Home LifestyleLiving සතුටින් ඉන්නට කරන්න ඕන දේවල් 02

සතුටින් ඉන්නට කරන්න ඕන දේවල් 02

by LADY.LK

ඔයා සතුටින් නෙමෙයි නම් ඉන්නෙ එතන මොකක් හරි ගැටළුවක් තියෙනවා. නමුත් ජිවිතේ හරියට ගෙනියන්නට අපිට සතුට උවමනාමයි. ඒනිසා සතුට අපිට අත්‍යාවශ්‍ය දෙයක්. සතුට ලබාගන්න ඔබ කල යුතු දේවල් කීපයක් තමයි මේ කියල දෙන්න හදන්නෙ.
අපි කලින් ලිපියකින් ඒ පිලිබදව ටිකක් කතා කලා.

ඕනෑවට වඩා හිතන එක නවත්තන්න.
ඔයාට සතුට නැති වෙන්න ප්‍රධානම කාරණයක් තමයි, ගොඩාක් දේවල් ගොඩක් වෙලාව අරගෙන හිතන එක. අපිට හිතන්න පුලුවන්  නම් ඒක වටිනව. ඒත් වෙලාව ගොඩාක් වැය කරලා දේවල් හිතන එක ඒ තරම සුදුසු නෑ. ඒකෙන් වෙන්නෙ අපේ කාලය අපතේ යන එකයි. සතුටට බාධා නොවෙන්න ඒක නවත්ත ගන්නට වැඩ කරන්න.

වෙනස් කෙනෙක් වෙන්න බය වෙන්න එපා !
ඔබ සමහරවිට වෙනස් ඇති අනිත් අයත් එක්ක බැලුවාම. ඒකියන්නෙ ඔයාට සමහරවිට පෙම්වතෙක් නැති වෙන්න පුලුවන්. ඔයාගේ හැම යාළුවටම පෙම්වතුන් ඉන්න පුලුවන්. හැබැයි ඔයාට එයාලට නැති නිදහසක්, ජිවිතේ විඳින්න හැකියාවක් තියෙනව. ඒනිසා ඒ ගැන සතුටු වෙන්න. හරි කෙනා හරි වෙලාවට ඔයාට මුණ ගැහේවි.

ඔබේ සතුට අනිත් අය වෙනුවෙන් කැප කිරීමේදී පරිස්සම් වෙන්න.
මොකද පලවෙනි කාරණය තමයි ඔබගේ සතුට ඔබ වෙනුවෙන් තියෙන්න ඕන. ඉතින් සතුට කැප කරනවා නම් විශ්වාසවන්ත වෙන්න වැඩ කරගන්න මේ සතුට කැපකරන්න තරම් ඒ අය වටින බව.

ඔබ හැමවිටම අවශ්‍ය තරමට ඉන්න බව හිතන්න.
ඒකියන්නෙ ගෑණු ළමයින්ගෙ විශේෂ ලක්ෂණයක් තියෙනවා විශේෂයෙන් ආදරයකදි වගේ දේකදි මම එයාට සුදුසු මදි, නැත්නම් තව මම හොදින් ඉන්න ඕන කියන එක. ඒක හිතන්න උවමනා නැහැ. ඔබේ තත්වයට ඔබට ආදරය කරන කෙනා හුරු වෙන්න ඕන. ඔබත් එහෙම වෙන්න ඕන. ඒනිසා ඒ ගැන හිතල වද වෙන්න එපා. සතුටින් ඉන්න ඒ සතුට විඳින්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to live happyly. You can read the article and put your feedback on it. If you’re not happy, there’s a problem there. Happiness is a must for us. Here are some things you need to do to get happiness.

Related Articles