Home Health & WellnessBeauty Care දෙහි සහ මී පැණි මූණේ ගෑවම වෙනදේ දන්නවද?

දෙහි සහ මී පැණි මූණේ ගෑවම වෙනදේ දන්නවද?

by LADY.LK

මුහුණ කියන්නේ ඔබේත් මගේත් ශරීරයේ වටිනාම අංගයක්. කෙනෙක් දිහා බැලූ බැල්මටම අපිට පේන්නේ මුහුණ. ඉතිං ඔබට තියෙන්නේ නිරෝගී සමක් සහිත පැහැපත් මුහුණක් නම් කිසිවිටකත් ඔබට ඔබේ පෙනුම සම්බන්ධයෙන් ආතතියෙන් පසුවීමට අවශ්‍ය නැහැ. නමුත් ඒ වාසනාව තියෙන්නේ බොහොම ටික දෙනාටයි.

ගොඩක් තරුණියන් මුහුණ ආශ්‍රිව හට ගන්නා විවිධ වූ ආසාදනයන් නිසා බොහෝ සෙයින් පීඩා විදිනවා. කුරුලෑ, ළප කැළැල්, Blackheads, Whiteheads වැනි කරදරකාරී ආසාන හේතුවෙන් පොහෝ පිරිස් ඉන්නේ කනස්සල්ලෙන්.

මේ දේවල් සම්බන්ධයෙන් නොයෙකුත් ආලේපනයන් සහ පිරිසිදු කාරකයන් වොළඳපොලේ ඕනෑ තරුම් තිබෙනවා. නමුත් ඒවා භාවිතා කිරීමෙන් ද විවිධ වූ අතුරු අභාධ හට ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.ඉතිං ඒ නිසාම අපි හිතුවා මේ ගැටළුවට පිළියමක් විදිහට ස්වභාවික සත්කාරයක් ගැන ඔබට කියන්න.

Blackheads ඇතිවීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනවා. බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුවවන්නේ එවන් ස්ථානයන්හි අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි.

අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා Blackheads ඇති වීමට බලපාන කරුණු විදියට දක්වන්න පුළුවන්. අපිරිසිදුකම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ Blackheads ඉවත් කරනවා කියා තලා පොඩි කිරීම ද එතරම් සුදුසු වන්නේ නෑ.

මෙම පීඩාකාරී තත්වය සුව කර ගැනීම සඳහා මෙම ස්වභාවික සත්කාරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

අවශ්‍ය වන ද්‍රව්‍ය
දෙහි ගෙඩි භාගයක්
මී පැණි බිංදු තුනක්

මී පැණි බිංදු තුන ලෙමන් පළුව මතට දමා ඔබගේ මුහණ පුරා අතුල්ලා ගන්න. විශේෂයෙන් ආසාදනය වී ඇති ස්ථානයන් අවට. ඉන් පසුව විනාඩි 05 – 07 අතර කාලයක් සිට ශීත ජලයෙන් සෝදා ගන්න. මෙම සත්කාරය සතියකට වාර දෙක බැගින් සිදුකර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්න.

මෙය සිදුවන ආකාරය…

දෙහි තුළ අඩංගුවන ආම්ලිකතාවය සමෙහි මැරුණු සෛල ඉවත් කර නව සෛල වර්ධනයකර ගැනීමට උපකාරී වේ. එමගින් සම පිරිසිදු වී Blackheads ඉතාමත් පහසුවෙන් හා සම්පූර්ණයෙන් ඉවත් වේ.

මී පැණි යනු ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයකි. එමගින් සමෙහි ඇති සිදුරු තුළ කුණු දුහුවිලි ඉවත් කර දෙනු ලැබේ. එමෙන්ම මී පැණි සම පැහැපත් කර ගැනීම සඳහා ඉතාමත් ඵලදායීව ක්‍රියාකරනු ලබයි.

මෙම සත්කාරය විවිධ වූ සම් සඳහා විවිධ විය හැකි ය. මෙම සත්කාරය කෙතරම් වාර සංඛ්‍යාවක් සිදු කළ යුතු ද යන්න ඔබගේ සමෙහි ස්වභාවය අනුව තීරණය වේ. මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම සත්කාරය සිදු කරන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about beauty tips.You can read the article and put your feedback on it.

Related Articles