර පෙරාගන්න.

කැරට් බීම 

කැරට් යනු, කාබෝහයිඩ්‍රේට් සහ කැලරි අවම නමුත් විටමින් බහුල ඉතා පෝෂ්‍යදායි එළවලුවකි. වකුගඩු,  ඇස් සහ සමේ නිරෝගි බවට උපකාරීවන අතර ප්‍රතිශක්තිය වඩවයි. පිළිකා සෛලවලින් සිරුර රැකගනී. සිරුරේ සීනි මට්ටම පාලනය කරන අතර හදවත් රෝග අවම කරවයි.

පොතු ඉවත්කර කැබලි කපාගත් කැරට් අලයක් සහ ඉඟුරු කැබැල්ලක් වතුර එකතු කර blend කර පෙරාගන්න. එයට දෙහි යුෂ සහ මී පැණි එකතු කරගන්න.

Related Articles