Home Health & WellnessPhysical Wellbeing දියවැඩියාව සුව කරන ලීක්ස්

දියවැඩියාව සුව කරන ලීක්ස්

by LADY.LK

දියවැඩියාව කියන්නේ පාලනය කළ හැකි රෝගයක් බවටයි වෛද්‍යවරු පවසන්නේ. මෙම රෝගය පාලනය කිරීම සදහා රසායනික ඖෂධ වෙනුවට  ස්වභාවික ක්‍රෙමා්පායන් භාවිතා කරන්නත් පුළුවන්.

මේ සඳහා  ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් භාවිතා කිරීම ඵලදායී වනවා. දියවැඩියාව රෝගය ඇතිවන්නේ අග්න්‍යාශය මගින් නිසි ලෙස ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම සහ නිසි ලෙස ඉන්සියුලින් භාවිතා නොවීම නිසයි. මෙම තත්වය නිසා ශරීරය නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වෙමින් විවිධ අසමතුලිතතාවයන් ඇති වී ශරීරයට විශාල ගැටළු ඇතිවීම සිදු වනවා. දියවැඩියාව රෝගය සුවපත් කිරීම සඳහා ඉන්සියුලින් එන්නත් කරනු ලැබුවත් ඇතැම් අවස්ථාවන්හීදී දිගින් දිගටම රෝගී තත්වය උත්සන්න වන්නට ඉඩ තිබෙනවා. අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ලීක්ස් මගින් ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් සකස් කර ඉන්සියුලින් මට්ටම නිසි ලෙස පාලනය කර දියවැඩියාව සුවකර ගන්නා අයුරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය : මුල් සහිත ලීක්ස් ගසක්, ජලය

පළමුව ලීක්ස් ගස හොඳින් පිරිසිදු කර භාජනයක් ගෙන එයට ඛනිජ සහිත ජලය එක්කරන්න. මේ ආකාරයට දිනක් පහන් වන තුරු තබා ජලය පෙරාපසුදින පුරාවටම පානය කරන්න. මේලෙස දිනපතා මෙම ඖෂධීය පානය පානය කරන්න. එමගින් ඔබේ දියවැඩියාව රෝගය සුවපත් වේවි.

දියවැඩියාව වලක්වාලීම සඳහා තවත් උපදෙස්

සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න.
ඔබ ප්‍රියකරන ආහාර මග නොහැර බර ආහාර වේල් වලින් මගහැරී මේදය සහ කාබෝහයිඩ්‍රේට අවම ආහාර ලබා ගන්න.

ව්‍යායාම
ඔබේ කාර්යය බහුලතාවයෙන් මදකට මිදී දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ව්‍යායාම වල නිරත වන්න. එමගින් ඔබේ ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගන්නට පුළුවන්.

බර අඩු කර ගන්න
ශරීරයේ තරබාරුභාවය සහ දියවැඩියාව අතර මනා සම්බන්ධයක් පවතිනවා. ඔබ තරබාරු අයෙක්නම් ශරීරයේ බර තරමක් අඩු කර ගන්නට උත්සහ කරන්න. එමගින් ඔබේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පවත්වා ගන්නට පුළුවන්. ඔබ තරබාරු අයෙක් නම් ඔබේ අග්නයශය මගින් වැඩි වශයෙන් ග්ලූකෝස් නිපදවනු ලබනවා.

ක්‍රමානුකූල කාලයන් අනුව ආහාර ලබා ගන්න
ඔබට සිතෙන සෑම විටම ආහාර නොගෙන නිසි වේලාවන් තුලදී ආහාර ලබා ගැනීම මගින් ශරීරයේ බර සහ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පාලනය කර ගන්නට පුළුවන්.

වැඩි වශෙයන් ජලය පානය කරන්න
ජලය නිසි ලෙස ජලය පානය කිරීමෙන් රුධිර සංසරණය සහ රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කර ගන්නට පුළුවන්.

Related Articles