Home Health & WellnessBeauty Care හිස කෙස් ගැලවෙනවනම් මේ ලිපිය නොවරදවාම කියවන්න

හිස කෙස් ගැලවෙනවනම් මේ ලිපිය නොවරදවාම කියවන්න

by LADY.LK

දිනකට පුද්ගලයකුගේ හිසෙන් ගැලවී වැටෙන හිසකෙස් ප්‍රමාණය 50-100 අතර සංඛ්‍යාවකි. ඒත්, මෙය කලබලවිය යුතු තත්ත්වයක් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස ය. අසාමාන්‍ය අයුරින් හිසකෙස් ගැලවී වැටීම සහ ඝනකම අඩුවී යාම, අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසයි.

යකඩ ඌණතාව වැනි ගැටලු හේතුවෙන් හිසකෙස් ගැලවී යා හැකි ය. මීට අමතරව හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු කිහිපයකි.

* තයිරොක්සින් අඩුකම හා හෝමෝන ආශ්‍රිත රෝග

* ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්ව

* පිළිකා සඳහා දෙන ඖෂධ, උපත් පාලන පෙති ආදී සමහර ඖෂධවල බලපෑම

* ඩෙංගු වැනි රෝගයක් වැළඳී මාස තුනකට පසුව සැත්කමක් කර හෝ දරු ප්‍රසූතියකට මාස තුනකට පසුව

* ජානමය බලපෑමෙන්

මේ ආකාරයට අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නට විවිධ වූ හේතු බලපෑ හැකි නිසා, ඊට බලපාන නිශ්චිත හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

හිසකෙස් හැලී යෑමට බලපාන හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා, කළ යුතු ප්‍රතිකාරද වෙනස් වේ. එම නිසා, හිතුමතේ විවිධ තෙල් අලේපන හා කෘත්‍රිම ප්‍රතිකර්ම හිසේ ගැල්වීමෙන්, ඔබ ප්‍රවේශම් විය යුතු ය.එය ඉතාමත් උග්‍ර තත්වයකට හැරී ඇත්නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු විය යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Related Articles