Home LifestyleLiving කොහොඹ පැලයක් ඔබේ ගෙවත්තේත් රෝපණය කරන්න

කොහොඹ පැලයක් ඔබේ ගෙවත්තේත් රෝපණය කරන්න

by LADY.LK

කොහොඹ, කියන්නේ නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන නිවසක අනිවාර්යයෙන් රෝපණය කර ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් .
එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා.
සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසටයි.

වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ආදියේදී උපකාරයට එනවා. ප්‍රති ශක්තිය වර්ධනය කරනවා.
දරු උපත් වලදී මවගේ පහසුව හා සෞඛ්‍යය සඳහා කොහොඹ තෙල් විශේෂ දායකත්වයක් ලබා දෙනවා.
කොහොඹ උපත් පාලන හැකියාවෙන්ද, යුක්ත බව සඳහන්.
කොහොඹවල ඇති ජෙඩුනින් රසායනය පිළිකා නාශක ගුණයෙන් යුතු යි. එය මුඛ පිළිකා වළකන අතර සිරුරේ අනෙකුත් පිළිකා ඇතිවීම ද අවම කර දෙනවා .
කොහොඹ කොළවල ඇති විෂබීජ නාශක හා සිසිල ගුණ නිසා පැපොල රෝගීන්ගේ යහන්වල කොළ අතුරාලීමේ සිරිතක් පවතිනවා.

        *දියවැඩියා  රෝගීන්  දීනකට  කොහොඹ  කොළයක්  දෙකක් සපා  කන්නේ  නම් එම රෝගය පාලනය  වන  බව   සඳහන්.
        *ස්නායු  දුර්වලතා නිසා  ඇතිවන  හිසරදය  දුරු කිරීමට කොහොඹ වලට  හැකි  අතර ඒ සඳහා කොළ කොටා   එළකිරෙන්  තම්බා  අඹරා     උදෑසන  හිස ගල්වා පැය  තුනකට පසු   ඇල්දිය  නෑම ,දින  තුන හතරක්   කළ යුතුවනවා.
         *පැපොල   සරම්ප  රෝගවලින්  සෑදෙන  තුවාල  කැළැල්  මැකීමටත්  වෙනත් දද කුෂ්ට  රෝග  සුව කිරීමටත්   අමු කහ    කොහොඹ කොළ  සමග  කොටා  ආලේප කිරීමෙන්  හැකිවනවා. එමගින්  සියලු  විෂබීජ  විනාශව  සම නිරෝගිව  පැහැපත් වන බව  සඳහන් .
         *දලු කොළ යුෂ ද  බැක්ටීරියා  ආසාදන   දුරුකර  කුරුළෑ  ලප  ඉවත්කර  සම නිරෝගි  කරන්නක්.
         *සම  පැහැපත්වීම  සඳහා  කොළ  තම්බා බීම  මෙන් ම,     කොළ  යුෂ   එළකිරි  සමග   බීමද  පලදායක යි.   එළ කිරි මිශ්‍ර පානයෙන්   මල  බුරුල්වීමද  සිදුවනවා.
         * කොහොඹ  පොතු  තැම්බූ  ජලය  හෝ  කොළ  යුෂ  සතියකට  වරක් උදෑසන  හිස්බඩ  පානය  කිරීමෙන්,  මල  බුරුල්වීම  මෙන්ම    ලේ  පිරිසිදු වීම ද  සිදුවනවා. 
         * ඇස් රෝග  ඇතිවිට  අමු කහ  සමග  කොළ  තම්බා  ඇස්  සේදීමෙන්  සහන   ලබාගත  හැකියි.
        * කොහොඹ  කොළ  යුෂ  මීපැණි  සමග පානය  කිරීමෙන්  සෙංගමාලයත්,  සෙම් රෝගත්  පාලනයවෙනවා.
        *තුවාල නිසා ඇතිවන  කැසීම්  වැළැක්ව්මට   කොහොඹවලට  හැකි  යි.  ඒ සඳහා  කොළ  යුෂ,  නෙල්ලි  යුෂ හා  එළඟි තෙල්  සමග   උදය  සවස   බොන්නට  දෙනවා.
         *කොහොඹ පණු  රෝග දුරු  කරන  අතර  ඒ සඳහා  කොළ  යුෂ  මේස හැන්දක්   මීපැණි  තේ හැඳි  දෙකක්    සමග     දින  දෙකක්  හිස්බඩ පානය  කළ යුතු බව   සඳහන්.

         ඉස්සොරි  දුරු කරමින්  හිස කෙස්  නීරෝගිව වවා ගැනීමට,   කොහොඹ කොළ  අමුකහ  සමග  අඹරා  ගොඩපර  නානු   සමග   මිශ්‍රකර  හිස් කබලේ  තවරා  හොඳින්  සම්බාහනය  කර   විනාඩි  20 කින්  පමණ  සෝදා  හැරීම  සුදුසුයි. 

මෙම සත්කාරය සෙම් පීනස් රෝග ඇතිවිට සුදුසු නැහැ .
කොහොඹ කොළ තම්බා හිස සේදීමද හිසකෙස් වලට හිත කරයි.
කොහොඹ කොළ යුෂ කහ සමග මිශ්‍රකර සිරුරේ ගැල්වීමෙන් සිරුර පැහැපත්කර ගැනීමට ඈත අතීතයේ සිටම ඉන්දියානු කාන්තාවන් පුරුදුව සිටිනවා. ඔවුන්,ඒ සඳහා කොහොඹ දලු වියලා ගත් කුඩු ද භාවිතා කරනවා.
කොහොඹවල ඇති සමටත් හිසටත් සුවිශේෂ ගුණ නිසා එමගින් විවිධ සබන් ෂැම්පු ආලේපන ද වෙළඳ පොළට නිෂ්පාදනය වී තිබෙනවා.

මුහුණට කොහොඹ සත්කාර

*ආසාදන දුරලීමට
වතුර කෝප්පයකට කොහොඹ, කොළ 15-20 ක් දමා බාගයක් වනතුරු සිඳුවා එම ජලයෙන් මුහුණ කීපවිටක් සේදීම

  • කුරුලෑවලට
    කොහොඹ කොළ 15-20 ක් ජලය සමග රත්කර අඹරා පල්පයක් සදා කුරුලෑවල තවරා වේලෙන්නට හැර සෝදා හැරීම
    *කොළ අමු කහ සමග කොටා ගැල්වීම

*සමේ තෙල් වැඩි ගතියට
කොහොඹ කොළ අඹරා පල්ප කර ඊට ලෙමන් යුෂ බිංදු 4-5ක් එක්කර තවරා විනාඩි 20 කුන් සෝදා හැරීම

*වියළි සමට
කොළ 10-12ක් පල්පකර මිදි ඇට තෙල් බිංදු 3-4 යොදා මුහුණේ තවරා විනාඩි20 කින් සෝදා හැරීම.

*බ්ලැක් හෙඩ්ස් වලට
කොහොඹ තෙල් ගා වතුර සමව ගෙන මිශ්‍රකර කළු ලප ඇති තන්හි ගල්වා. විනාඩි 10 කින් සෝදා හැරීම
මෙය දිගටම කිරීමෙන් කළුලප සෑදීමද නවතිනු ඇති.

*මුහුණ පැහැපත් කිරීමට
කොහොඹ කොළ 10-15 ක පල්පය අඹරාගත් කහ කෑලි හා ජලය මිශ්‍ර කර තවරා විනාඩි 20 කින් සෝදා හැරීම.
උපුටා හැනීමකි.

Related Articles