Home Health & WellnessPhysical Wellbeing මේ කෑම කවදාවත් නැවත රත් කරලා කන්න එපා – කෑවොත් වෙන දේ මෙන්න

මේ කෑම කවදාවත් නැවත රත් කරලා කන්න එපා – කෑවොත් වෙන දේ මෙන්න

by LADY.LK

කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි අපි කන බොන ආහාරපාන සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව අපි ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නැතිකම නෙමෙයි ඇතිතටම කිව්වොත් වෙලාව මදිකම. ඒ නිසා අපි පුරුදු වෙලා ඉන්නවා දවසේ එකු වෙලාවකදී පිස ගත් ආහාරයක් නැවත නැවත රත් කර ගනිමින් අහාරයට ගන්න. නැතිනම් ශීතකරණයේ තබා නැවතත් රත් කර ආහාරයට ගන්න.

 

මේක බැලූ බැල්මට නම් ඉතාමත් සාමාන්‍ය දෙයක්. නමුත් කවදාවත් නැවත වරක් රත් කර ආහාරයට නොගත යුතු ආහාරත් ඒ අතර පවතිනවා. පර්යේෂකයන් මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තෙ මේ අයුරින් ඇතැම් කෑම වර්ග රත්කර නැවත ආහාරයට ගැනිම නිසා මරණය පවා සිදුවිය හැකි බවයි

 

එලෙස නැවත නැවත රත් කර  ආහාරයට නොගත යුතු  ආහාර වර්ග කිහිපයක්  අපි ඔබට කියන්නම්

 

 

කුකුල් මස් (chicken curry)

 

බෝහෝ දෙනෙකු ප්‍රිය කරන කුකුල් මස් පිස ගැනිමෙන් අනතුරුව නැවත රත්කර ආහාරයට ගැනිම නිසා එය ආහාර ජිර්ණ පද්ධතියට අහිතකර ලෙස බලපෑ හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

 

හතු වර්ග (bimmal curry / mushroom curry)

 

බීමමල් එසෙත් නැති නම් හතු වර්ග එක්වරක් පිස ගැනිමේන් පසු නැවත රත්කර ආහාරයට ගැනිම මගින් හදවත් රෝග වලට එය රුකුලක් වන බව පර්යේෂණ වලින් හෙළි වි ඇත.

 

නීවිති (Spinach curry)

 

ඔබත් වරක් පිසගන්නා ලද නිවිති රත්කර නැවත ආහාරයට ගැනිමට පුරුදුව සිටිනවා නම් නිවිති වල අඩංගු වන නයිට්රේට් අම්ලය රත්කිරිම නිසා නැවත සක්‍රිය විම මගින් එය ආහාරයට ගැනීම ශරිරයට අහිතකර බව කිය වෙයි.

 

අර්තාපල් වැනි අල වර්ග (potato curry)

 

පොෂ්‍ය ගුණයෙන් ඉහල අර්තාපල් වැනි අල වර්ග එක්වරක් පිස ගැනිමෙන් පසු නැවත රත්කර ආහාරයට ගතහොත් එවායේ අඩංගු පොෂ්‍යපදාර්ථ ශරිරයට අහිතකර විය හැකියි.

 

බිත්තර (Egg curry)

 

ඉහත කී බෝහො  ආහාර මෙන්ම බිත්තරද පිස ගැනිමෙන් පසු නැවත රත්කර කෑම මගින් එහි අඩංගු ඇතැම් රසායනික අංශු සක්‍රිය වීම නිසා එවා ශරිරයට අහිතකර විය හැකියි.

 

බීට් අල (beetroot curry)

 

බිට් රූට් වලද ඉහතින් කී නිවිති වල අඩංගු නයිට්රේට් අම්ල අඩංගු වෙයි. නැවත රත්කර ආහාරයට ගැනිම මගින් නයිට්රේට් අම්ල සක්‍රිය වීම නිසා ශරිරයට අහිතකර බලපෑම් ගෙන දිය හැකියි.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some food habits .You can read the article and put your feedback on it. 

Related Articles