Home LifestyleFashion සමේ පැහැයට ගැළපෙන තොල් ආලේපන

සමේ පැහැයට ගැළපෙන තොල් ආලේපන

by LADY.LK

සාමාන්‍ය ගමනට බිමනට පවා වර්තමාන තරුණියන් ලිප්ස්ටික් නොහොත් තොල් ආලේපන ගල්වන එක සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් තරුණියන් තමන්ගේ සමට ගැළපෙන වර්ණවලින් තොල් ආලේපන ගල්වන්නෙ නැහැ. හරි අවබෝධයක් නැතිව වර්ණ පාවිච්චි කරලා තියෙන බව මුහුණ බැලුවාම පේනවා. ඒ නිසා සමේ පැහැයට ගැළපෙන විදියට තොල් ආලේපන තෝරා ගන්න පුංචි උදව්වක් තමයි මේ කරන්න යන්නෙ.

රතු පාට
රතු පාට තොල් ආලේපන වඩාත්ම සුදුසු වෙන්නේ පැහැපත් සමක් තියෙන අයට. ඒ කියන්නේ සුදු පාට අයට. කළු අය රතු පාට තොල් ආලේපන ආලේප කළොත් වෙන්නේ කළු පාට තවත් කැපිලා පෙනෙන එක. ඒ වගේම කළු අය රතු වගේ පාටක් තොල්වලට ආලේප කළොත් තොල් විශාල වෙලා පෙනෙනවා. නමුත් සුදු සමක් තියෙන අයට රතු පැහැති තොල් ආලේපන ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

රෝස පැහැය
සුදු සමක් තියෙන අයට වගේම කළු සමක් තියෙන අයටත් රෝස පැහැති තොල් ආලේපන ඉතාම සුදුසුයි. කළු සමක් තියෙන අයගේ සමේ අඳුරු පැහැය අඩු කරලා පෙන්නන්න මේ රෝස පැහැති තොල් ආලේපනවලට පුළුවන්. ඒ වගේම රෝස පැහැය නිසා ඔබේ වයසට වඩා ඔබේ පෙනුම අඩු බවක් පේනවා. කොහොම වුණත් රෝස පැහැය තොල්වලට ආලේප කරද්දි තද රෝස පැහැයට වඩා ළා රෝස පැහැය තමයි සුදුසු වෙන්නෙ.
රන් පැහැය
මේ වගේ පාට ගොඩක් වෙලාවට ආලේප කරන්නේ ඇඳුමේ ඇති පැහැයට අනුව මේකප් කළොත් විතරයි. කොහොම වුණත් කහ පාටට හුරු ගෝල්ඩ් පැහැය නිසා මුහුණට ප්‍රාණවත් පෙනුමක් එකතු වෙනවා. ගෝල්ඩ් කලර් එක වඩාත්ම සුදුසු වෙන්නේ කැට් අයි කියලා අපි හඳුන්වන දුඹුරු පැහැති ඇස් තියෙන අයට. ඒ අය රන් පැහැයෙන් ලිස්ටික් ආලේප කළොත් මුහුණේ පැහැදිලි බවක් දිස් වෙනවා.

කොළ පැහැය
අපේ රටේ නම් කොළ වගේ පාටවල ලිප්ස්ටික් ආලේප කරන්නෙ නැති තරම්. මේ වගේ පාට ආලේප කරන්නෙත් ඇඳුමේ වර්ණයට අනුව මේකප් කළොත් විතරයි. ඒ හැරුණාම මොඩ්ලින්වලදී, ෆොටෝ ෂූට්වලදී මේ වගේ පාට ආලේප කරනවා. අපි ඒ තරම් භාවිත නොකළත් ඉන්දියානු තරුණියන් කොළ පාට ලිප්ස්ටික්වලට බොහොම කැමැතියි. ඒ අය කියන්නෙ කොළ පාට ඉකෝ ෆ්රෙන්ඩ්ලි වර්ණයක් නිසා දකින අයගේ මනසට සැහැල්ලු බවක් ඇති වෙනවා කියලා. කොළ වගේ වර්ණයක් ගැළපෙන්නෙ තළෙලු සමක් තියෙන අයට බවත් කියන්න ඕනෙ.

රිදී පැහැය
සිල්වර් කියන්නෙ ෆැන්ටසි කලර් එකක්. ඒ නිසා මොඩ්ලින්, ෆොටෝ ෂූට් හැරුණාම සාමාන්‍ය ගමන් බිමන්වලට මේ වගේ පාට ගැළපෙන්නෙ නැහැ. ඒ වුණත් බ්‍රයිඩ්ල්වලදී ගොඩක් දුරට සිල්වර් කලර් එක පාවිච්චි කරන මනාලියන් සිල්වර් කලර් එකෙන් ලිප්ස්ටික් අයි ෂැඩොස් පාවිච්චි කරන්න උනන්දු වෙනවා. කොහොම වුණත් සුදු සමක් තියෙන අයට සිල්වර් කලර් එක ගැළපෙනවා. අඳුරු සමක් තියෙන අයට නම් කිසිසේත්ම ගැළපෙන්නෙ නැහැ.

Related Articles