Home FoodNutrition පැෂ්න්වල ගුණ

පැෂ්න්වල ගුණ

by LADY.LK

Passifloraedulis sIms ලෙස උද්භිද විද්‍යාත්මකව හදුන්වන වැල්දොඩම් ආකාර දෙකක් දක්නට ඇත.එනම් දම් පැහැති ආකාරය සහ කහ පැහැති ආකාරයයි.

මෙහි පෝෂණ අගය ගත් විට වැල් දොඩමි යුෂ ග්‍රෑම් 100ක ජලය ග්‍රෑම් 89 ශක්තිය කිලෝ කැලරි 37 ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 මේදය ග්‍රෑම් 0.2 කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 7.7 කැල්සියම් මිලි ග්‍රෑම් 10 පොස්පරස් මිලි ග්‍රෑම් 30 යකඩ මිලි ග්‍රෑම් 0.7 කැරෝටීන් මයික්‍රෝ ග්‍රෑම් 1968 තයමින් මයික්‍රෝ ග්‍රෑම් 10 රයිබෝප්ලේවින් මයික්‍රෝ ග්‍රෑම් 20 විටමින් සී මිලි ග්‍රෑම් 13 අඩංගු පෝෂණීය පානයකි.

වැල්දොඩමි යුෂ පානය කිරීමෙන් නිරෝගිමත් පැහැපත් සමක් ලබා ගැනීමට හැකිය.මෙහි විටමින් සී අඩංගු වෙන නිසා ඉක්මනින් වයසට යාම වලක්වන අතර ප්‍රතිශක්තිකරණ ද ඉහල යයි.
තවද නිරෝගී කෙස් කළබක් පවත්වා ගන්නත් පැෂන් ෆෘට් උදවි වෙනවා වගේම හිසකෙස් සමිබන්ධ රෝග ඇති වීමට ඇති අවදානම අඩු කෙරේ.
ඔබ නින්දට යන්න කලින් පැෂන් ෆෘට් වීදුරුවක් බීමෙන් සුව නින්දක් ලැබෙනවා සේම ආතතිය අඩුකර ගන්න පුළුවන් .පැෂන් ෆෘට් වල කැලරි සෝඩියම් මෙිදය අඩු නිසා මෙය ඔබගේ අනවශ්‍ය බර අවම කර ගන්නත් උදවි වේ.එමගින් ලස්සන හැඩකාර සිරැරක් ලබා ගන්නත් පුළුවන්.
පැෂන් ෆෘට් වල free radicals සහ ප්ලේවනොයිඩි බහුලව අඩංගු බැවින් ඉතා⁣ හොඳ පිලිකා නාශකයක් වෙි.මාංශපේෂි වල ක්‍රියා මනාව පවත්වාගෙන යන අතරම අධි රැධිර පීඩනය පාලනය කරනු ලබයි.තවද මල බද්ධය අර්ශස් හා ගුද මාර්ගයේ ඇතිවන දැවිල්ලට වැල්දොඩමි හොඳ ප්‍රතිකාරකයකි.

එසේම ඇසේ නිරෝගී බව රැක ගැනීමට හා රැධිරයේ හිමොග්ලොබින් වර්ධනය කිරීමට පැෂන් වලට හැකියාව ඇත.

වැල්දොඩමි යුෂ සේම කොල ද රසවත් සේම ගුනවත් ආහාරයකි.මානසික ආතතිය පහ කරයි.රැධිර ගත කොලෙස්ටරෝල් මර්ධනය හා දියවැඩියාව මර්ධනය කිරීමෙි මහඟු හැකියාවක් පැෂන් කොලේ ඇත.තව ද සුපර්බග් බැක්ටීරියා වලට එරෙහිව සටන් වැදීමෙි හැකියාවකින් ද යුක්තය.

උපුටා ගැනීමකි —

Related Articles