Home LifestyleTravel මාදු ගඟේ බොට්ටු සවාරියක්

මාදු ගඟේ බොට්ටු සවාරියක්

by LADY.LK

රට වටේ ඇවිදින්න යන්න ආස කොල්ලොන්ට කෙල්ලොන්ට ලේසියෙන්ම යන්න පුළුයන් තැනක් ගැන තමයි අද අපි මේ කියන්න යන්නේ. ඒ තමයි ‘මාදු ගඟේ බෝට්ටු ‘ සවාරියක්.

දේස් විදෙස් සංචාරක ආකර්ශනය ඉතාමත් ඉහළින් දිනා ගත් තෙත් බිම් ප්‍රෙද්ශයන් අතරින්  මාදු ගඟේ තෙත්බිම් කලාපය බොහෝ දෙනා අතර ඉතාමත් ප්‍රචලිත වූ ස්ථානයක්.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතට වෙන්න පිහිටි බලපිටිය, කරන්දෙණිය යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවලට අයත්ව තමයි මේ ඉසව්ව පිහිටා තිබෙන්නේ. ඔනෑම කෙනෙක්ට බොහොම පහසුවෙන් මෙම ස්ථානයට ලඟා වෙන්න පුළුවන්.

මාදු ගඟ කියන්නේ කරන්දෙණිය ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පදනම් කොට මුහුදට ගලා බසින ගංගාවක්. බොරලැස්ස ඇල, හීන් ඇල, මාගල ඇල, ‍ලේනගල ඇල, උණගස්වල ඇල, සීනිගොඩ ඇල යන ජල මූලාශ්‍ර වලින් මාදු ගඟ ‍පෝෂණය කෙරෙනවා.

මේ ඔයට මාදු ගඟ යන නම ලැබි ඇත්තේ එය ‘මාදූව’ නම් වන තරමක් විශාල දූපතක් මැදිකොට ගලා බසින නිසයි. මාදූවේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 39ක්.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ක්ෂීරපායී සහ උරග විශේෂ විසි අටක්, උභය ජීවී විශේෂ දහතුනක් පක්ෂී විශේෂ සියයක් ආදී වශයෙන් ඉතා අගනා වනජීවී සම්පතක්ද මෙම තෙත් බිම සතුව පැවැතීම විශේෂත්වයක්. මේ අතරින් දැනට ලෝකයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රත්මිල්ල (Lumnitzera littoria) ශාකය ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය තුළින් පමණක් වීම අදත් බොහෝ දෙනකු නොදත් රහසක්. එමෙන්ම මෙම ශාකය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක බෝකිරීමට නොහැකි බවද ප්‍රදේශයේ ගැමියන් පවසනවා.

මෙම අගනා තෙත්බිම් පාරිසරික පද්ධතිය තුළ බෝට්ටු මගින් සංචාරය කිරීමේ පහසුව ලබාදෙන පුද්ගලයන් සහ ආයතන රැසක් ඒ අවට දී ඔබට හමුවේවි. නමුත් ඔබ ගෙවන මුදලට සරිලන නියමිත ප්‍රමිතියෙන් යුතු බෝට්ටු සංචාරයක් ලබා ගැනීමේ පූර්ණ වගකීම ද මෙහි දී ඔබ සතු වන අතර මෙම අපූරු පරිසර පත්ධතියේ සුනදරත්වය ආරක්ෂාකිරීමේ වගලකීමද ඔබ සතුවන බව මතක් කළ යුතුමයි.





Related Articles