ඔබ දන්නා කියන පොඩ්ඩෙක් ගැන හෝ, ඔබේම පොඩ්ඩා ගැන මඳක් සිහිපත් කරගන්න. අපි පොඩි කාලේ හිටියට වඩා එයාලා හරිම smart කියලා ඔබට හිතෙන්නේ නැද්ද? තවත් විදියකට කියනවා නම්, වැඩිහිටි අපේ එක වචනයක්, එක ක්‍රියාවක් පවා පොඩ්ඩොන්ගේ හිත්වල විශාල කුතුහලයක් ඇති කරන්නට ප්‍රමාණවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් අපිව අනුකරණය කරන්න නිතරම සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉතින් එහෙනම් පොඩ්ඩො ඉස්සරහ කරන කියන දේවල් ගැන වැඩිහිටියෝ වෙන අපි සෑහෙන්න සැළකිලිමත් විය යුතුයි නේද? ඔබත් එහෙම හිතනවා නම් අපි මේ කියලා තියෙන කරුණු ගැනත් අවධානය යොමු කරන්න කියලා අපි සිහිපත් කරනවා.
කෝපයට පත්විම සහ රණ්ඩු වීම
කෝපය දැනීම සාමාන්‍ය මිනිස් හැඟීමක් වුණත් ඉවක් බවක් නැතිව පොඩි දරුවෝ ඉදිරියේ කෝපයට පත්වීම, කෑගැසීම සහ රණ්ඩු වීම නම් එතරම් සුදුසු දෙයක් නෙවෙයි. ඔබට බොහොම ප්‍රිය කරන පොඩ්ඩෙක් මේ දේවල් දිහා බොහොම අවධානෙන් බලාගෙන ඉන්නවා නම්, ඒ පොඩ්ඩා ඔබගේ කේන්තිය සහ කලබලකාරී හැසිරීම වීරකමක් විදියට සළකලා ආදර්ශයට ගන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ හැසිරීම නිසා බියට පත්වෙලා ඔබ ගැන පොඩ්ඩාගේ තියෙන ආදරණීය සිතිවිලි නැතිවෙලා යන්නත් ඉඩ තියෙනවා.
අනවශ්‍ය විහිළු සහ අසභ්‍ය වදන්
සාමාන්‍ය විනෝදාත්මක විහිළු තහළුවලින් ඔබ්බට ගිහින් කෙනෙක්ට අපහාසයක් විය හැකි, හිත් රිදීම් ඇතිවිය හැකි සහ ගැටුමකට වුණත් හේතුවෙන්න ඉඩ තියෙන ආකාරයේ විහිළු තහලු සිදුකිරීමත්, පුරුද්දක් විදියට අසභ්‍ය වදන් පැවසීමත් අනුමත කරන්න පුළුවන් විදියේ දේවල් නෙවෙයි. විශේෂයෙන්ම පොඩ්ඩෝ ඉන්න තැන්වල මෙවැනි දේවල් සිදු කිරීම එම අවස්ථාවේ සාමයට බාධාවක් වනවා විතරක් නෙවෙයි පොඩි දරුවොන්ට වැරදි ආදර්ශයක් වන්නටත් ඉඩ තියෙනවා.
Sexual activities
මේ කියන්නේ යුවලක් අතර හුවමරු කරගන්නා සාමාන්‍ය ආදරණීය සිපවැලඳ ගැනීම් ගැන නම් නෙවෙයි. පොඩි දරුවෝ සිටින තැන්වල, ඔවුන්ට පෙනෙන ආකාරයට වැඩිහිටියන් විසින් සිදුකරන sexual activities අයිතිවන්නේ “ළමා අපයෝජන” ගණයට බව වැඩිහිටියන් විසින් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මව්පියන් විසින් දරුවන් සමඟ එකම කාමරයේ නිදා ගන්නවා නම් මේ කියන කාරණය ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි කියලා අපි සිහිපත් කරන්න කැමතියි.
මත්පැන් සහ දුම්වැටි භාවිතය
මත්පැන් සහ දුම්වැටි භාවිතයේ ප්‍රතිඵල ගැන හොඳින් දැනුවත්ව සිටින පොඩ්ඩෝ වගේම වැඩිහිටියන් විසින් කරන ඕනෑම දෙයක් අත්හදා බලන්නට උත්සහ කරන පොඩ්ඩොත් ඉන්නවා. හොඳින් දැනුවත් දරුවෙක් නම් මත්පැන් හෝ දුම්වැටි භාවිතා කරන වැඩිහිටියෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වද වීමටත්, අනුකරණය කරන දරුවෙක් නම් ඒ දේවල් සිදු කරන්නටත් පෙළඹෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔබට දැඩි සෙනෙහසක් දක්වන දරුවෙක් නම් මේ තත්ත්වය තවත් බැරෑරුම් වෙන්නට ඉඩ ඇති බව අපි මතක් කරනවා.
දරුවාට ලබාදෙන උපදෙස් අනුව තමන් ක්‍රියා නොකිරීම
උදාහරණයක් විදියට ගත්තොත්, නිවාඩු දිනවල උදේම නැගිටලා, දත් මැදලා, මූණ සෝදාගන්න කියලා පොඩි දරුවෙකුට උපදෙස් දෙනවා නම්, ඊට පෙර තමන්ද ඒ දෙය සිදුකළ යුතු බව වැඩිහිටියන් විසින් වටහාගත යුතු වෙනවා. ආදර්ශයක් නොවී, උපදෙස් පමණක් ලබා දෙන වැඩිහිටියෙක් ගැන කිසිම ආකාරයක ආදර ගෞරවයක් දරුවා තුළ ඇතිවන්නට ඉඩක් නැති අතර හුදු බිය නිසා පමණක් ම උපදෙස් පිළිපැදීම සිදු කරන්නට ඉඩ තියෙනවා.
Electronic gadgets
Video games, mobile phones හෝ වෙනත් එවැනි ආකාරයේ උපාංගයකට ඔබ ඇබ්බැහි වෙලා නම්, එහෙමත් නැත්නම් නොනවත්වා රූපවාහිනිය නරඹනවා නම් ඔබගේ නිවසේ සිටින පොඩ්ඩොන්ට ඔබ ලබාදෙන්නේ යහපත් ආදර්ශයක් නම් නෙවෙයි. අධිකව digital screens භාවිතා කිරීම පොඩි දරුවොන්ට විතරක් නෙවෙයි ඔබටත් අහිතකර විදියට බලපාන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් සිටින ස්ථානවලදී ඔබ රස විඳින ගීත, චිත්‍රපට පවා වඩා සැළකිලිමත්ව තෝරාබේරා ගැනීමට උත්සහ කරන්න කියලා අපි සිහිපත් කරන්න කැමතියි.
White lies
වාහනයේ ගමන් කරන අතරතුර මාර්ග නීතී කඩකිරීමකදි, පොලිස් නිලධාරියෙක් විසින් ඔබව නතර කර කරුණු විමසනවා කියලා හිතන්න. ඒ අවස්ථාවේදි වරද පිළිගැනීම සහ බොරුවක් පවසා බේරී යෑම කියන විකල්ප දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද? බොරු කියා ගැළවී යාම ඔබේ තීරණය නම් වාහනයේ ඔබ සමඟ සිටින දරුවාට ඔබ ලබාදෙන ආදර්ශය නම් එතරම් යහපත් වන්නේ නැහැ. තමන් අපහසුතාවයට පත්වන අවථාවලදී බොරුවක් කියා පලායෑම පහසු විසඳුමක් විදියට පොඩ්ඩා තේරුම් ගත්තා නම් ඔහු එය ජීවිත කාලය පුරාම පවත්වාගන්නට උත්සහ කරන වැරදි පුරුද්දක් වන්නට ඉඩ තියෙනවා.
ආකල්ප
කම්මැලිකම උත්කර්ශයට නඟමින් කතා කිරීම, වගකීම් වෙනත් අයට පවරා ඇඟ බේරාගැනීම, සෑම දෙයක් ගැනම/ පුද්ගලයෙක් ගැනම complain කිරීම, කිසිම ආත්ම විශ්වාසයක් නැති weak අයෙක් විදියට ක්‍රියා කිරීම, අන් අයව පහත් තත්ත්වයට දමා කතා කිරීම, අපහාස කිරීම වගේ දේවල් ඔබ සිදු කරනවා නම් ක්‍රමක්‍රමයෙන් ඒ දුර්වලතා නිවැරදි කරගැනීමට ක්‍රියා කළයුතු වෙනවා. මොකද, එවැනි ආකල්ප, කතාබහ සහ හැසිරීම් ඔබට විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ඔබ වටේ ගැවසෙන පොඩ්ඩොන්ට ලබාදෙන්නෙත් යහපත් හැඟීමක් නොවීම තමයි මීට ප්‍රධානතම හේතුව වෙන්නේ.