Home Health & WellnessPhysical Wellbeing ඉක්මන් මරණයක් කරා ඔබව රැගෙන යන රසවත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

ඉක්මන් මරණයක් කරා ඔබව රැගෙන යන රසවත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

by LADY.LK

“ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” කියන්නේ ලොක්කෝ පොඩ්ඩෝ හැම කෙනෙක් අතරම ඉතා ජනප්‍රිය කෑමක්. ඒත් බදින අර්තාපල් අල තීරු කෑමට ගන්න අය ඉක්මණින් මරණයට ළංවෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ. එංගලන්තේ පර්යේෂණ කන්ඩායමක් විසින් තමයි ඒ බවට හොයාගෙන තියෙන්නේ.

“ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගන්න පුද්ගලයෙක් සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව මෙම අධ්‍යයනයේ දී තහවුරු කර ගෙන තිබේ.

වසර අටක කාලයක් පුරා පැවැති මෙම අධ්‍යනයෙහි වාර්තාවට අනුව අධ්‍යනයට ලක් කළ වයස අවුරුදු 45-79 වයස් ඛාණ්ඩයේ පුද්ගලයන් 4440 දෙනාගෙන් “ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගත් 236 දෙනකු අවසන් වසර එනම් අටවැනි වසර වනවිට මිය ගොස් ඇත.

අධ්‍යනය අවසානයේ දී මිය ගිය පිරිස නිරතුරු ව බදින ලද අල තීරු හෙවත් “ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගත් අය බව මෙම පර්යේෂකයෝ ප්‍රකාශ කරයි.

මෙහිදී අධ්‍යනයට ලක් කළ 4440 දෙනාගේ ආහාර පුරුදු අධ්‍යනයට ලක් කර ඇති අතර ඔවුන් එම අවුරුදු 08ක කාලය පුරාවටම ආහාරයට ගෙන තිබෙන බදින ලද හා නොබදින ලද අර්තාපල් ප්‍රමාණය ද විශ්ලේෂණයට ලක් කර තිබේ.

මෙම පිරිසට පර්යේෂකයන් ආහාර හා සම්බන්ධ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඔවුන් ආහාරයට ගත් අර්තාපල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබෙන බවට වාර්තා වේ.

පෝෂණවේදිනියකවන ජෙසිකා තෝඩින්ට අනුව මෙම අධ්‍යයයනයෙහි ප්‍රතිඵලය පුදුම සහගත එකක් නොවන අතර ගැඹුරු තෙලෙහි බදින ලද අර්තාපල් ආහාරයට ගැනීමෙන් කැලරි, සෝඩියම් හෙවත් ලුණු හා ට්‍රාන්ස්මේදය පවා අධික වශයෙන් අයෙකුගේ ශරීරගතවීම එයට හේතු බව පෙන්වා දේ.

පෝෂණවේදීන්ට අනුව බදින ලද අර්තාපල් වෙනුවට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරය වනුයේ නිවසේදීම තනා ගත් උදුනක පුළුස්සාගත් (රෝස්ට්) අර්තාපල් අල ය.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about a healthiness of french fries  . You can read the article and put your feedback on it.

Related Articles