Home Health & WellnessPhysical Wellbeing දෙතොල් කළු වෙලා නම් මේ ලිපිය නොවරදවාම කියවන්න

දෙතොල් කළු වෙලා නම් මේ ලිපිය නොවරදවාම කියවන්න

by LADY.LK

දෙතොල කියන්නේ සුමුදුව තියා ගන්න ඕන දෙයක්. කාන්තාවන් වගෙම පිරිමිත් දෙතොල්වල පැහැපත් භාවය පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා.

දෙතාල් අවපැහැ වුණාම මුහුණේ තිබෙන සුන්දරත්වයත් අහිමි වී යනවා. මේ නිසා කාන්තාවන්ට නම් පිළියමක් විදිහට තොල් ආලේපන භාවතා කරන්න පුළුවන්. ඒත් ඉතිං ඒක සිථිරසාර විසඳමක් නම් නෙමෙයි

ඔන්න ඒ නිසාම අපි හිතුවා ඒකට හැමදාටමත් විසදමක් ඔබට ලබා දෙන්න . ඒකට ඔබ කරන්න ඕන මෙන්න මේ  පුංචි පිළියම් ටික විතරයි.

ඔබගේ අවපැහැ ගැන්වූ දෙතොලට රෝස පැහැයක් ලබා ගැනීමට ස්වභාවික සතිකාරයක් තමයි මේක.

මේ සඳහා අවශ්‍ය වන්නේ

දෙහි යුෂ කෝප්පයක්

සීනි තේ හැදි එකක්.

ප්‍රතිකාරාය කර ගන්නේ මේන්න මේ විදිහට..

නැවුම් දෙහි ගෙඩියකින් යු මිරිකාගෙන සිනී තේ හැන්දක් එයට එක් කර සෙමින් මිශ්‍ර කරන්න. පසුව මෙම මිශ්‍රණය ඔබගේ තොල්වල හොඳින් ගල්වන්න. මද වෙලාවකින් හොඳින් සම්බාහනය කර උණු වතුරෙන් සෝදා හරින්න.

මෙම ක්‍රියාවලිය එක දිගට දින කිහිපයක් සිදු කිරීම තුළින් ඔබට පුළුවන් පැහැපත් දෙතොලක හිමි කාරයෙක් වෙන්න.

Related Articles