Home LifestyleLiving නාන කාමරය තුළ ස්වභාවික පැලෑටි වැවීමෙන් ලැබෙන වාසි.

නාන කාමරය තුළ ස්වභාවික පැලෑටි වැවීමෙන් ලැබෙන වාසි.

by LADY.LK

නාන කාමරය කියන්නේ නිරන්තරයෙන්ම පිරිසිදුව හා පිළිවෙලට තියා ගන්න ඕන තැනක්. සමහර ගෙවල්වල නානකාමරවල රෙදි බේසම් පුරවලා. හැබැයි ඔබ හිතුවොතින් ඔබට මේ තත්වය වෙනස් කර ගන්න පුළුවන් . ගෙදරක ඇතුලත වගේම නානකාමරයේ ඇතුළතත් ඔබට ලස්සනට පිළිවළටපිරිසිදු තියා ගන්න පුළවන්.

ඔබ දන්නවද නානකාමරයක පැලෑටි, පුංචි පුංචි ගස් වර්ග තැබුවොත් මොකද වෙන්නේ කියලා. මේක නානකාමරයේ අලංකාරයට වගේම නානකාමරය තුළ වාතාශ්‍රපිරිසිදු කිරීමටත් හේතුවක් වෙනවා.

නමුත් ඔබ මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඔබ පැලෑටි තෝරා ගනිද්දී අඩු ආලෝක ප්‍රමාණයක් අවශ්‍යවන පැලෑටි තෝරා ගත යුතුයි. ඒ වගේම තමයි තෙතමනය අධික පරිසරයක හොඳින් වැඩෙන පැළෑටි ද නාන කාමරයක් තුළ තැබීම වඩා සුදුසුයි. උණ, කෝමාරිකා, ඕකිඩ් ආදිය වඩාත් සුදුසුයි. කෝමාරිකා වැනි ශාකයක් මල් පෝච්චි දෙක – තුනක හිටුවා තැබුවත් කමක් නැ. මොකද නාන කාමරයේ විෂ බීජ කෝමාරිකා පැළෑටිය හරි අපූරුවට අද්ද ගන්න නිසා..

Related Articles