Home LifestyleFashion රන් භාණ්ඩ ගන්න කලින් රත්තරන් ගැන දැනුවත් වෙමු

රන් භාණ්ඩ ගන්න කලින් රත්තරන් ගැන දැනුවත් වෙමු

by LADY.LK

කවුරු හරි අපිට “රත්තරං” කියලා කතා කරනකොට හරිම ආදරණීය බවක් දැනුනට ඇත්තටම අපිට රත්තරන් කියලා කතා කරන්නේ අපි රත්තරන් නිසා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නේ? ඒ වුනාට මුහුදු කොල්ලකාරයින්ගේ සිට ටෙක්නොලොජි කොම්පැනි වල මයික්‍රෝ සර්කිට් වලට වෙනකල් රත්තරන් පාවිච්චි වෙනවා කියන එක නම් මුසාවක් නෙවෙයි.

මේ අවුරුද්ද ආරම්භයේදී රත්තරන් ගැන අරුම පුදුම තොරතුරු එක්කාසු කරලා ලිපියක් ලියලා තිබ්බට අපිට රත්තරන් ගැන පොඩ්ඩක් විස්තරාත්මක කතාබහකට යන්න බැරි වුණා. ඉතින් ආවර්ථිතා වගුවේ 79 වන ස්ථානය අයිතිවෙලා තියෙන මේ කහ පාට දීප්තිමත් ලෝහය ගැන අපිට කියන්න බැරිවුණු කාරණා කිහිපයකුත් එක්ක අද කියවමු අපි ලස්සන රත්තරන් වටිනා කතන්දරයක්. හා ද?

1. රත්තරන් ඉතිහාසේ
රත්තරන් වලට අතීත මිනිස්සුත් කොතරම් ප්‍රේම කලාද කියන දේට නිදසුනක් අවශ්‍ය නම් ක්‍රිස්තුපූර්ව 128 දී මියගිය හන් රාජවංශයට අයත් ලියු ෆෙයි නමැති චීන රජකෙනෙකුගේ සොහොනක් මීට වසර කීපයකට උඩදී සොයාගනු ලැබුවා. ඔහුව වල දමා තිබෙන්නේ රත්තරන් ඇතුළු තවත් බොහෝ වටිනා දේ සමගින්. මෙයට අමතරව ඊජිප්තු පාරාවෝ වරුන් තම මරණයෙන් පසුව පරලොවට රැගෙන යන්නට තැන්පත් කල බොහෝ රන් ආභරණ සහ උපකරණ පිරමීඩ තුලින් හමුවී තිබෙනවා.

 

2. කීකරුයි රත්තරං!
රත්තරන් කියන්නේ අනෙකුත් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් මිටියම් කරන්නට හැකි වගේම බොහොම ඔප මට්ටම් කරන්නට හැකි ලෝහයක්. ඒ වගේ ම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කරන්නට හැකි ලෝහයක්. අන්න ඒ නිසා තමයි රත්තරන් වල ශක්තිය වැඩි කිරීමට රිදී සහ තඹ හෝ වෙනත් ලෝහ වර්ග එකතු කරන්නේ.

 

3. අපි නොදන්නා රත්තර
රත්තරන් කියන්නේ අනෙකුත් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් මිටියම් කරන්නට හැකි වගේම බොහොම ඔප මට්ටම් කරන්නට හැකි ලෝහයක්. ඒ වගේ ම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කරන්නට හැකි ලෝහයක්. අන්න ඒ නිසා තමයි රත්තරන් වල ශක්තිය වැඩි කිරීමට රිදී සහ තඹ හෝ වෙනත් ලෝහ වර්ග එකතු කරන්නේ.

ලොව දැනට අලෙවි වී ඇති රත්රන් වලින් 11%ක ප්‍රතිශතයක් තිබෙන්නේ ඉන්දියාවේ කාන්තාවන් සතුවයි. මෙය ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සියල්ලේම පවතින රන් සංචිත වලටත් වඩා ඉහල අගයක් ගන්නවා.
ආවර්තිතා වගුවේ 79 වන තැන හිමිකරගෙන සිටින රත්තරන් වලට තිබෙන රසායනික සංකේත නාමය වෙන්නේ Au එහෙමත් නැති නම් Aurum.
අභ්‍යවකාශ තරණ වලට ගගනගාමීන් භාවිතා කරන හෙල්මටයේ වයිසරයට සිහින් රන් ලේයරයක් ආලේප කර තිබෙනවා. ඒ රන් වලින් පාරජම්බුල කිරණ කපා හැර ඔවුන්ගේ දෙනෙත් ආරක්ෂා කරන්නටයි.
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම තනි රන් ස්ඵටිකය (Biggest Single Gold Crystal) ගැන ආරංචි වෙන්නේවෙනිසියුලාවෙන්.අවුන්ස 7.7ක් හෙවත් ග්රෑම් 217.78ක් බර මේ රන් ස්ඵටිකය වටිනාකමින් ඩොලර් මිලියන 1.5ක් පමණ වෙනවා.

ලොව විශාලතම රන් කුට්ටිය හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති රන් ආකාරයකින්. 1869 පෙබරවාරි 05 වන දිනයි. එය බරින් කිලෝ 72.02 වෙනවා.
කිසිවෙක් නොසිතුවාට රන් කියන්නේ ආහාරයට ගත හැකි ඛනිජයක්. විදේශ සුඛෝපභෝගී ආහාර කඩවල රන්පතින් එතූ පේස්ට්‍රීස්, වොඩ්කා වල සිට ඔලිව් තෙල් දක්වා මිලට ගන්නට හැකියාව තිබෙනවා. edible gold කියන්නේ එහෙම රන් ඇතිරූ ආහාර මිලදී ගන්නට පුළුවන් බ්‍රිතාන්‍ය පාදක කරගත් සමාගමක්. ඔවුන්ගේ සියලුම ආහාරමය නිෂ්පාදන පාහේ නිර්මාණය වී තිබෙන්නේ ආහාරයට ගත හැකි රත්රන් වලින්.

Related Articles