Home Health & WellnessPhysical Wellbeing අතිශයින්ම කාන්තාවන්ට පමණයි

අතිශයින්ම කාන්තාවන්ට පමණයි

by LADY.LK

මෙම ලිපිය බල කිරීමක්වත් ,මෙය පාවිච්චිය තහනම් කිරීමට අනදීමක්වත් නෙවෙයි ඔබට යමක් හිතා බලන්නට කරන දැනුවත් කිරීමක් පමනි.

මෙය සැකසීමට විශේෂයෙන් consultant onco-gynecologist Dr.චින්තන හපුආරච්චි මහතාත් සමග මේ පිලිබඳව කල සාකච්ඡාව වැදගත් වුනි.එතුමා නාරීවේදීය පිලිකා සදහා මෙරට සිටින විශේෂඥ වෛද්යවරුන් පස් දෙනාගෙන් අතර කෙනෙක් වේ.

අප සියලු දෙනාම දන්නා ලෙස මාසික ඔසප් වීම සෑම වැඩිවියට පත්වූ ගර්භනී හැර තරුනියන් ,කාන්තාවන් අතර සිදුවෙන ක්‍රියාවලියකි.මෙය ආර්තවාබාවයට පැමිනෙන තුරු සිදුවෙනු ලබයි.මෙය අප ශරීරයේ හොර්මෝන් පද්ධතිය මගින් පාලනය කරනු ලබයි.

ඉතිං අපි මේ සදහා කාලෙන් කාලෙට විවිධ ක්‍රම බාවිතා කරන ලදී.අතීතයේ පිරිසිදු රෙදි කඩක්,පසුව සනීපාරක්ෂක තුවා.දැන් එය තවත් නවීකරණයවී menstrual cup හා tempon බාව්තා කරනවා .
එදා එතුමා සමග කතා කලා ඩිම්බ කෝශ පිලිකා ගැන .මෙම ඩිම්බ කෝශ පිලිකා සැදීමට විවිධ හේතූන් තිබෙනවා .ඒ එක හේතුවක් ලෙස විශ සහිත දේවල් .talcam powder ලින්ගික අවයවයට දැමීම එකක් වන අතර අනෙක් කරුන වන්නේ ,තමාගේම ආර්තව රුදිරය -menstrual blood .තමන්ටම විශ වේ.අනික අපිරිසිදු කම.poor hygiene .
මා ව්ශේශයෙන් එතුමාගෙන් විමසුවා මෙම menstrual cup බාව්තය ගැන .එතුමා කියන පරිදි මේක බාවිතා කිරීම ඩිම්බ කෝශ පිලිකා සදහා හේතුවක් විය හැක .ආර්තව රුදිරය තමන්ට ම විශ වීමක් වෙන නිසා .
සනීපාරක්ෂක තුවා බාවිතා කරන විටත් ඒවා නිසි ලෙස ඉවත් කල යුතු වේ.තුවා බාවිතයේ තිබෙන වාසිය පිටවන රුදිරය ශරීරයෙන් පිට වීමට බාදාවක් නොවීමයි.ආර්තව රුදිරය යනු ශරීරයෙන් බැහැර කලයුතු,දින ගනනක් වැඩී නරක් උන ගර්බාශයේ ඇතුලතින්ම පිහිටා ඇති වැඩුන බිත්තියකි.මෙය පටක සමග පිටවෙන විට ශරීරයේ රදවා ගැනීමක් නොකල යුතුය.
ඉතින් මෙම menstrual cup බාව්තය නිසා ශරීරය තුල රුදිරය එකතු වීමක් සිදුවේ.එම රුදිරය ශරීරය තුල පරන වීමක් ඇතිවී tocxic තත්වයක් උද්ගතවන බව එතුමා අවදාරන කරනලදී.මෙම නිසා ඩිම්බ කෝශ පිලිකා සෑදීමට වැඩි ඉඩක් ඇතිවිය හැක.නින්දේදී නැවත රුදිරය ඇතුලට යෑමක් එනම් නැවත ගර්බාශය දෙසට යෑමක් සිදුවෙ.
මෙහි තවත් අතුරු ආබාද ලෙස ,
toxic shock syndrome -මෙහිදි පැය ගනනක් තබා ගැනීම නිසා ශරීරය තුල මෙම තත්වය ඇතිවී මරනයට පවා පත්විය හැක .

infection-(ආසාදන -)බැක්ටීරියා,යීස්ට් ක්‍රියාකාරිත්වය නිසා සිදුවේ.bacterial vaginosis තත්වන්.

යෝනි මාර්ගයේ irritable ගතියක් ඇතිවීම.මෙය දිගින් දිගටම වීමෙන් එම ස්තානයේ වෙනස්කම්වලට ලක්වෙ.එයින් squamous cell carcinoma ,පිටත අපිච්ජදයේ ඇතිවන පිලිකාවන්.lubricant use නොකිරීම හා ගැලපෙන size එකට නොගෙනීම නිසා මෙය වේ.

යෝනි මාර්ගයේ ph අගය වෙනස්වීම්.එහිදී ද ආසාදනයන් ඇතිවිය හැක .

මෙහිදී යම් කෙනෙකුට කියන්න පුලුවන් සනීපාරක්ෂක තුවා සදහා දමන රසායනික ජෙල් එක නිසා අයහපත් වෙන්න පුළුවන් කියලා ,ඒත් තරාදියක දෙපැත්තට දාලා බැලුවොත් සනීපාරක්ෂක තුවා බාවිතයේ ඒ ජෙල් එක තුවාය ඇතුලෙ තිබෙන නිසා අතුරු ආබාද අවමයි.හොදම දේ නිතර නිතර මාරැ කිරීමයි.

විශේෂඥ වෛද්‍ය වරයා සමඟ කතා කිරීමෙන් ඔහු දැක්වූ අදහස් වලින් සාරාංශයක් ගෙන හැර දක්වන ලදී.තීරණය ඔබ අතේ ඇති අතර කිසිකෙනෙකුට බල කිරීමක් නොමැත.

චතුරිකා හේවගෙ අබේනායක
හෙද නිලධාරීනී
අපේක්ෂා රෝහල
මහරගම .

උපුටා ගැනීමකි

Related Articles