Home Health & WellnessPhysical Wellbeing ඔබේ කණට කුඩා කෘමියෙක් ඇතුළු උනොත් ?

ඔබේ කණට කුඩා කෘමියෙක් ඇතුළු උනොත් ?

by LADY.LK

හදිසියේම වෙන්න පුලුවන් කරදරයක් තමයි මේක. සමහර වෙලාවට දැන් හෝ නොදැන කෘමින් ඇතුල් උනාම ශල්‍යකර්ම පවා කරන්න වෙච්ච සිද්දීන් තියෙනවා. ඉතින් මේ කාරණයෙදි හදිසියේ මෙහෙම දෙයක් උනොත් ඉවසීමෙන් කටයුතු කරලා ඒ සතා ඉවත් කරගන්න කටයුතු කරන්න ඕන. කිසිවිටෙක කලබල නොවිය යුතුයි. කලබල උනොත් තත්වය තවත් නරක් වෙන්න ඉඩ වැඩි නිසා.

හදිසියේම සතෙක් කණට ඇතුල් උනොත්, ඔබ කල යුත්තේ මුලින්ම සන්සුන්ව සිතා බැලීමයි. මේ වගේ වෙලාවක මෙහෙම කරන්න අමාරු බව ඇත්ත. නමුත් කලබල උනොත් අවශ්‍ය විදියට කරගන්න බැරි වෙනව. බොහෝ අය මෙහෙම උනාම කරන්නෙ කොණ්ඩ කට්ටක්, ගහක අතු කැබැල්ලක්, කොට්න් බඩ් හරි ඒවගේ දිගටි කූරක් වගේ දෙයක් කණ ඇතුලට යවලා සතාව ඉවතට ගන්න උත්සහ කරන එක. එහෙම කරාම ඇත්තටම කණට තුවාල සිදුවෙන්නත් අවදානමක් තියෙනවා. ඊටත් වඩා ඔය සතා තවත් කණ ඇතුලට යන්නට උත්සහ දරන්න හෝ කණ ඇතුලට යැවෙන්න ඔය ප්‍රතිකර්ම වලින් ඉඩ වැඩියි. එනිසා විවිධ ජාති කන ඇතුලට යැවීමෙන් වලකින්න.
විශේෂයෙන්ම කනේ ඇතුල තුවාල වෙලා කියල ඔබට තේරෙනවා නම් කිසිවක් ඇතුලට නොදා ඉන්න එක වඩා සුදුසුයි. ඒවගේම ලේ හරි වෙන දෙයක් හරි එලියට එනව නම් වහාම දොස්තර කෙනෙක් මුණ ගැසෙන්ටන යාමත් හොදයි.

පෙර කියන දේ නොවී ආරක්ෂිත නම් ඔබ  කල යුත්තේ, කෘමියා ඇතුල් වෙච්ච කන පොලව පැත්තට එනම් පහතට ඉන්න විදියට ඔළුව හරවලා ඉන්න උත්සහ කිරීමයි. එතකොට කෘමියාගේ චලනයන් එක්ක එකවරම කනෙන් එලියට එන්න ඉඩ තියෙනවා. ඒවගේමයි ඔළුව උඩ අතට හරවාගෙන ඉන්න ගමන්ම ජලය බිංදු කීපයක් කන ඇතුලතට දාන්න. එහෙම නැත්නම් ඔලිව් ඔයිල් ටිකක් දාන්න. එතකොට කෘමියා ඒක තුල ඇලෙන්න හෝ මියයන්නත් ඉඩ තියෙනවා. එනිසා ආයි වතාවක් කන පහතට තියෙන විදියට ඔළුව හැරෙව්වොත් කනට ඇතුල් කරන ලද වතුර හෝ ද්‍රව්‍ය කෘමියා සමගම උනත් පිටතට එන්න ඉඩ වැඩියි. මේ කටයුතු කරාට පස්සෙ වඩාත් ආරක්ෂිතයි ENT/ උගුර, කන, නාසය විශේෂඥවරයෙක් මුණ ගැහෙනවා නම්.
ඊටපසුව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

මේ ඔබට අපි කිව්වෙ සරලව කරන ප්‍රතිකර්මයක් ගැනයි.

Related Articles