Home Health & WellnessBeauty Care අයිස්වලින් රුව වඩවන රහස් 6ක්

අයිස්වලින් රුව වඩවන රහස් 6ක්

by LADY.LK

අපි හැමෝම වගේ අසයි ලස්සනට ඉන්න. මොකද අපි හැමෝටම මේ සමාජය එක්ක ගනුදෙනු කරද්දී රූපය ඉතා වැදගත්. නමුත් ඔබ සිතුවද අයිස් වලට අපේ රුව වඩවන්න පුළුවන් කියලා. අද අපි කියාදෙන්න යන්නේ අයිස් භාවිතා කරලා රූපය ලස්සන කරන්න ඉතාමත් සරල ක්‍රම කිහිපයක් ගැනයි.අපිට ඕනේ වෙන්නේ ගෙදරදී භාවිත කරන අයිස් කැට, ඒවගේම ග්‍රීන් ටි භාවිත කරලා සාදාගන්න අයිස් කැට, භාවිතයෙන් සාදා ගන්න අයිස් කැට කිහිපයක් විතරමයි.

මුලින්ම අයිස් තෙරපි වලදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද බලමු.

  • මෙම අයිස් තෙරපි එක අපි පාවිච්චි කරන්න ඕනි හොදින් පිරිසිදුකරගත් මුහුණකට
  • තෙරපි එකට කලින් අත් වැසුමක් භාවිත කරන්න අමතක කරන්න එපා. එය ඔබගේ අත් වලට පහසුවක් වේවි.
  • ඔබගේ මුහුණට අයිස් භාවිත කිරීමේදී පිරිසිදු රෙදි කඩක් යොදා ගැනීම වැදගත්.
  • කුරුලෑ වලට හෝ ඇසේ ඉදිමුමට නම් අයිස් රෙදි කඩකින් තොරව බවිත කරන්න පුළුවන්.
  • පැයකට වඩා අදික කාලයක් මෙම තෙරපි එක කිරීමෙන් වලකින්න.
  • මෙහි සාර්ථක ප්‍රතිපල ලබගැනිමට නම්, ග්‍රීන් ටී, සුදුළුණු යොදාගන්න පුළුවන්.
  1. සම සිනිදු කරගැනීමට

සවස් කාලයේදී හෝ රාත්‍රී නින්දට පෙර මුහුණ සෝදා පිරිසිදු කර, අයිස් බෑග් එකක් ගෙන, මුහුණ හා ගෙල හොදින් සම්බාහනය කරන්න. මෙය මිනිත්තු 3ක් පමණ කිරීම ප්‍රමාණවත්. මෙයින් ඔබගේ මුහුණට ප්‍රාණවත් මෙන්ම සිනිදු බවක් ලැබේවි. මෙයින් ඔබගේ මුහුනේ රැළි ස්වභාවය ඉවත් වන අතර සුව පහසු නින්දක්ද ලැබේ.

  1. කුරුලෑ ඉවත් කිරීමට

හොදින් මුහුණ පිරිසිදු කර ගැනීමෙන් පසුව මුහුණ අයිස් වලින් සිසිල් කර ගත තුවායකින් හොදින් අවරණය කරන්න මෙය මිනිත්තු 3 -5 ත් අතර කාලයක් මුහුණේ රැදෙන්නට හරින්න. මෙහි ප්‍රතිපල ඔබව මවිත කරයි නිසැකව.

  1. මුහුණේ රැළි ස්වභාවයෙන් මිදීමට.

මෙහිදී අයිස් ඔබගේ රුධිර සංසරණය වේගවත් කරන අතර අකලට මුහුණේ සැදුනු රැළි ස්වභාවයට විදසුමක් ලබාදෙනවා. ඔබයේ මුහුණට මේකප් භාවිත කිරීමට පෙර මිනිත්තුවක් මුහුණ අයිස් වලින් සම්බාහනය කරන්න පමණයි ඔබට තියෙන්නේ.

  1. ඔබගේ මුහුණේ අරුණු සිදුරු වසා දැමීමට.

අයිස් භාවිතයෙන් ඔබගේ මුහුණ මිනිත්තු 2-3 අතර කාලයක් සම්බාහනය කරන්න. දින කිහිපයකින් මෙහි සැබෑ ප්‍රතිපල අත්විදිය හැකිය.

  1. ඇස් වල ඉදිමුම් ස්භාවය අවම කිරීමට

අධික නිදි මැරීම නිසා ඇස් වල ඇතිවන ඉදිමුම් ස්වභාවය සදහා මෙම අයිස් තෙරපි ඉතා වැදගත්. පිරිසිදු රෙදි කඩක ඔතා ගත් අයිස් කැට දෙකක් මේ සඳහා අවශ්‍යයි. ඔබගේ ඉදිමුම සහිත ඇස් වටා මිනිත්තු දෙකක් පමණ මෙම අයිස් පැක් එක උපයෝගී කරගෙන, ඇස් වටා සම්බාහනය කරන්න.

  1. උදරය ඉදිරියට නෙරා ඒම පාලනයට

ඔබ උදරය නිසා සිත් තැවුලෙන් සිටින්නෙක්ද? ඔබට නිවසේදීම ඒ සඳහා අයිස් වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔබ රෙදි කඩක ඔතා ගත් අයිස් මල්ල ඔබගේ උදරය මත මිනිත්තු 15ක් පමණ තබන්න. එය මිනිත්තු 3 ඉවත් කර නැවත උදරය මත මිනිත්තු 15 ක් තබන්න. මේ ආකාරයට ඔබ අවිම තරමේ දිනකට පයක් පමණක් වත් මෙම තෙරපි එක කරන්න ඕනේ. ඔබට පුළුවන් මෙහිදී, ග්‍රීන් ටී, කෝපි යොදාගන්න. එයින් ඔබේ කාර්යය තවත් පහසු කරනවා. ඒවගේම ඔබ නිරෝගිමත්ව ආහාර පාලනය, ව්‍යායාම කිරීම සිදුකරනවා නම් මෙය තවදුරටත් සාර්ථක කරගන්න පුළුවන්.

උපුටා ගැනීමකි..

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some beauty tips .You can read the article and put your feedback on it. 

Related Articles