Home Health & WellnessPhysical Wellbeing මහන්සි වෙලා ව්‍යයාම කළොත් මේ වාසි ඔයාටත් ලැබෙයි

මහන්සි වෙලා ව්‍යයාම කළොත් මේ වාසි ඔයාටත් ලැබෙයි

by LADY.LK

ව්‍යායාම කරන එක කොච්චර හොඳ වුණත් අමාරු වැඩක්. ඒක අලුතෙන් ව්‍යායාම කරන්න පටන්ගන්න අය දන්නවා. නමුත් කාලයක් තිස්සෙ ව්‍යායාම කරන අය ඒ දේ ආසාවෙන් කරනවා දකින්න පුළුවන්. ඒ වගේම ඒ අය අනිත් අයටත් ව්‍යායාම කරන්න කියල උද්යෝගිමත් කරවන විදියත් දකින්න පුළුවන්. ඒ කියන්නෙ ​මේක කරන්න ගත්තම ආසා හිතෙන වැඩක්. ඒ නිසා මුළදි විතරයි ලොකු මහන්සියක් දාන්න වෙන්නෙ. ඊටපස්සෙ ඔයාම ආසාවෙන් මේ දේවල් කරාවි. ප්‍රථිඵල ලැබෙන්න ලැබෙන්න ව්‍යායාම කරන්න ආසා හිතේවි. ඒ නිසා මහන්සි නොබලා මේ වැඩේ පටන්ගන්න කියලයි Lady.LK අපි කියන්නෙ. ඒ වගේම මේක පටන්ගත්තොත් ඔයාට ලැබෙන වරප්‍රසාද ටික ගැනයි මේ සටහන අපි තියන්නෙ. ඔයාගෙ ආසාව වඩවාගන්න කියවන්න.

ලෙඩ අඩුයි

ඉස්සර වයසක උදවියට විතරක් තිබුණා කියල අහපු ලෙඩ බොහෝමයක් වර්තමානය වෙද්දි තරුණ පරම්පරාවටත් වැළඳිලා තියෙන විත්තිය දකින්න පුළුවන්. මේ අතරෙ බොහෝමයක් තියෙන්නෙ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද්‍යාබාධ වගේ බෝ නොවන රෝග තමයි. ඉතිං මේ කියන ලෙඩ රෝගවලට ව්‍යායාමවලින් වෙන්නෙ මොන වගේ සෙතක්ද කියල ඔයාලා හැමෝම දන්නවානෙ. අන්න ඒ නිසා ලෙඩ අඩුවෙන් නිරෝගීව ජීවත් වෙන්න මේක හොද පුරුද්දක්.

පහසුයි

අපිට ජීවිතේ ලැබෙන ලොකුම දේවල් තමයි පහසුව සහ සැහැල්ලුව. මේ ලෝකෙ තවතවත් දියුණු වෙන්නෙ මිනිසුන්ගෙ ජීවිතය පහසු කරවන්නනෙ. අපි මේ කියන්නෙත් පහසුව ගැන. වෙනදාට වගේ සපත්තු දෙක දාන්න නැවෙද්දි අමාරු නෑ. පොඩි දුරක් දුවන්න අමාරු නෑ. කරන්ට් නැති දවසට ලිෆ්ට් එකට දුක් නොකියා පඩි පෙළක් නගින්න අමාරු නෑ. අන්න ඒ පහසුව හුඟක් වටිනවා. සමහරුන්ට ලැප්ටෝප් එක ප්ලග් කරලා නැගිටිද්දිත් හති නිසා තමයි අපි මේ කියන්නෙ. ඒ ටික කියවද්දි මූනට හිනාවක් ආවා නේද? ඉක්මනට එක්සසයිස් කරන්න පටන්ගන්න.

ෆැෂන්

කොයි කවුරුත් ආසයිනෙ ෆැෂන් කරන්න. Lady.LK කියවන තරුණියෝ වගේම ඒ අය මේක ෂෙයා කරලා මේක කියවන්න ආපු පිරිමි පාර්ෂවයේ අයත් කැමතියි ෆැෂන් කරන්න. හැබැයි ෆැෂන් කරද්දි තියෙන ලොකුම අවුල තමයි නොගැලපීම. බඩ වැඩියි කියල හිත හිත නොඉඳ ආසා ඕනම ෆැෂන් එකක් අත්හදා බලන්න පහසු සිරුරක් තිබීමත් වටින දෙයක්. මේ කියන්නෙ ඒ ගැන. ඔයාගෙ ඇඟ හැඩයි නම් ඔයාට ෆැෂන් ඔප්ෂන්ස් ගොඩයි.

ආකර්ෂණය

පෘතග්ජන මිනිස්සු විදියට අපි හැමෝම අන් අය අපිට ආකර්ෂනය වෙනවාට කැමතියි. ඉතිං මේ ආකර්ෂණය ලැබෙන විවිධ ක්‍රම තියෙනවා. තරාතිරම, මුදල්, දැණුම වගේම පෙණුමත් ඉන් ප්‍රධානයි. අන්න ඒ නිසා අපි මේ කියන්නෙ අන් අයගේ ආකර්ෂණය ලබන්නට ඔයා ආසා කරනවානම් ඔයාට පෙණුම කියන එක ප්‍රධානම සාධකයක්. ඉතිං පෙණුම ලස්සන කරගන්න පොඩ්ඩක් මහන්සි වෙලා ව්‍යායාම කරාම තියෙන පාඩුව මොකද්ද?

කාලසටහනක්

සාමාන්‍යයෙන් ව්‍යායාම කරන කෙනෙකුට ව්‍යායාම කරලා, තරමක් විවේකීව ඉඳලා දවසේ එදිනෙදා කටයුතු සිද්ධ කරගන්න වෙනවා. ඉතිං එහෙම වෙද්දි නිසි ක්‍රමයකට, නිසි වෙලාවකට ඒ වැඩේට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසාම ව්‍යායාම කරන කෙනෙකුට එයාටත් නොදැනීම කාලසටහනක් හැදෙනවා. ඒක ජීවිතේට වැදගත් දෙයක්. ඒ වැදගත්කම ශරීර සෞඛ්‍යයට විතරක් නෙමෙයි, මානසික සෞඛ්‍යයටත්, රැකියාව සහ අනෙක් කටයුතුවලටද් සුබ විදියට බළපානවා.

අලුත් ජීවිතයක්

ව්‍යායාම කිරීමත් එක්ක ඔයාගෙ ජීවිතේට පහසුව ලැබෙනවා කියලා අපි කලිනුත් කිවුවනෙ. මෙන්න මේ පහසුව එක්ක ඔයාට ලැබෙනවා අලුත් අලුත් දේ කරන්න ඉඩ. උදාහරණයකට මෙච්චරකල් ඔයා යාළුවො එක්ක සෙල්ලම් නොකළෙ ඇඟ මහත නිසාද? යාළුවො එක්ක කන්දක් නොනැග්ගෙ ටක් ගාලා හති වැටෙන නිසාද? අන්න ඒ බාධකවලට මීට පස්සෙ තිත. ඔයාව නවත්තන්න කාටවත් බෑ. ඔයාගෙ ආසාවන් එක්ක ඔයාට වෙනස්ම අලුත් ජීවිතයක් හැදෙන එක වළක්වන්නත් කාටවත් බෑ.

Related Articles