Home Parenting පොඩ්ඩා ඉගෙනගන්න කම්මැලියිද? පොඩ්ඩව උනන්දු කරවන්න මේ ක්‍රම පාවිච්චි කරන්න

පොඩ්ඩා ඉගෙනගන්න කම්මැලියිද? පොඩ්ඩව උනන්දු කරවන්න මේ ක්‍රම පාවිච්චි කරන්න

by LADY.LK
Teaching Women

දෙමව්පියන් වැඩිපුරම හිත වද වෙන දෙයක් තමයි තමන්ගේ දරුවගේ අධ්‍යාපනය. ඒක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනෙ. හැබැයි අපි කතා කරන්න ඕන කොහොමද ඒ දේට මග පෙන්වන්නෙ කියල. මොකද පාසලෙන් ලැබෙන අධ්‍යාපනය විතරක්ම නැතුව ගෙදරදීත් දරුවාට අධ්‍යාපනයට හුරු කරවන දේවල් කරන්න පුළුවන් නං ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නය වෙන්නෙ මේ දේවල් නිසා ළමයින්ට අධ්‍යාපනය එපා වේවිද කියන එක. මෙන්න මේක නැති කරගන්න තමයි Lady.lk අපි මේ කියන කෙටි ක්‍රම ටික අත්හදා බලන එක ඔයාලටත් වැදගත් වෙන්නෙ.

පොඩි පොඩි ටාස්ක්

ළමයි නිතරම සම්පූර්ණ හෝම් වර්ක් එක හෝ වර්ක් බුක් එකක සම්පූර්ණ කොටසක් කරන්න නොදී පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඒ කියන්නෙ ලොකු ටාස්ක් එක පොඩි පොඩි ටාස්ක් ගොඩකට කඩන්න. එක ටාස්ක් එකක් ඉවර කරාම ළමයට පොඩි බ්‍රේක් එකක් දෙන්න. ඇවිදලා එන්න කියන්න. ළමයාට යම් දෙයක් බැරි වුනොත්, ඒ දේ තවත් පොඩි ටාස්ක්වලට කඩන්න.

දිරි දීමනා

ළමයාව අගය කරන එකත් බොහෝ දෙමවුපියොන්ට මගහැරෙන දෙයක්. නිතරම ළමයාව අගය කරන එක ළමයාට අලුතෙන් දේවල් කරන්න පොළඹවනවා. ළමයි ආසයි තමුන්ගේ දෙමවුපියන්ව ඉම්ප්‍රෙස් කරන්න. ඒකට ළමයට ඕන ඉඩ හදලා දෙන්න. අපි කියන්නෙ හැම තිස්සෙම ළමයට තෑගි දෙන්න කියලා නෙමෙයි. ළමයාට වචනයකින් හරි හිත හැදෙන විදියට කතා කරන්න.

ගේම්ස්

ළමයාට නිතරම බැරි වෙන වැඩක් තියෙනවා නම් ඒ දේවල් පොඩි පොඩි ගේම්ස් ඇසුරෙන් කරන එකත් හොඳ ක්‍රමයක්. මොකද ළමයාගේ හිතට මේක නොකෙරුවොත් ෆේල් වෙනවා කියන බය වෙනුවට අපි එකතු වෙලා මේ ගේම් එක දිනපු කියන උනන්දුව ඇති කරවන්න ඒක උදවු වෙනවා. අනිත් එක ළමයි කොහොමත් සෙල්ලමට බර නිසා ගේම් එකක් විදියට සිද්ධ වෙන දේවල් කරන්න දෙමවුපියො නිර්මාණශීලී වෙන එක ගොඩක් වැදගත්.

අපිත් කරමු

මේක තමයි වැදගත්ම දේ. ගොඩක් දෙමවුපියෝ “පුතා දැන් ගිහින් මේක කරගෙන එන්න” හෝ “දුවට මං ඊලඟට කතා කරන්න කලින් මේ පිටු ටික කරලා තියන්න” කියලා තමුන්ගෙ වැඩ කටයුතු කරන්නට යනවා. තමුන්ගේ වැඩ කටයුතුත් කරගන්නට ඕන වුණත් දරුවන්ගේ වැඩ ඊට වඩා වැදගත්. ඒ නිසාම ඔයත් ඒ දේට සහභාගි වෙන්න. දරුවා එක්ක ඔයත් වැඩ කරන එක දරුවාගේ හිතට දිරියක් වේවි. ඒ වගේම දරුවා කම්මැලි ​නොවී වැඩේ කරාවි.

හීන

මේකත් ගොඩක් වැදගත් ක්‍රමයක්. ළමයින්ට ඒ ඒ අයට ආවේණික හීන තියෙනව. සමහරුන්ට ඕන ලොකු වෙන්න. සමහරුන්ට ඕන ගුරුවරු වෙන්න. සමහරුන්ට ඕන ක්‍රිකට් ගහන්න. සමහරුන්ට ඕන සුපර් හීරෝස්ලා වෙන්න. ඉතිං ඒ ඒ අයගෙ හීන ඇතුළෙ අපිට අපිට ළමයව දිරිමත් කරන්න හේතු හදාගන්න පුළුවන්. ඒ හීනෙට යන්න නං ළමයට ඕන කරන දේවල් විදියට අධ්‍යාපනයේ වැදගත්කම ගැනත් කියන්න. ඒක ළමයාගෙ උනන්දුව වැඩි කරන්න හේතු වේවි.

කැමති දේ අනුව යමු

ළමයි කැමති චරිත ඉන්නවා. ඒවා කාටූන් වෙන්න පුළුවන්. ඒ උනත් ඒ ඇසුරෙන් ළමයාට උගන්නන්න උනන්දුව ඇති කරවන්නත් පුළුවන්. ළමයාට පොත් පත් ගෙනෙද්දි, පැන්සල් ගෙනෙද්දි මේ කාටූන් චරිත අනුව හදපු පොත් පැන්සල් ගන්න එක වගේම, ඒ ඒ කාටූන් චරිත ඇසුරෙන් චිත්‍ර, ගණිතය වගේ දේවල් උගන්වන්න වගේම, කාටූන්වල කතා කරන ඉංග්‍රීසි හෝ සිංහල වචන උගන්වන්නත් පුළුවන් වෙනවා.

Related Articles