Home Parenting පොඩ්ඩගේ උපන්දිනය සමරන්න tips ටිකක්

පොඩ්ඩගේ උපන්දිනය සමරන්න tips ටිකක්

by ladylk

තමන් ඉපදුණු දිනය කියන්නේ ඕනෑම කෙනෙක් හරිම සතුටින් සමරන්න ප්‍රිය කරන දිනයක්නේ. ඒ වගේම උපන් දිනය සමරන කෙනාට ආදරය කරන අනිත් අයටත් ඒ දිනය හරිම සුවිශේෂී දිනයක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අතරිනුත් පොඩි දරුවෝ තමයි හරිම නොයිවසිලිමත්ව තමන්ගේ birthday එක එනකන් ඇඟිලි ගනින්නේ. ඉතින් ඒ වගේ පොඩ්ඩෙක් ඔයාගේ ගෙදරත් ඉන්නවා නම්, මේ ලිපිය ඔයාට සෑහෙන්න වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Boss of the day

Birthday එක එයාගේ දවස නිසා එදාට සිදුකරන විශේෂ දේවල් ගැන පොඩ්ඩටම තීරණය කරන්න ඉඩ දෙන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. අම්මලා තාත්තලට පුළුවන් මේ සඳහා options කිහිපයක් ලබාදෙන්න. අපි මේ දීලා තියෙන අදහස්වල්ට වඩා වෙනස් විදියේ අදහස් එයාලගෙන් ආවොත් ඒවට ඉඩ දෙන එක තමයි වටින්නේ. තෑගි ගැන කියනවා නම්, දෙමව්පියෝ සතුටු වෙන ආකාරයේ දේවල් තෑගි කරනවාට වඩා පොඩ්ඩා සතුටුවෙන විදියේ තෑගි බෝග දෙන එක ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි මතක් කරන්න කැමතියි.

Camping/ picnic

ගෙදර මිදුලේ හොඳට ඉඩ පහසුකම් තියෙනවා නම් tent එකක් ගහලා ගෙදර මිදුලෙම මේ වැඩේ කරන්න පුළුවන්. කිසිම පොඩ්ඩෙක් මේ වගේ සැමරීමකට අකමැති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. කැමති නම් කේක් එකක් ඇතුළු අනෙක් කෑම බීම ටික ගෙදරින් හදාගෙන යන්න පුලුවන්. එහෙමත් නැත්තන් වෙනසකටත් එක්ක camp එකේදිම කන බොන දේවල් ටික හදන්න උත්සහ කරන්නත් පුළුවන්. මේ වගේ දෙයක් කරන්න ගෙදර ඉඩ පහසුකම් මදිනම් trip එකක් දාගෙන සුදුසු ස්ථානයකට යන්න උත්සහ කරන්න. උපන්දිනය හිමිකාරයට වගේම පවුලේ අනිත් අයටත් ඒක හැබෑම වෙනසක් වේවි. Camp එකක් කරන්න අකමැති වගේ නම් picnic එකක් යන්න උත්සහ කරන්න. ලොකු දුරකට නෙවෙයි. ළඟ පාත තියෙන නිදහස් ස්ථානයක් මේ සඳහා තෝරාගන්න ඔබට හැකියාව තියෙනවා. පවුලේ අයත් එක්ක මුලු දවසම ගත කරන එක පොඩ්ඩට සෑහෙන විනෝදයක් වේවි.

Trip

දින දෙකක් විතර වැය කරලා ටිකක් දුර බැහැර පැත්තකට ගිහින් ඇවිදලා කාලා බීලා, විනෝදවෙලා එන්න පුළුවන් නම් පොඩ්ඩා ගොඩක් සතුටු වෙයි. හැබැයි එහෙම අපහසු නම් day out එකක් වුණත් කමක් නැහැ. පිටින් කෑම වේලක් අරන්, movie එකක් බලලා, ආසා තැනක ඇවිදලා කරලා උපන්දිනය දවසේ පොඩ්ඩා සතුටු වෙනවා නම් ඒකම වටිනවනේ නේද? එහෙමත් නැත්තන් නාන්න එහෙම පුළුවන් ආරක්ෂාකාරී ඇලක් දොළක් වගෙ තියෙන නිස්කලංක පැත්තකට යන්නත් පුළුවන්. කැමති නම් යාලු හිතමිතුරෝ ටිකකුත් එකතු කරගත්තොත් තවත් විනෝදජනක දිනයක් ගත කරන්න පුළුවන්කම ලැබෙයි.

Movie day

පවුලේ හැමෝම කැමති වෙන විදියේ movies කීපයක්ම තෝරාගන්න. හපන්න කෑම වර්ග ගොඩකුත් ළඟින් තියාගන්න. දැන් ඉතින් කකා බිබී films බලන්න තමයි තියෙන්නේ. කට්ටිය ගොඩක් එකතු කරගෙන කේක් කපලා party ගන්නවාට වඩා වෙනස් දෙයක් වුණත් පවුලේ අයත් එක්ක නිදහසේ ගෙවෙන මේ වගේ දවසකින් පොඩ්ඩා සෑහෙන්න සතුටු වෙන්නට ඉඩ තියෙනවා.

Night in a hotel පොඩ්ඩා ආසාවෙන විදියේ hotel එකක දවසක් ගත කරන්න එක්කගෙන යන්න පුළුවන් නම් එයාට ඒ දවස අමතක නොවෙන විදියේ දවසක් වේවි. ඇති තරම් pool එකේ බැහැලා පීනලා, ආස විදියේ කෑම කාලා, පොඩ්ඩක් ඇවිදලා කරලා, සහභාගි වෙන්න පුළුවන් events තියෙන විදියේ තැනක් නම් ඒවාටත් සහභාගි වෙලා මතකයේ රැඳෙන විදියේ දවසක් ගෙවන්න මුළු පවුලටම අවස්ථාව උදාවේවි. හැබැයි ඉතින් තමන්ගේ budget එකටත් ගැළපෙන විදියේ hotel එකක් තෝරාගන්න එක අම්මා තාත්තගේ වැඩක්.

Related Articles