Home Health & WellnessBeauty Care සන්ෆලවර් ඔයිල් ඔබේ සමට සුදුසුද?

සන්ෆලවර් ඔයිල් ඔබේ සමට සුදුසුද?

by LADY.LK

සන්ෆලවර් ඔයිල් . (සූරියකාන්ත තෙල්)   කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ තෙල් වර්ගයක්. ආහාර පිසිමට වගේම රූසපුව පවත්වාගෙන යාමටත් මේවා භාවිතයට ගන්නවා. මේවා භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි…

  1. කුරුලෑ වලට විරුද්ධව සටන් කරයි.

සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) මගින් සමේ ඇති සිදුරු විවර කර ඒවා පිරිසිදු කරවන අතර සමේ ඇති මැරුණු සයිලද ඉවත් කරවයි. එමෙන්ම කුරුලෑ බ්ලැක් හෙඩ් හෝ වයිට් හෙඩ් වලට පත් වීම වලක්වා ඒවා මුල් අවස්ථාවේදීම සුව කිරීමේ හැකියාව මෙම තෙල් වලට ඇත. එමෙන්ම සැමට දීප්තියක් ලබා දීමටද මෙම තෙල් සමත් වේ.

  1. සම දීප්තිමත් කරයි.

අධික හිරු එලිය නිසා ඔබගේ සමේ ඇති අවපැහැ ගැන්වීම් සහ කැළැල් සමනය කිරීමේ හැකියාව සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) වලට ඇත.සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) වල ඇති විටමින් E මගින් සම ඇතුලාන්තයෙන් පෝෂණය කරවන අතර සමේ ඇති අදුරු ලප කැළැල් සම්පුර්ණයෙන් ඉවත් කරවයි.

  1. සම වියලීම වලක්වා රැලි වැටීම අඩු කරවයි.

සම වයස්ගත වීම අඩු කිරීමේ හැකියාවක් සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) වලට ඇත. බාහිර ආලේපනය පමණක් නොව මෙම තෙල් ආහාරයට ගැනීමද ඔබගේ සම වියපත් වීම වලක්වා ගැනීම සදහා ඇති පිළියමකි. එමෙන්ම සම මෘදු කරගැනීමට මෙන්ම සමේ
රැලි ඉවත් කරගැනීමටද සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) භාවිතා කරන්නට පුළුවන්.

  1. තුවාල සුවපත් කරවයි.

සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) වල ඇති අම්ලය මගින් තුවාල සුවපත් කරවන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. ඔවුන් සොයා ගෙන ඇත්තේ මෙම අම්ලය මගී නව රුධිර නාලිකා උත්තේජනය වී තුවාල සුවපත් වීම වේගවත් වන බවයි.

  1. සමේ ඇති ප්‍රශ්න අවම කරවයි.

සමට ඇතුල් වන විෂබීජ පලනය කිරිමටත් අහිතකර බැක්ටීරියා මගින් ඇතිවන සමේ කැසීම් ස්වභාවය සහ දැවිල්ල ස්වභාවය අවම කිරිමටත් ආසාදන අවම කරවීමටත් සන්ෆලවර් තෙල් (සූරියකාන්ත තෙල්) වලට හැකියාවක් ඇත

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about the usefull facts of sunflower oil . You can read the article and put your feedback on it. Sunflower Oil got a very high nutritional value. They are used for cooking, as well as for maintaining the beauty. Benefits to you by using these are on this article.

Related Articles