Home Health & WellnessPhysical Wellbeing ඔයත් කෙට්ටු නිසා හිත තැවුලෙන්නම් කියවන්න

ඔයත් කෙට්ටු නිසා හිත තැවුලෙන්නම් කියවන්න

by LADY.LK

සමාජෙ ශරීර ප්‍රමාණය නිසා සිතින් වදවන අය අතරෙ ප්‍රසිද්ධම අය තමයි මහත අය. හැබැයි කෙට්ටු අයත් හිතින් විඳවනවා වගේම මහත් වෙන්න උපරිම උත්සාහයක් දරනවා. මහත අයට නම් කෙට්ටු වෙන්න අඩුවෙන් කාලා එක්සසයිස් ටිකක් කරාම හරි ගියත්, කෙට්ටු අයට එහෙම ලේසියෙන් මහත් වෙන්න බෑ. කනවා කියලත් එක පාරටම ලොකු ලොකුවට කන්න බෑනෙ. අනික සමහරුන්ගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොඳටම වැඩ නිසා කොච්චර කෑවත් සමහරවිට වැඩකුත් නෑ. ඉතිං මේ කියන්න යන්නෙ කෙට්ටු අයට හිත් තැවුල් නැතුව මහත් වෙන ක්‍රම ටිකක්. Lady.LK අපි හැම කෙනෙකුගෙම ප්‍රශ්නවලට විසඳුම් හොයන්න උපරිම උත්සාහ කරන නිසා අපිට ඔයාලව මගහැරුණෙත් නෑ.

වැඩි වේල්

අපි මේ කියන්නෙ දෙමළ නළුවෙක් වුනු වඩිවේල් ගැන නෙමෙයි. මේ තමයි වැඩි වේල් ගානක් කන්න කියන අදහස. අපිට එක වේලකට ගන්න ආහාර ප්‍රමාණය වැඩි කරගන්න එක තරමක් උදරයට අපහසු ගතියක් ආවත් නිතර බඩගින්න දැනෙන් නොදී හැකි පමණින් ආහාර ගන්න එක ශරීරය මහත් වෙන්න හේතුවක්. ඒ ආහාර වේල්වලට වෙලාවක් වෙන් කරගන්න. ඒක ලේසියක් වේවි දවස් කළමනාකරණය කරගන්නත්.

රටඉඳි සහ කෙසෙල්

රටඉඳි සහ කෙසෙල් කියන්නෙ කැලරි බහුල ආහාර දෙකක්. ඒ වගේම කන්න අමාරුවක් නැති ආහාර දෙකක්. ඒ නිසා ඉඳි සහ කෙසෙල් දවසට දෙතුන් වරක් ආහාරයට ගන්න එක ශරීරය වඩවන්න හොඳ හේතුවක්. ඒ වගේම රටඉඳිවල සීනි අධික නිසා දියවැඩියා තත්ත්වය පාලනය වෙන්නත් එක්ක අනෙකුත් සීනි බහුල ආහාර පාලනය කරනවානම් හොඳයි.

අඩු නින්දක්

අපි සාමාන්‍යයෙන් රාත්‍රියට නිදි වරද්දී අපිට දැනෙන ලොකුම දේ තමයි බඩගින්න. ඒ අඩු නින්ද නිසා සිරුරේ නිපදවන ​හෝමෝනයකින් අපේ ආහාර රුඩිය වැඩි කරවන නිසායි. ඉතිං අපිට ඒ ක්‍රමයම මේ දේටත් යොදාගන්න පුළුවන්. එහෙමයි කියලා දවසට පැය හතරක් විතර නිදාගන්න එපා. සාමාන්‍යයෙන් සිරුරට අවශ්‍යයි කියන පැය 6 – 8 අතර නින්දට වඩා ටිකක් අඩුවෙන් නිදාගත්තම ඇඟට උදේ ඇහැරෙද්දි තරමක් ලොකු බඩගින්නක් දැනේවි. 

වෛද්‍ය උපදෙස්

අපි මේ කියන්නෙ අද ආවොත් අනිද්දට මහත් කරවනවා කියන ෂෝට්කට් වෙද්දු ගැන නෙමෙයි. මේ කියන්නෙ Dietitian නමින් හඳුන්වන පෝෂණවේදීන්ගේ සහය ලබාගන්න කියලයි. ඔවුන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ගැනත් හොයලා බලලා, කතා කරලා, ඔයාගෙ ඇඟට හරියනම පෝෂණ ක්‍රමවේදයක් කියාවි. ඒක හිතටත් බයක් නැති ක්‍රමයක්.

පිඟාන මාරු කරන්න

මේක මානසික අල්ලසක්. සාමාන්‍යයෙන් අපි කන්නෙ පොඩි පිඟානක වුණොත් පිඟාන පිරුණු ගමන් අපිට බෙදාගත්තා ඇති කියල හැඟෙනවා. නමුත් පිඟාන ලොකු වෙන තරමට අපිට බෙදාගත්තා මදි කියලයි හිතෙන්නෙ. ඉතිං හිතට එහෙම අල්ලසක් දීලා ටිකක් වැඩිපුර කෑවොත් මහත් වේවි බලං ඉද්දි.

කිරි

කිරි බොන්න හොඳට. මිල්ක්ෂේක් බොන්න. අධික කැලරි ප්‍රමාණයක් තියෙන නිසා කිරි බිවුවම මහත් වෙන ප්‍රමාණය හොඳටම වැඩියි.

කෑමට පෙර

කෑමට පෙර බඩ පුරවා ගන්න දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ශරීරයෙන් පිට වෙන වතුර වගේ දේවලින් කෑමට පෙර කුස පුරවාගන්න එපා. හොඳට බඩේ ඉඩ තියාගෙන කන්න වාඩි වෙන්න.

ස්ට්‍රෝන් ටී

කඩේදි කියනව නේද ස්ට්‍රෝං ටී කියල දෙයක්. කහට ගතිය වගේම පිටි ගතියත් වැඩි තේ. අන්න එහෙම තේකක් බොන එකෙන් හොඳට පිටි ඇඟට අල්ලනවා. සාමාන්‍යයෙන් කිරි බොන්න අප්පිරියාවක් දැනෙන කෙනෙකුට මේ වැඩෙන් ඇඟට අවශ්‍ය කැලරි වැඩි ප්‍රමාණය ලබාගන්නත් පුළුවන්.

කෑමට

කෑමට නිතරම මස් සහ බිත්තර එකතු කරගැනීමත් මහත් වීම වැඩි කරවන හේතුවක්. ආමන්ඩ්, ඩාක් චොකලට්, අලිගැටපේර, එක්ස්ට්‍රා වර්ජින් ඔලිවු ඔයිල්, රටකජු, මස්වල තෙල් කොටස ආහාරයට එක් කරගන්න එක මහත් වෙන්න ආසා කෙනෙකුට වාසියක් වේවි.

Related Articles