Home Parenting මවක් වෙන්න හීන දකින ඔබ කෙන්තිය පාලනය කර ගන්න

මවක් වෙන්න හීන දකින ඔබ කෙන්තිය පාලනය කර ගන්න

by LADY.LK

කේන්ති ගන්න කාන්තාද පිරිමිද කියන එක අදාළ නැහැ  මේ කොයි කාටත් හොඳ හැටි කෙන්ති ගිය අවස්ථා අපි දැක තිබෙනවා. මේක කියවන ඔබත් හොද කෙන්ති කාරියක් වෙන්නට පුළුවන්. නැති නම් දැනටමත් ඔබ කුමන හෝ කාරණයකට කේන්ති පුපුරමින්  ඉන්නවා වෙන්නටත් පුළුවන්. නමුත් කෙන්තිය වුණත් ආවට ගියාට නොගත යුත්තක් බව ඔබ දැනගෙන ඉන්නට නැතුව ඇති.

මේ කියන්න හදන්නේ එහෙම කෙන්ති නොගත යුතු අවස්ථාවක් ගැනයි. කාන්තාවගේ ජීවිතේ සුවිශේෂීම අවධියක් තමයි ගර්බනී සමය කියලා කියන්නේ. වෛද්‍යවරුන් පවසන පරිදි ගර්භනී සමය තුළ කාන්තාවකගේ හෝමෝන වෙනස් වීම් ඉතාමත් සීඝ්‍රෙයන් සිදු වෙනවා.මේ නිසා  කලකිරීමට පත්වීම, ක්‍රෝධයට පත්වීම ,මානසික ආතතිය වැඩිවීම  ආදී තත්වයන් කාන්තාවන්ට අත්විදීමට සිදු වෙනවා.

එනම් මනෝභාවය වෙනස් වන ආකාරයට විවිධ වර්ග වල හෝමෝන වල බලපෑම නිසා ගර්භනී සමයේ කාන්තාවකට කේන්තිය ඇති වනවා. එමෙන්ම ගර්භනී සමයේදී ස්වභාවිකවම සාමාන්‍ය ආකාරයෙන් ශරීරයේ හැඩය වෙනස් වීම නිසා උදෑසන අවදි වද්දී යම් යම් ආකාරයේ ගැටළු වලට මුහුණ දීමට සිදු වන නිසාත් ඔබට කෙන්තිය ඇති වන්නට පුලුවන්.එවගේම ගර්භනී සමයේදී ඇතිවන බිය නිසාත් මේ තත්වයට ඔබට මුහුණ දෙන්නට සිදුවනවා.

මේ හේතු නිසා ගර්බනී සමය තුළදී ඔබට ටිකක් වැඩිපුර කේන්ති යනවා වෙන්නට පුළුවන් .මොකද මේ තත්වය ගර්බනී සමය තුළදී අනිවාර්යෙන්ම ඇතිවිය හැකි තත්වයක්.

හැබැයි එහෙමයි කියලා ඔබ දිගින් දිගටම කේන්ති ගන්න ගියොතින් එය ඔබේ කුසෙන් උපදින්න ඉන්න දරුවාට අහිතකර තත්වයෙන් බලපාන්ට ඉඩ තිබෙනවා. ඒ නිසා මවක් වෙන්න බලාගෙන ඉන්න ඔබ  කුමන හෝ අකාරයකින් එම කේතිය පාලනය කර ගත යුතුමය

ගර්භනී සමයේදී ඔබට ඇතිවන කේන්තිය මැඩපවත්වා ගන්නා ආකාරය ගැන අපට මෙන්න මෙහෙම කියලා දෙන්න පුළුවන්

  1. ධනාත්මක සිතුවිලි ඇති කර ගන්න.

සෑම විටම සෑම ක්‍රියාවක්ම හොඳින් සිදුවනවා යන හැගීමෙන් කටයුතු කරන්න. ගර්භනී අවදියේදී ඔබ සෘණාත්මකව සිතනු ලබන සිතිවිලි දරුවාගේ සෞඛ්‍යයට සෘණාත්මකව බලපානවා. ඔබ තව සුළු කාලයකින් දරුවෙකු මේ ලොවට බිහිකරනවා යන හැගීමෙන් ධනාත්මක සිතුවිලි වර්ධනය කර සතුටින් සිටින්න.

  1. ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කර ගන්න.

ඔබට සහ ඔබේ කුස තුල සිටින දරුවාගේ යහපත සඳහා යෝගා, භාවනා හෝ නිස්කලංකව ඇවිදීම වැනි කිසියම් ක්‍රියාවක් අනුගමනය කරන්න.

  1. සෞඛ්‍යය සම්පන්න ආහාර ලබා ගන්න.

පෝෂණ ගුණයක් නොමැති කඩ කෑම සහ සීනි අධික ආහාර වර්ග වලින් සිදු වන්නේ කාංසාව වැඩි වීම පමණයි. ඒ වගේම, මෙවන් ආහාර මගින් දරුවාට ලැබිය යුතු පෝෂණ ගුණයත් අහිමිව යනවා. සෑම විටම නැණවත් ලෙස සෞඛ්‍යය සම්පන්න ආහාර පමණක් ලබා ගන්න. ඒ වගේම, දිවා කාලයේ දී ඔබට අවශ්‍ය වන නින්ද ලබා ගෙන රාත්‍රී කාලයේදීත් සුවදායක නින්දක් ලබා ගන්න.

මෙන්න මේ කියන විදිහට ඔබ  ගර්බනී සමය තුළදී කේනිතිය පාලනය කර නොගත්තොත් ඔබට අත්විදීමට සිදුවන ප්‍රතිවිපාක ඉතාමත් භයානකයි.

ගර්බනී තත්වයට පත් වී සිටින ඔබ තුළ ඇති වන චිත්තවේගයක් නිසා ඒ තුළින්  ගර්භනී භාවයට සෘණාත්මක හෝ ධනාත්මක බලපෑමක් ඇතිවන්නට පුළුවන්. උදාහරණයක් ලෙස කියනවනම් වෛද්‍යවරුන් පවසන පරිදි මේ හේතුව නිසා නොමේරු දරු උපත් සිදුවීම, ගර්භාෂය තුල වර්ධනය වන දරුවාට හානි සිදු වීම සහ බර අඩු දරු උපත් සිදුවීම වැනි දෑ සිදු වන්නට පුළුවන්

මේ හේතූන් නිසා ගර්බනී තත්වයට පත්ව මවක් වීමට හීන දකින ඔබ කෙන්තිය පාලනය කර ගැනීම නම් අනිවාර්යයි..

Related Articles